IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


සහශ්‍රය සැමරීමට විශේෂ මුද්දරයක්

(දසුන් රාජපක්ෂ)

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මෙම වර්ෂයේ පෙබරවාරි 20 වැනි දා සහශ්‍රය සැමරීම සඳහා විශේෂ මුද්දරයක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි නියෝජ්‍ය තැපැල්පති මෙහෙයුම් රාජිත රණසිංහ මහතා අද (18) පැවසීය.

සහශ්‍රය සැමරීමේ මුද්දරය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට තැපැල් දෙපාර්තමේන්තු මූලස්ථානයේ දී හෙට (20) නිල වශයෙන් පිරිනැමෙන බව ද  රාජිත රණසිංහ මහතා සඳහන් කළේය.

රුපියල් 35 ක වටිනාකමකින් යුත් නේපාලයේ සහ ශ්‍රී ලංකාවේ රූපයන් ඇතුළත් මෙම මුද්දර හෙට දින සිට දිවයිනේ සියලු තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාලවලින් ලබාගත හැකි බවද රණසිංහ මහතා කියා සිටියේය.

අනිද්දා (20) සිට 23 වැනිදා දක්වා කොළඹ ඩී ආර් විජයවර්ධන මාවතේ පිහිටි තැපැල් දෙපාර්තමේන්තු මුද්දර කාර්යාංශයේ දී විශේෂ මුද්දර දැක්මක් සංවිධානය කර ඇති බවද ඒ මහතා කීය.

නියෝජ්‍ය තැපැල්පතිවරයා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (18) පැවැති මාධ්‍ය හමුවකදීය.



අදහස් (0)

සහශ්‍රය සැමරීමට විශේෂ මුද්දරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site