(ඩයනා උදයංගනී)
බැඳුම්කර වංචාව පිළිබඳ සෙවීම සඳහා පත්කර ඇති ජනාධිපති කොමිසමේදී යම් යම් කරුණු හෙළිවන විට චෝදනා එල්ල වන පුද්ගලයින් එම චෝදනා වසා ගැනීමට ගොස් ගලේ පැහැරූ බළලා මෙන් හැම තැනම ගා ගනිමින් සිටින බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා පැවසීය.
මෙම චෝදනා එල්ල වන්නන් ජනාධිපතිතුමාට හෝ කොමිසමට බැනීම අනුමත කළ නොහැකි බව කී අමාත්‍යවරයා මෙම කොමිසමේ සිදුවන සාක්ෂි විමසීම්වලදී යම් යම් චෝදනාවලට ලක් වී ඇති මන්ත්‍රීවරුන් ඒ ගැන කතා නොකර සිටිනවා නම් හොඳ බව ද සඳහන් කළේය.
තමන් නිර්දෝෂී නම් ඔවුන් ජනාධිපති කොමිසමට ඉදිරි කටයුතු භාර දී සිටිය යුතු බව ද අමාත්‍යවරයා කීවේය.
අග්‍රාමාත්‍යවරයාට ද මෙම කොමිසම ඉදිරිපිටට යාමට සිදුවූ බව කී අමාත්‍යවරයා නිදහසින් පසු තමන්ගේ වැරදි සෙවූ එකම ආණ්ඩුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේත් මෙම ආණ්ඩුව බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු මොන පැත්තේ හිටියත් කියන ඒවා කවුද පිළිගන්නේ?
කිවුවොත් කියන්නේ කට කැඩිච්ච කථාමය..... ගත්තොත් ගන්නේ වැඩකට නැති තීරණය.... නිතරම හිතන්නෙත් හොද පැත්තට පනින්නය..... මමත් ඉතින් අම්බරුවෙකි දියවන්නඔය සිටින.........
බැඳුම්කර වංචාව ගැන අගමැතිවත් කොමිසමට කැඳෙව්වා එතුමත් උදච්චකම නැතුව ඇවිත් ගියා(නීතියට හිස නමන ගතියක් නව රජයේ පෙනෙන දෙයක්)එහෙත් එදා හොරකම් කරපු අය උසාවියට කැඳෙව්වාම ඒවටත් වරණ නියෝග ගන්නවා බලය නැතුව ඔහොමනම් ඇතුව කොහම කරයිද?
"බල්ලෙක් බිරුවට කන්දක් පාත් නොවේ"
මෙයා විහිලු කරන්නත් දන්නවා ආ මට අමතක උනා පාර්ලිමේන්තුවේ හැමෝම විහිලු කාරයෝ කියල
"අග්‍රාමාත්‍යවරයාට ද මෙම කොමිසම ඉදිරිපිටට යාමට සිදුවූ බව කී අමාත්‍යවරයා නිදහසින් පසු තමන්ගේ වැරදි සෙවූ එකම ආණ්ඩුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේත් මෙම ආණ්ඩුව බව ද සඳහන් කළේය." වෙන ආණ්ඩුවල සිටි අගමැතිවරු මේවගේ ජාතියටම බලපාන හොරකම්වලට අනුබල දුන්නේ වත හොරු සුද්ද කරන්න ගියේ වත් නැත . එම නිසා ඒ අගමැති වරුන්ට පෙනී සිටීමට කොමිසන් සභා අති වුනෙත් නැත. මේ අගමැතිට මෙතනට එන්නට සිදුවුනේ එයත් මේ බැංකු කොල්ලයට මුලදීම සම්බන්ද උන නිසාත් බැංකු කොල්ලය යටපත් කිරීමට උපාය ශීලීව කටයුතු කල නිසා බවත් 57 දනී. 62 එක දන්නේ නැත............
‘නිදහසින් පසු හොඳම ආණ්ඩුව මෙයයි‘ ඔව් අර ආණ්ඩුවේ ඉන්න කොට ඔහෙට ඕන ඕන විදිහට නටන්න දුන්නේ නැහැනේ. කොටින්ම මිනිස්සුත් ඔහේව එළවලා දැම්මානේ. බලමු මේසැරේ වෙන්නේ මොකක්ද කියලා.
ආණ්ඩුව හොඳ නම් අැයි බය?
කියලා වැඩක් නැත අප්පච්චි... පිළිතුරු දේවි ජනතාව ඡන්දේ ලඟ එනවනේ...
දේසපාලන තාත්තා කව්ද කියා දන්නේ නැති, ජනතාව පිළිකුල් කල, දේශපාලන අව්ජාතකයින් දැන් මහින්ද මහතාට අප්පච්චී කියන්න ලැහැස්ති වෙනවා වගෙයි. මහින්ද මහතා මුන්ට උප්පැන්න සහතික දෙන්න එපා.
සහතික ඇත්ත.
කවුරු කොමිසමට ආවත් වැඩක් නැත. මේ වංචාව පිලිබඳ මෙපමණ පැහැදිලි සාක්ෂි තිබෙද්දී තවම එකම සැකකාරයෙක්වත් අත්අඩංගුවට අරන් නඩු පවරා නොමැත.
මේවගේ කතා කියන්නේ රෙදි ඇඳගෙනද දන්නේ නැහැ..
ඇත්ත නේන්නන් "අප්පච්චි මලෝ". නැත්නම් ජනතාව පයින් ගහලා එලවපු මේ වගේ අය කොහොමද ඇතුලේ ඉන්නේ? ලබන පාර පොලියත් එක්ක ලැබෙයි.
"නිදහසින් පසු හොඳම ආණ්ඩුව මෙයයි" බලමු ලබන සැරේ ඔබ චන්දය ඉල්ලන පළාතේ ඉන්නේ නුවණක්කාර මිනිස්සුද නැතිනම් මෝඩ ගොබ්බයෝද කියලා.