(අජන්ත කුමාර අගලකඩ)
රාජ්‍ය ආයතනවලට වාහන මිලදී ගැනීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමටත් මේ වසරේ ඉදිරි මාස දෙක තුළ අලුතින් ව්‍යාපෘති ආරම්භ කිරීම නතර කිරීමට සහ අත්‍යාවශ්‍ය නොවන කාර්යාල උපකරණ ආදීය මිලදී ගැනීම ලබන වසර තෙක් කල්දැමීමටත් මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ පිළිබඳ උපදෙස් ඇතුළත් විශේෂ චක්‍රලේඛනයක් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස් සමරතුංග මහතා විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් , පළාත් ප්‍රධාන ලේකම්වරුන් , දෙපාර්තමේන්තු ප්‍රධානීන්,සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපතිවරුන් වෙත නිකුත් කරනු ලැබ තිබේ.
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ඇති වූ අභ්‍යන්තර ආර්ථික තත්ත්වය තුළ මේ වසරේ රජයේ අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වීමත් රජයේ ණය ගැනීමේ සීමාව ඉක්මවා යාමත් සැලකිල්ලට ගනිමින් මෙම වියදම් සීමා කරන බව මුදල් අමාත්‍යාංශය විසින් යවන ලද චක්‍රලේඛනයේ සඳහන් වේ.
මීට අමතරව සියලුම රාජ්‍ය ආයතනවල ප්‍රාග්ධන වියදම් ද තමන් සියයට 10 කින් කපා හරින ලෙසද මුදල් අමාත්‍යාංශය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට සහ සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන්ට දැනුම් දී ඇත.
සියලු රාජ්‍ය ආයතනවල ප්‍රාග්ධන වියදම් සියයට 15 කින් කපා හරින ලෙස දැන්වීමක් මුදල් අමාත්‍යාංශය ඉකුත් අප්‍රේල් මස 8 වැනිදා චක්‍රලේඛනයක් නිකුත් කර තිබිණි.
ප්‍රමුඛ නොවන ව්‍යාපෘති සහ මෙතෙක් ආරම්භ කර නොමැති අයවැය යෝජනාවල ඇතුළත් ව්‍යාපෘති ආරම්භ කිරීම ලබන වසර තෙක් කල්දමන්නැයි මුදල් අමාත්‍යාංශය ඉකුත් දා නිකුත් කළ චක්‍රලේඛනයේ දැනුම් දී ඇත.
මේ වසරේ ඉතිරි කාල සීමාව සඳහා වහා භාණ්ඩාගාරයට මුදල් කළමනාකරණය කර ගැනීමට හැකිවන සේ සියලුම ආයතන වල ලබන දෙසැම්බර් මස දක්වා වියදම් සැලැස්ම ජාතික අයවැය දෙපාර්තමේන්තුවට එවන්නැයි ද මුදල් අමාත්‍යාංශය උපදෙස් දී තිබේ.
COMMENTS
සමහර රාජ්‍ය ආයතනවල වාර්ෂිකව පවත්වන භාණඩ සමීක්ෂණයෙන් මොනවා හෝ දෙයක් වෙන්දේසි කිරීමට කටයුතු කරන බවක් දැක ඇත්තෙමි. මෙහිදී අළුත්වැඩියා කලහැකි දෙවල් පවා විකුනා අළුත්දේ ගැනීමට කටයුතු කරන බවත් ඇත. ඒ ගැන අවධානය යොමුකිරීමත් සුදුසුයි
ප්‍රාග්ධන වියදම් පමණක් නොවයි පුනරාවර්තන වියදම්ද කපා හැරිය යුතුය. රාජ්‍ය ආයතනවල වාර්ෂික විගණකාධිපති වාර්තා මුදල් අමාත්‍යාංශයේ ලේකම් කියවා, අවශ්‍ය පියවර ගන්නේ නම් විශාල මුදල් ඉතිරියක් කර ගත හැක.
තරඟකාරී ටෙන්ඩර් පටිපාටියේ නොවන ව්‍යාපෘති හැමදාටම නැවත්තුවොත් නරකද? දැනට මෙවන් රටට වී ඇති හානිය දැනගත්තොත් ජනතාව ඉහේ අත ගහ ගනීවි.
කොහොමද යුද්ධයක් එහෙම තිබ්බානං? ආර්ථිකය ඍණ වෙලා නවතින්නේ
තව වාහන මොකටද 16 වෙනිදායින් පසුව.
හරියට හරි. හොඳ වැඩක්. සියලු රාජ්‍ය ආයතන සතු වාහන ගණනය කර විගණනය කරන්න. තම තමන්ගේ ආයතන සතු වාහන සංචිතය හරි හැටි දන්නේ ආයතන ප්‍රධානින් කීයෙන් කීදෙනාද? පහුගිය ටිකේ තිබුනානේද සෞක්‍ය අමාත්‍යංශය සතු වාහන 500 කට වැඩි ප්‍රමාණයක් ආගිය අතක් නැහැ කියලා? ජනාධිපති සංචිතයෙන් ? තව තව රාජ්‍ය ආයතන වලින්? සමහර කට්ටිය වාහන දෙකතුන ගෙදර ගෙනහිල්ලා? මේ ඔක්කොටම වියදම් වෙලා තියෙන්නේ මහජන මුදල්. විගණනකාධිපති වාර්තාවෙන් පසුව පමණක් අලුත් වාහන මිලදී ගන්න. යන යක්කු කොරහත් බිඳගෙන යන්න වගේ හදන්නේ?