IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හම්බන්තොට 1240ක් අවතැන්

(අනීෂා මානගේ)
 
හම්බන්තොට දිස්ත්‍රික්කයට බලපෑ වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් පවුල් 362ක පුද්ගලයන් 1240ක් අවතැන් වී ඇතැයිද, නිවාස 200කට පමණ අර්ධ හානි සිදුව ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා කියයි.

තංගල්ල, බෙලිඅත්ත, මාරකොල්ලිය, වීරකැටිය, කපුගම්පොත, රන්න, ඕකෙවෙල, සිටිනාමළුව, හම්බන්තොට ආදී ප්‍රදේශ රැසක නිවාස අද පෙරවරු කාලය වනවිටත් ජලයෙන් යටවී තිබිණි.

එම ප්‍රදේශවල ජලය බැස නොයාම හේතුවෙන් සාමෝදාගම විහාරස්ථානය, සීතාරාමය සහ වීරකැටිය කපුගම්පොත පුරාණ විහාරයේ පිහිටුවා ඇති අවතැන් කඳවුරු තුනක අවතැන් වූ පුද්ගලයන් රඳවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිසිදු ජීවිත හානියක් හා තුවාල වාර්තා වී නොමැත.

අවතැන් වූ පුද්ගලයන් බේරා ගැනීම සඳහා අවශ්‍ය වුවහොත් බෝට්ටු යෙදවීමටද සූදානම් කර ඇතැයි යුධ හමුදාවේ තංගල්ල කඳවුරේ නිලධාරීහු පැවසූහ.

අවතැන් වූ ජනතාවට පිසූ ආහාර ලබා දීම ආරම්භ  කර ඇතැයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියයි. පොලිස් නිලධාරීන්, නාවික හමුදා නිලධාරීන්, යුධ හමුදා නිලධාරීන්, ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නිලධාරීන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් සහන සැලසීමට යොදවා ඇතැයිද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියයි.



අදහස් (0)

හම්බන්තොට 1240ක් අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site