සුමතිපාල දියගහගේ
ඉවත දමන දුම්රිය ප්‍රවේශපත්වලින් නිර්මාණය කරන ලද ගල්කණු හතරක් සහිත චෛත්‍යයක ආකෘතියක් වෙසක් උත්සවය නිමිත්තෙන් ගාල්ල ප්‍රධාන දුම්රිය ස්ථානයේදී ප්‍රදර්ශනය කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙකු පියවර ගෙන තිබේ.
අඩි හතරයි අඟල් හයක් පමන උස චෛත්‍යය සහ ගල් කණු හතර නිර්මාණය කිරීමට ඉවත දමන ලද දුම්රිය ප්‍රවේශපත් හැට පන් දහසක් යොදා ගත් බව මෙම නිර්මානය ඉදිරිපත් කරන ලද ජී ඩබ්ලිව් ප්‍රසන්න ද සිල්වා පැවසීය.
‘මම කුඩා කාලයේ සිටම කලාවට ලැදියි. ඒ නිසා විටින් විට විවිධ නිර්මාණ ඉදිරිපත් කළා. මෙම චෛත්‍යය සහිත ගල්කණු හතර සහ අට පට්ටම් කූඩු හතරක්ද නිර්මානය කළා. මෙම චෛත්‍ය සකස් කිරීමට මට මාස හයක පමන කාලයක් ගතවුණා. විවේකය තියන වෙලාව මේ සඳහා යොදා ගත්තා.
ගාල්ල හා අවට දුම්රිය ස්ථානවලින් ඉවත දමන දුම්රිය ප්‍රවේශපත් එකතු කර ගෙන නිර්මාණය කළා. මගේ පුතාත් මේ නිර්මාණය සකස් කිරිමේදී උදව්කළා.ඒ වගේම ගාල්ල දුම්රිය ස්ථානාධිපතිතුමා ඇතුලු කාර්ය මණ්ඩලය මේ සදහා මට සහාය දුන්නා.‘යැයි ප්‍රසන්න ද සිල්වා පැවසිය.


2025 දෙසැම්බර් මස 18
164
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
150
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
958
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය ප්‍රවේශපත්වලින් වෙසක් නිර්මාණයක්
rama Monday, 30 April 2018 11:11 AM
අනේ පින්තූරයක් වත් දන්න එපැය.
Udarath Tuesday, 01 May 2018 09:12 AM
මමත් හැදුවා වෙසක් කුඩු දෙකක් ...
Senarath Wednesday, 02 May 2018 08:24 AM
ඉතාම හොඳ නිර්මාණයක්. මුදල් වියදම් වීමකුත් නැහැ.