(නිමන්ති රණසිංහ)

පිටකොටුව හෙට්ටිවීදියේ ස්වර්ණාභරණ වෙළෙඳ සැලක ප්‍රදර්ශනයට තබා තිබූ රුපියල් දෙලක්ෂ හැත්තෑපන්දහසක් වටිනා රන් මාලයක් සොරකම් කළ සැකකාරියන් දෙදෙනකු සහ සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මහජන සහාය පතයි.

මෙම සැකකරුවන් ඉකුත් 22 වැනිදා අදාළ ස්වර්ණාභරණ වෙළෙඳ සැලකට පැමිණ කුඩා දැරියක ලවා මෙම සොරකම සිදුකරන අයුරු සී සී ටී වී දර්ශනවල පටිගතව ඇතැයි ද පොලිස් මුලස්ථානය සදහන් කරයි.

ස්වර්ණාභරන මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණ සොරකමේ යෙදුන මෙම සැකකරුවන් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා මේ වන විට පිටකොටුව පොලීසිය විමර්ශන සිදු කරයි.

ඒ අනුව, මෙම සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 0718591555 සහ 0112320734 දරන දුරකතන අංක අමතා පිටකොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.