(අජන්ත කුමාර අගලකඩ)
පවතින විදුලි අර්බුදයට මුහුණදීම සඳහා මෙගාවොට් 200ක විදුලිය පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
විදුලිය මෙගාවොට් 200ක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා ඩීග පවර් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් සහ අල්ටාකා ග්ලෝබල් සොලියුෂන්ස් ලිමිටඩ් යන සමාගම් දෙක තෝරාගෙන ඇතග එම සමාගම් දෙකෙන් මෙගාවොට් 200ක විදුලිය වසරක කාලයක් සඳහා ලබා ගැනීමට අමාත්‍යාංශය කැබිනට් අනුමැතිය ඉල්ලා තිබිණි.
මීට අමතරවල දැනට විදුලිය මිලදී ගන්නා පෞද්ගලික සමාගම්වල ගිවිසුම් තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
මේ අතර ඛනිජ තෙල් සංස්ථාවේ හා විදුලිබල මණ්ඩලයේ ණය අර්බුදය ගැන ද විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා වාර්තාවක් මගින් කැබිනට් මණ්ඩලය දැනුවත් කර ඇත.
විදුලිබල මණ්ඩලය හා මණ්ඩලයට විදුලිය සපයන විදුලි නිෂ්පාදකයන් තෙල් සංස්ථාවට ගෙවිය යුතුව ඇති ණය ප්‍රමාණය රුපියල් කෝටි 10.400ක් පමණ වන බවද ඇමැතිවරයා දැනුම් දී ඇත.
මේ අතර ඛනිජ තෙල් සංස්ථාවේ ණය ප්‍රමාණය රුපියල් කෝටි 50.000 ඉක්මවන බව ද ඇමැතිවරයා සිය වාර්තාවෙන් පෙන්වා දී ඇත.
COMMENTS
හාල් මාෆියාවට බය වූන ආණ්ඩුව දැන් විදුලි මාෆියාවටත් බය වෙලා. කතාවෙන් නම් හරිම එඩිතරයි. එත් මාෆියා කාරයන්ට බයයි.
අර පහුගිය කාලේ හිටපු විදුලි ඇමති කොමිස් වලට ගෙන්නපු විදුලි උත්පාදක නැව් වගයක් රට වටේ කැරකුණේ..... ඒවායින් විදුලිය මිලට ගන්නවද ආයිබෝවන් නැත්නම් වෙනත් ක්‍රමේකටද?
වැස්ස කාලෙට ජලාශ වල රැඳී තියන රොන්මඩ ඉවත්කිරීමට කටයුතු කරන්නේ නැහැ. වාන් දොරොටු ඇරලා ජලය අපතේ යවනවා. ඒ වැඩේ කලොත් යටින් ගාණ කඩාගන්න බැරිවෙනවානේ. ජලාශ වල රැඳී තියනවායි ප්‍රචාරය කරන්නේ වතුර හා රෝන්මඩ් දෙකොටසේම එකතුවයි. හැමදාම වෙන්නේ වැසි නැවතී ටිකකලකින්ම ජලාශවල රැඳී තියන ජලප්‍රමානය මදිය කියලා පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදීගැනීම නොවේද? කොමිෂන් ගහන්න පුළුවන් වෙන්නේ එතකොට නේද? ආයාතනය කෝටිගණන් බැංකු වලට ණයයි. හැබැයි ඉංජිනේරුවන්ගේ ආදායම්බදු පවා ගෙවන්නේ මණ්ඩලයෙන්. හිතුමතේ පඩි නඩි හෙම වැඩිකරගෙන සුර සැප විඳිනවා. අන්තිම ඉහලින්ම දුෂණය හා නාස්තිය තියන ආයතනයක්. ඉඳහිට පුවත්පත්වල පලවෙන දුෂිත ක්‍රියා එකතුවක් ගතහොත් බලා ගත හැකිවේවි දුශිතයින්ගේ තරම.
කලින් කට්ටිය කරද්දි නරකයි. දැන් කරද්දි හොඳයි... කාවද රවට්ටන්නෙ?
සිදුවිය යුතු දේ සිදුවෙමින් පවතී. අනේ අපේ මහජනයා.
මහින්ද අමරවීර මහත්තයගේත් කට විතරයි වැඩ නෑ වගේ. අර්ධ සුකොපභෝගී බස් සේවය නවත්තනවා කිව්වා. බස් සින්දු නවත්තනවා කිව්වා. එකක්වත් තවම නම් කරලා නෑ.
කලින් කට්ටිය අවුරුදු 5 ටම එක බලාගාරයක් හැදුවේ නැති හෙනේ තමයි
ඔය පටන් ගත්තේ … ඉතුරු එව්වත් එයාකරෙන්ම වෙයි ඉතින් අර හැට අට ට හරිම සතුටු ඇති දැන් ..
මේවාට හේතු තමයි යෝජිත බලාගාර සෑදීම සඳහා ඇති ඊනියා විරෝධය. ලංකාවේ බොහොමයක් පරිසර සංවිධාන මේකට වග කියන්න ඕන. ලංකාවේ වැඩිම විදුලිය ඉල්ලුමක් ඇත්තේ හවස හයේ සිට නවය දහය වෙනකන්. මේ වෙලාව ඇතුලත විදුලිය දෙන්න අනිවාර්යයෙන් ඉන්ධන විදුලි බලාගාර ඕන. ලංකාව වගේ දියුණු වී නැති රටකට ලාභ ගල් අඟුරු වගේ බලාගාර. දැන් ඉන්ධන වලට පිටරටට දෙන ගානෙන්ම තේරෙනවා නේද තෙල් බලාගාර වල වියදම.
යහපාලනය ඉන්නකොට අමරවීර මහත්තයා හොඳ බයිලා කිව්වා... අද එතුමා සුපිරි බයිලා කියනවා..... වෙනස දෝරේ ගලනවා.
දැන් මේ ආණ්ඩුවල පත් වෙලත්, ඇමතිකම බාර අරන් මාස තුනක් වෙනවා. තාමත් කයිවාරු පමණයි නේ. මේ ඇමතිකම ගත්තු ගමන් නම් කිව්වේ අලුතින් විදුලි බලාගාරවල් පහක් ෂණික පටන් ගන්නවා කියල. දැන් අද කියන්නේ තවත් අවුරුද්දකට පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගන්නා බව. තාම වැඩේ පටන් අරන් නැහැනේ.
දැන් කෙරවල පිටියේ බලාගාරයක්, නොරොච්චෝලේ තව බලාගාර දෙකක් හදන්න යන්නේ . ලබන වසරේ මේ තත්වය වෙනස් වෙයි
අවුරුදු 5ක් අලුතින් විදුලි පාරිභෝජනය කරන්නන් කීදාහක් පද්ධතියට එකතු වෙනවද. ඒත් එකම බලාගාරයක්වත් හැදුවේ නෑ.
අනේ මෙහෙම කුජිත මහ ජාතියක්. මොවුන්ගේ මෝඩකම් නිසා අපිටත් හොඳින් ජීවත් වෙන්න නෑ.