
(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජනතා විමුක්ති පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යන මහත්වරුන් සම්බන්යෙන් දේශපාලන පළිගැනීම් පිළිබද ජනාධිපති කොමිසම සිදුකර ඇති නිර්දේශයන්, විශේෂ ජනාධිපති කොමිසමේ තීන්දුව ප්‍රකාශයට පත්කරන තෙක් ක්‍රියාත්මක නොකරන බව ජනාධිපති ලේකම් ගාමිනි සෙනරත් මහතා අභියාචනාධිකරණයට අද (14) දැනුම් දුන්නේය.
ජනාධිපති ලේකම් ගාමිනී සෙනරත් මහතා වෙනුවෙන් අභියාචනාධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නිතීඥ මිලින්ද ගුණතිලක සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ යන මහත්වරුන් මෙම දැනුම් සිදුකරනු ලැබුවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඇතු`ථ පිරිසක් ගොනු කර තිබූ රිට් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීය.
තමන්ට එරෙහිව දේශපාලන පළිගැනීම් පිළිබද ජනාධිපති කොමිසමින් කර ඇති නිර්දේශයන් බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතු`ථ පිරිසක් ගොනුකර තිබූ මෙම රිට් පෙත්සම් ලබන අප්‍රේල් මස 05 වැනිදා යළි කැඳවිමට අභියාචනාධිකරණය අද (14) නියෝග කළේය.
නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඩී. එම්. සමරකෝන් සහ ලෆාර් තාහීර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම රිට් පෙත්සම් අද (14) යළි කැදවිණී.
පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නිතීඥ ජේ. සී. වැලිඅමුණ යන මහත්වරුන් විසින් ගොනු කරනු ලැබ ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් දේශපාලන පලිගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා, හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රසිරි ජයතිලක, හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා ඇතුලු පිරිසක් නම් කරනු ලැබ ඇත.
දේශපාලන පළිගැනීම් සොයා බැලීම පිළීබද ජනාධිපති කොමිසම තමන් සම්බන්ධයෙන් සිදුකළ නිර්දේශයන් බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත්, තමන් විශේෂ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ සිය පෙත්සම්වලින් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd