(රංජන් කස්තුරි)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(22) ක්‍රියාත්මක කළ වෛද්‍ය වැඩවර්ජනය ඉතා අසාර්ථක වූ අතර වෛද්‍යවරුන් 80%ක් පමණ සේවයට වාර්තා කළ බව රජයේ වෛද්‍ය නිලධාරී සංසදය සඳහන් කරයි.
ඉතිහාසයේ පැවැති අසාර්ථකම වෛද්‍ය වැඩවර්ජනය අද පැවැති වැඩවර්ජනය බවද, රෝගීන්ගෙන් පලිගනිමින් ඉල්ලීම් දිනාගත නොහැකි බවද, රජයේ වෛද්‍ය නිලධාරී සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු කියන්න එපා. අද දොස්තරලා විතරක් නෙවෙයි., ලෙඩ්ඩු බලන්න එන අයගෙන්ද ඉස්පිරිතාලේ පාලුවට ගිහින් තිබුණේ...
අර මානසික රෝගීන්ගේ සංගමේ කීපදෙනෙක් විතරයි වැඩට ගිහින් නැත්තේ... වැඩට ආපු නැති අයව සේවයෙන් නෙරපලා අලුත් අයට පත්වීම් දෙන්න.
ඒක පොහොට්ටුවේ යූනියන් එකක්ද?
වර්ජනයෙන් රෝගීන්ට සිදුවූ අපහසුතාවයට පත්වීම පිළිබඳව කණගාටුයි. කොහොම වුණත් මේ සංසදයේ වෙද මහත්තය බොරු කියන්නේ ඇයි? මේ සංසදයේ සාමාජික සංඛ්‍යාව වැඩිකර ගන්න නම් රටට ඇත්ත ප්‍රකාශ කිරීමට උත්සාහ කළ යුතුයි...
රාජිතගෙ සංගමයත් රාජිත වගේම තමා. කෙප්ප කෙලින්න හරිම දක්ශයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නෙ බොරුවක් නෙමෙයිනෙ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙ සංගමය මොකේ යුනියන් එකක් උනත් මම නම් සම්පූර්න සහයෝගය දෙනවා.
ලෝකයේ එකම වෛද්‍ය, මිනීමරු මාෆියා සංගමයේ වර්ජනය අසාර්ථක කිරීම ලංකාවේ වෛද්‍යවරු ලැබූ විශාල ජයග්‍රහණයක්... මේ මිනීමරු සංවිධානය අයි.එස්, අල්කයිඩා බෝකොහරාම් වැනි සංවිධානවලට සමාන අසරණ රෝගීන්ව ප්‍රාණ ඇපයට තබා ඔවුන්ගේ අරමුණු ඉෂ්ට කර ගන්න අති කෘෘරතම ම්ලේච්ජ සංවිධානයක්...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ ලෙඩුන් ගැන කිසිම අනුකම්පාවක් නැති කණ්ඩායමක්. රෝහල් වල වර්ජන, පුද්ගලික තැන්වල අගේට වැඩ. තමන්ගේ දේශපාලන අරමුණු සඳහා රෝගීන් බිල්ලට දෙන මේ වගේ අය දඬුවම් ලැබිය යුතුයි.
වැඩවර්ජනයක් වත් එකතුවෙලා කරගන්න බැහැ.
ජේ ආර් ජයවර්ධන හිටියනම් හොඳ වෙනිවැල් ගැට සහිත කසායක් දෙනවා කියලා වැඩට නොයෙන වෙද්දුන්ට පණිවිඩයක් දෙයි. " තමුන්නාන්සේලාට වැඩ කරන්ඩ බැරිනම් දිගටම ගෙදරට වෙලා නිවාඩුවක් ගත කරන්ඩ "
මෙයා කවුද? ආයුර්වේද වෛද්‍ය වරයෙක්ද ?
ස්ට්‍රයික් කරනවා කිව්වම නිවාඩු දාලා ගෙදර ඉන්නවා කියලද මේ කියන්නේ?
බොරු නොකියා ඉන්න.