IMG-LOGO

මහනුවරින් පක්ෂ 14 ක් ස්වාධීනව 11 ක් සටනට

චමිල් රූපසිංහ
 

මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 20 ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 14 කින් හා ස්වාධීන කණ්ඩායම් 11 කින් නාම යෝජනා පත්‍ර 115 ක් ඉදිරිපත් කළ බවත් ඒ සියල්ලම පිළිගත් බවත් මහනුවර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එච්.එම්.පී හිටිසේකර මහතා පවසයි.
 
මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 925 ක් ස්ථාපිත කෙරෙන අතර මධ්‍යස්ථාන 368 කදී ඡන්ද ගණන් කිරීමට නියමිත බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
 
මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන අයතන සඳහා තරඟ කිරීමට පිළිගත් නාම යෝජනා පත්‍ර සම්බන්ධව අද (21) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැති මාධ්‍යය හමුවකදී හිටිසේකර මහතා මේ බව කීවේය.
 
පූජාපිටිය ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රයේ කොට්ඨාශ දෙකක අපේක්ෂකයින් දෙනෙකුගේ නම් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර නොතිබීම නිසා ඉවත් කළ බවත් මීට අමතරව ස්වාධීන කණ්ඩායම් මගින් ඉදිරිපත් කළ නාම යෝජනා ලැයිස්තු වල සිටි අපේක්ෂකයින් 21 දෙනකුගේ නම්ද ඉවත් කර තිබේ.
 
දිව්රුම් ප්‍රකාශ නොදමීම,අපේක්ෂකයා අත්සන් නොකිරීම ඇතුළු අඩුපාඩු තිබූ බවත් පිළිගත් දේශපාලන පක්ෂ 14 කින් හා ස්වාධීන කණ්ඩායම් 12 කින් ඇප මුදල් තැන්පත් කර තිබූ නමුත් එක් ස්වාධීන කණ්ඩායමක් නාම යෝජනා ඉදිරිපත් නොකළ බවද තේරීම්භාර නිලධාරී හිටිසේකර මහතා පැවැසීය.
 
එක්සත් ජාතික පක්ෂය,එක්සත් ජනතා නිදහස් සන්ධානය,ජනතා විමුක්ති පෙරමුණ හා ශ්‍රීලංකා පොදුජන පෙරමුණ සියලු පළාත් පාලන අයතන සියල්ල සඳහා නාම යෝජනා ලබාදුන් බවද එහිදී සඳහන් කළේය.



අදහස් (0)

මහනුවරින් පක්ෂ 14 ක් ස්වාධීනව 11 ක් සටනට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site