(රංජන් කස්තුරි)
විදුහල්පතිවරුන්ට ඡාත්‍යන්තර මට්ටමේ විශේෂ පුහුණුවක් ලබාදී විදුහල්පති භූමිකාවේ විප්ලවීය වෙනසක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ඒ අනුව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 111 පන්තියේ සිට 1 පන්තිය දක්වා උසස්වීම් සඳහා අවශ්‍යතා සපුරා ගැනීමේ ධාරිතා සංවර්ධන පාඨමාලාව වශයෙන් එම පාඨමාලාව ආරම්භ කර තිබෙන අතර මේ වසරේදී විදුහල්පතිවරුන් 100 ක් පුහුණු කරන බව අධ්‍යාපන ඇමැතිවරයා කීය.
ඇගයීම පදනම්කරගෙන අධ්‍යාපන ආංශික සංවර්ධන රාමු වැඩසටහන යටතේ රුපියල් මිලියන 41 ක් වැයකරමින් මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මකය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොරපිටියට ලංවෙන ලංවෙන විදිය මත..// හරකුන් තප්පුලන්නේ එකඑක තාලේටනේ..// එකෙක් කියන්නේ සැමට සමෘද්ධිය දෙනබවට ..// අනිකා කියන්නේ ලොව ප්‍රචලිත දෙන පුහුණුවනේ..//
ඉන්පස්සේ ජාත්‍යන්තර මට්ටමේ වැටුපකුත් දෙනවද...?
රටේ සියලුම විදුහල්පතිවරුන්, වරියන් මේ පුහුණුවෙන් පසු සමනලුන් සහ සමනලියන් බවට පත්වේ.
මේ ටික දවසට ඔය ඔක්කොම කරන්න පුළුවන්ද?
සියල්ලටම කලින් මේ කමකට නැති අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න හිතුවොත් නරකද?
ඕවා කරන්න කලින් වහලවල් නොමැති පාසල්, වැසිකිළි නැති පාසල් එහෙමත් මේ රටේ තියෙනවා බොලන්...
පසුගිය දවසක එක් විදුහල්පතිනියක් ළමා නිවසක දරුවෙක් පාසැලට නොගත්තේ එයාගේ මොකක්ද නැතිවෙනවා කියලා. ජාත්‍යන්තර පුහුණුවක් ගත්තම තව මොනවා නොකරාද? මෙම පුහුණුවට දරුවන් ගැන සානුකම්පිතව බැලියහැකි විදුහල්පතිලා පමණක් තෝරාගන්න. ඒ වගේම පසුගිය කාලයේ විශ්‍රාම යාමට ආසන්නම විදුහල්පතිනියක් පුහුණුවකට ගොස් වැටී මැරුණා. එ් නිසා අවම වශයෙන් විශ්‍රාම යාමට අවුරුදු 5ක් වත් නැති අයත් නොයවන්න. නැත්නම් වියදම පමණයි සිදුවන්නේ..