(එම් .සුසිල් ප්‍රියන්ත )
මේ දිනවල ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මාදු ගඟ පිටාර ගලා බලපිටියේ ගම්මාන කිහිපයක්ම ජලයෙන් යටවී ඇත.
පාතමුල්ලට හා ඕවිලාන යන ගම්මාන දෙකට වැඩිම බලපැමක් ඉල්ලවී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
බලපිටිය මෝය කට වැලිවලින් ඇහිරී තිබීම නිසා වතුරෙන් යටවී තිබෙන ගම්මානවල වතුර බැස නොයන බවද ඔවුහු කියති.
වතුර බැස නොයාම හේතුවෙන් මෝය කට ශුද්ධකර දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් එය සිදු නොවුන නිසා අද (25 ) මෝය කට ශුද්ධ කිරීමට පටන්ගත් බව පාතමුල්ලේ හා ඕවිලානේ ප්‍රදේශවාසීහු පැවසූහ.
ප්‍රදේශවාසීන්ගේ සහයෝගයට බලපිටියේ ධම්මික හිමියෝද එම ස්ථානයට වැඩම කළහ.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.