(අජන්ත කුමාර අගලකඩ)
වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම සඳහා ඉකුත් වසර 10 ක කාලය තුළ රාජ්‍ය බැංකු දෙකකින් හා මහා භාණ්ඩාගාරයෙන් ලබාගෙන නොපිය වූ ණය ප්‍රමාණය රුපියල් කෝටි 2000 ක් පමණ වන බව මුදල් අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි.
වී අලෙවි මණ්ඩලය ඉකුත් වසර 10 තුළ ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් ලබාගෙන ඇති ණය මුදල රුපියල් කෝටි 1142 ක් පමණ වන අතර ඒ සඳහා ගෙවිය යුතු පොළිය රුපියල් කෝටි 200 ක් පමණ වන බව පැවසේ.
ඒ අනුව මණ්ඩලය ඉකුත් වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට රාජ්‍ය බැංකු දෙකට පමණක් ගෙවිය යුත ණය හා පොළි ප්‍රමාණය රුපියල් කෝටි 1362 ක් පමණ වනු ඇතැයි මුදල් අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි.
මෙම ණය ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමටත් ඒ වෙනුවෙන් අනුමැතියක් මහාභාණ්ඩාගාරයෙන් ලබාගැනීමටත් අමාත්‍යාංශය අපේක්ෂා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වී අලෙවි මණ්ඩලය ණය අරන් තියෙන්නේ අනිත් අමාත්‍යංශ මණ්ඩල වල වගේ ලොක්කන්ට යානවාහන ගන්න වත් රට සවාරි යන්නවත් නොවෙයි, ගොවීන්ගෙන් වී මිලදී ගන්න. ඇත්තම කියනවනම් මේ මුදල අපේ ගොවින් ආරක්ෂා කිරීමට රජයෙන් යෙදවූ මුදලක් හා සමානයි. එමගින් වීමෝල් හිමියන් ඉතා අඩු මුදලකට ගොවීන්ගෙන් වී මිලදී ගැනීම තරමක් හෝ වළකින්නට ඇති. වරද ඇත්තේ ඒ සහනාධාරය ගොවින් අතටම නොයාමයි. ජපානයේ වී වගාව ආරක්ෂා කරගැනීමට රජයෙන් විශාල මුදලක් යොදවනවා. ගොවීන්ගෙන් වී මිලදී ගන්නේ වෙළඳපොලේ මිලට වඩා ඉතා ඉහල මිලකට. ඒ ගොවීන්ගේ අදායම රටේ සාමාන්‍ය ඒකපුද්ගල හා සමානව තබාගැනීමට. නොඑසේනම් ගොවින් ගොවිතැන අත්හැර දමා වෙනත් වැඩි වැටුප් සහිත රැකියා වලට යන නිසා. වෙන එකක් තබා ඇමෙරිකාව කොපමණ අඩුමිල සහල් අපනයනය කලත් ජපානයේ වී ගොවිතැන පවත්වාගෙන යන්නේ මේ ක්‍රමයෙන්. අපේ රටෙත් එවැනි ක්‍රමයක් ඇති නොකලොත් නුදුරු දිනයක රට කාර්මික රටක් වීමේදී ගොවින් ගොවිතැන අත්හරිනු නියතයි.