IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වසර 4 කට පසු හිගුරක්ගොඩ සහල් සැකසුම් මධ්‍යස්ථානයේ වැඩ අරඹයි


(ඩබ් ඒ පියතිලක)
 
වසර 4කට පසු හිගුරක්ගොඩ සහල් සැකසුම් මධ්‍යස්ථානයේ සහල් නිෂ්පාදනය කිරිම  අද (31) ආරම්භ කළ බව සමුපකාර තොග වෙළද සංස්ථාවේ(ස.තො.ස.) නියෝජ්‍ය සභාපති නිතීඥ තුෂාර  දිසානායක මහතා පවසයි.
 
 ඒ මහතා මෙසේද කීවේය.
 ජනාධිපති තුමාගේ උපදේස් පරිදි  නැවැත අද දින මේ සහල් සැකසුම් මධ්‍යස්ථානයේ වැඩ ආරම්භ කළා.  මේ හිගුරක්ගොඩ සහල් සැකසුම් මධ්‍යස්ථානය ආරම්භ කරන්නේ 1998 වසරේ ඉන්දියාවේ ආධාර මතයි.
 
මෙම සහල් මධ්‍යස්ථානයේ කැකුළු සහ තම්බන(ස්ටීම්)  සහල් තමයි නිෂ්පාදනය කලේ. කොහොම හරි  කාලයක් යනකොට තම්බන ලද සහල් නිෂ්පාදන අංශය  විනාශ වෙලා ගියා .
කිසිවෙකු එය නැවැත යථා තත්වයට ගැනිමට කටයුතු කලේ නැ.  කෙසේ නමුත් කැකුළු අංශය  ටික ටික කරගෙන ගියා .
 
පස්සේ  2016 පසු මේ මොලේ වැඩ කෙරුවේ නැ. එක ලොකු පාඩුවක් ඒ වගේම ජනතාවගේ සහල් ප්‍රශ්නයට සතොස  විදියට අපිට සහනයක් ලබා දෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ මොලේ වැඩ අද දින ආරම්භ කලේ.
 
  ගිය ආණ්ඩුව මේ පිළිබද සොයා බලා කටයුතු කලේ නැ. ඒ අය බැලුවේ රටින් සහල් ගෙන්න තමයි. කෙසේ නමුත්අපි දැන් මේ ප්‍රදේශයේ ගොවින්ගේ වී මිළ දි ගෙන රට අවශ්‍ය කැකුළු සහල් නිෂ්පාදනය කිරිමට ආරම්භ කළා.  
 
මේ මෝල ටික ටික නඩත්තු කරලා පෙර පරිදිම සහල් නිෂ්පාදන කටයුත් සිදු කරනවා. ඒ වාගේ මේ තත්වයෙන්  දිනකට කුකුළු සහල් කිලෝ  හතළිස් දාහක් නිෂ්පාදනය කරන්න පුළුවන්. වී අලෙවි මණ්ඩලය සහ සතොස එක්ව කටයුතු කරනවා. එ වාගේ ප්‍රදේශයේ ගොවීන්ගෙන් ඉල්ලා සිටිනවා. වී අලෙවි මංඩලය වෙත  තමන්ගේ අස්වැන්න ලබා දිමට කටයුතු කරන්න කියලා. යැයි නියොජ්‍ය සභාපතිවරයා කිය.



අදහස් (0)

වසර 4 කට පසු හිගුරක්ගොඩ සහල් සැකසුම් මධ්‍යස්ථානයේ වැඩ අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 128 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 754 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site