(විමුක්ති එස් රුද්‍රිගු )
දෝහා කටාර් හි ජනවාරි 27 වෙනි දින අල් - වාබ් ප්‍රදේශයේ ආරක්ෂක නිලධාරියෙකු කටාර් තරුණයෙකු විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බවත් ඔහු ශ්‍රී ලාංකිකයෙකු බවත් කටාර් පුවත් සේවා වාර්තා කරන ලදි.
මාධ්‍ය මේ පිළිබඳ වාර්තා කිරීමත් සමග විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ අවධානය මේ සම්බන්ධව යොමු වී ඇත.
එම හේතුවෙන් කටාර් තානාපති කාර්යාලයේ කම්කරු අංශය මේ පිළිබඳ සොයා බැලීමට යොමු කර ඇති අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ කටාර් තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ ප්‍රධානී නීතිඥ කීර්ති මුතූ කුමාරණ මහතා සිද්ධිය සිදු වූ පළාතේ රෝහලට ගොස් ඔහු ශ්‍රී ලාංකිකයෙකු නොවන බව සොයා ගෙන ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd