මහජන තීන්දුවට ගරු කරමින් ක්‍රීඩා, විදුලි සංදේශ සහ විදේශ රැකියා පිළිබඳ අමාත්‍ය ධූරයෙන් තමන් ඉල්ලා අස්වන බව හරීන් ප්‍රනාන්දු මහතා අද (17 වැනිදා) දහවල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.
ඒ සමගම එක්සත් ජාතික පක්ෂයේ තමන් දැරූ සියලු තනතුරු වලින්ද ඉල්ලා අස්වන බව හරීන් ප්‍රනාන්දු මහතා නිවේදනය කරයි.
“මගේ ධූර කාලය ඇතුළතදී මට සහයෝගය දුන් සියලු දෙනාටම ස්තුතිය පළකිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා. මා විසින් කරන ලද හොඳ දේවල් දිගින් දිගටම පවත්වාගෙන යනු ඇතැයි මා විශ්වාස කරනවා“ යයිද හරීන් ප්‍රනාන්දු මහතා සිට ට්විටර් පණිවුඩයේ සටහන් කර තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හරීන් ඇමැති තනතුරු අතහැර යයි
Hasitha Perera Sunday, 17 November 2019 06:55 AM
පක්ෂය බෙදුව ඔබ යන එක හොදයි.
සුදම් රණවීර Sunday, 17 November 2019 07:00 AM
එජාපය අමාරුවේ දැමූ අය.......
anura Sunday, 17 November 2019 07:02 AM
ඔබගේ ආගමික විශ්වාසය ඇදහූ සියගණනකගේ ජීවිතය බේරා නොගත්තාට ඉදිරි ජීවිත කාලය පුරා ඔබට පසුතැවිලි වීමට වෙයි.
RaveendraSunday, 17 November 2019 08:05 AM
අනුර මයා වෙත, ඔබ තමයි සියලුම ලාංකිකයන්ට තම තමන් අදහන ආගමට අනුව වැදගත් මෙන් ඉතා වටිනා අදහසක් ඉදිරිපත් කර ඇත්තේ. අප ඔබට අපගේ අවංක ස්තුතිය පුද කරන්නෙමු. කිනම් ආගමක් ඇදහුවත් අප මනුස්සයෝය. මනුෂයන්ට මෙන් සත්වයන්ටද මෙලොව ජීවත්වීමට අයිතියක් ඇත. මනසින් උසස් යයි කියන මිනිසත්වයාගේ එකෙකු විසින් තමන්ගේ තාත්තා කියූ එය තමන්ගේම මිනිස් වර්ගයාට නොකීවේ මන්ද ? එය අපට අදටත් ප්‍රශ්නයකි.
Bandara Sunday, 17 November 2019 07:07 AM
බෝම්බ ගැන දන්නවනම් ආයේ අපිටත් කියන්න.
මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Sunday, 17 November 2019 07:09 AM
මෙන්න මිනිස්සු........
Lankaputha Sunday, 17 November 2019 07:14 AM
ගෙම්බන් පැනීම පටන්ගෙන ඇත.
ජීවිත Sunday, 17 November 2019 07:26 AM
ඔබ වැන්නන් ඉවත් වීම පුදුමයක් නොවේ.
amila Sunday, 17 November 2019 07:53 AM
කරුණාකරලා දේශපාලනෙන්ම ඉවත් වෙලා වෙන වැඩක් බලාගන්න. රටටත්, ජනතාවටත් ආශිර්වාදයක් වෙන්නේ ඔබ එහෙම තීරණයක් ගත්ත දාටයි.
Rasika Pradeep Sunday, 17 November 2019 08:14 AM
නොගියත් දැන් කාලේ ඉවරයි ලොක්කා. ඔයාලා වපුරපුවගේ අස්වැන්න අරගෙනම යන්න. මගේ රටට ආදරේ මිනිස්සු තවම ඉන්නවා කියලා විතරක් මතක තියාගන්න.
රවින් Sunday, 17 November 2019 08:20 AM
තාත්තා කිව්වද ඉල්ලා අස්වෙන්න කියලා.....?
සේනක Sunday, 17 November 2019 09:11 AM
ඈ මහත්තයෝ, ඡන්දයෙන් පරදින්නම ඕනි යන්න නේද? දැන් ඉතින් ඕගොල්ලන් යන්න ඕනි නැහැ. නිකම්ම යැවෙනවා.