IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සීමානිර්ණ සමාලෝචන වාර්තාව 31ට පෙර ඉල්ලයි

(රංජන් කස්තුරි)

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාල සීමානිර්ණ සමාලෝචන කමිටුවේ වාර්තාව අනිවාර්යෙන්ම මේ මස 31 වැනිදින වනවිට බාරදිය යුතු යැයි මැතිවරණ කොමිෂන් සභාව අද (11) දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.

එම සමාලෝචන කමිටු වාර්තාව ලබාදීමට තවත් අතිරේක මාස දෙකක කාලයක් ලබාදිය යුතු බවට අගමැතිවරයාගේ කමිටුව කර තිබෙන ඉල්ලීම ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයෝ එය ප්‍රතික්ෂේප කර තිබේ.

පළාත් සභා මැතිවරණ පනතට අනුව කිසිසේත් අතිරේක මාස දෙකක කාලයක් ලබා දිය නොහැකි බවද එසේ ලබාදීමට එම පනතේ ප්‍රතිපාදන නැතැයිද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා ශ්‍රවණාගාරයේ අද පැවැති දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ විශේෂ සාකච්ඡාවේදී සඳහන් කර තිබේ.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය නීතිමය තත්ත්වයන් සලකා ගැනීමට සියලුම දේශපාලන පක්ෂවල සහය අපේක්ෂා කරන බවද එහිදී මැතිවරණ කොමිෂන් සභාව පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දී ඇත.

ඒ අනුව ලබන වසරේ ජනවාරි මස අග භාගයේදී පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂාකරන බවද එම සාකච්ඡාවේදී සඳහන් වී තිබේ.

නව ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා දැනට පවතින අණපනත් හි කළ යුතුව තිබෙන යම් යම් සංශෝධන කඩිනමින් පාර්ලිමේන්තුවේදී සම්මත කර දීමට අපේක්ෂා කරන බවද එම සාකච්ඡාවට සහභාගි වූ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුද්තාපා මහතා සඳහන් කර තිබේ.



අදහස් (0)

සීමානිර්ණ සමාලෝචන වාර්තාව 31ට පෙර ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 156 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 777 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 378 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site