මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ ගෙන ආ විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව දෙවැනි වරටත් සම්මත වුණු බව ජාතික හෙළඋරුමයේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
 
චම්පික රණවක මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
 
‘‘ අද මුලින්ම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 135 යටතේ ස්ථාවර නියෝග අත්හිටුවන්න සුමන්තිරන් මහතා යෝජනාවක් ගෙනාවා. ඒ අනුව ස්ථාවර නියෝග ‍ අත්හිටුවීම ඡන්ද 122න් සම්මත වුණා. ස්ථාවර නියෝග 47.1 තියෙනවා හ ඬ අනුව ඡන්දය විමසීම ගැන. හඬ අනුව ඡන්දය විමසනවාට මන්ත්‍රීවරයෙක් විරුද්ධ වුණොත් තමයි එම ස්ථාවර නියෝග අනුව අපි අනිත් ක්‍රමයට යන්න ඕනෑ. නමුත් කවුරුත් විරෝධයක් කළේ නෑ. 


ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණෙන් යළිත් යේජනාවක් ගෙනවා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවට  විශ්වාසයක් නෑ කියලා. ඒ අනුව ඊට ඡන්දය විමසුවා.  මන්ත්‍රීවරු 122ක් නැවත කිව්වා රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව නීති විරෝධීයි කියලා. විශ්වාස භංගයක් සම්මත කළාම ආණ්ඩුවක් විසිරිලා යනවා. 

 
ජනාධිපතිගේ පුද්ගලික කැමැත්තට අගමැතිවරු පත් කරන්න බෑ. අපිට පුද්ගලිකව කැමති කෙනෙක් බඳින්න පුලුවන්. කැමති තැන යන්න පුලුවන්. නමුත් පත්කිරීම් කරන්න ඕන නීත්‍යනුකූලවයි.රට ජාත්‍යන්තරව කොන්වෙමින් තිබෙනවා.  ආර්ථිකය අගාදයට යමින් තිබෙනවා.   එනිසා අලුත් ආණ්ඩුවක් පත් කරන ලෙස අපි ජනාධිපතිගෙන් ඉල්ලා සිටිනවා. ‘‘

(36698)