
අංගමුව වැව
(දයාරත්න ඇඹෝගම)
අධික වර්ෂාව හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහාවාරි ජලාශ 14 න් 7 ක් මේ වන විට වාන් දමමින් පවතින බව අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.මැදිවක මහතා පැවසිය.
මේ වන විට තිසාවැව , අභය වැව , මහවිලච්චිය , රාජාංගනය , අංගමුව හා තුරුවිල යන ජලාශ වාන් දමමින් පවතී.
අනුරාධපුර ප්‍රාධාන ජලාශවල ජල මට්ටම් පහත දැක්වේ.
නුවර වැව - 77%, තිසාවැව - 100%, අභය වැව - 100%, මහවිලච්චිය - 100%, මහකනදරාව -69%, රාජාංගනය -85%, අංගමුව - 100%, නාච්චාදූව -79%, තුරුවිල -100%, හුරුළුවැව - 43%, මානන්කට්ටිය - 46%, පදවිය -43%, වාහල්කඩ - 38%, කලාවැව - 96% වශයෙනි.
අනුරාධපුර දිස්ත්‍රිකයේ පිහිටි කුඩා වැව් 3,300 ක් පමණ ප්‍රමාණයක්ද මේවන විට ජලයෙන් පිරි ඉතිරි වාන් දමන මට්ටමට පැමින ඇති බවද පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ ජයන්ත හේරත් මහතා පැවසිය.

රාජාංගණය වැව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd