(ජයන්ත සමරකෝන්)
වසර 30 කට අධික කාලයක් තිස්සේ හොරෙන් ජලය ලබාගත් බවට වරද පිළිගත් ත්‍රිකුණාමලය චීන වරාය ඉදිරිපිට හෝටලයක හිමිකරුවෙකුට රුපියල් ලක්ෂ 18 ක දඩ මුදලක් ගෙවීමට නියම කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වැටලීම් ඒකකය පවසයි.
එල්ටීටීඊ සමයේ සිටම මෙම හෝටලයට ප්‍රධාන ජල සම්බන්ධතාවය හරහා අමතර සම්බන්ධතාවයක් මගින් මෙම ජල සොරකම කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් අද පැවසීය.
ත්‍රිකුණාමලය ජල සම්පාදන මණ්ඩල ප්‍රාදේශීය කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකළ බවද එම ප්‍රකාශකයා කීය.
මෙහිදී හෝටල් හිමිකරුට නීත්‍යානුකූල ජල සම්බන්ධතාවයක් ලබාදීමට පියවර ගත් බවද මණ්ඩලය සඳහන් කළේය.

COMMENTS
හොරෙන් වතුර ගත් හෝටල් හිමිකරුවාට ලක්ෂ 18ක දඩයක් කියන්නේ ඉතාම සිල්ලර දඩයක් නොවේද? මම ගණිතයට එතරම් දක්ෂ නැති වුණත් මගේ ගණන්කිරීමේ හැටියට එම දඩය මසකට රුපියල් 5000 වෙයි. මම වැරදි නම් කියන්න. වසර 30ක් තිස්සේ, මේ මනුස්සයා පාවිච්චි කරපු ජල ප්‍රමාණය ලීටර් ලක්ෂ කීයක්ද, නැත්නම් ඝන මීටර් කීයක්ද කියා ගණන් බැලුවාද, මේ පොඩි දඩය නියම කිරීමට පෙර ? ඔහුගේ හෝටලයට මේ ඇති විශාල ජල කඳ මගින් ලැබුණු ආදායම ලක්ෂ කීයක් වෙනවද? මීට වඩා දැඩි දඬුවමක් ඔහුට නොදීමට අදිසි හස්තයක් පිහිට වුණා කියා මගේ ආච්චි කියනවා. මෙයට මන්ත්‍රී කෙනෙක් හෝ වෙන ඇමතිකෙනෙක් හෝ තල්ලුවක් දෙන්න ඇත කියා සීයාගේ අදහසයි. මේකට තමා සකල සිරින් පිරි සිරි ලංකාවේ "අවනීතිය" කියන්නේ...!!!
ජල සම්පාදන නිලධාරීන් මෙතරම් කාලයක් මෙය නොදැන හිටියා වෙන්න බැහැ.
අපිට හොරෙනුත් නැහැ... නීතියටත් නැහැ... ඉස්සර නම් කියන්නේ ජනතාවට වතුර ටිකවත් දෙන්න බැරි ආණ්ඩුව කියලා දැනුත් ඒ ආණ්ඩුවමයි අපරාදේ ඡන්දෙට වියදම් කරන සල්ලි...