(විනීතා එම් ගමගේ)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළි දැක්වීමේ උළෙලට සහභාගි වීමෙන් එම සංගමයේ සාමාජිකත්වයට වක‍්‍ර බලපෑමක් සිදුවන බවත්, ඒ පිළිබඳව සුදුසු ක‍්‍රියා මාර්ග ගන්නා ලෙසත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
ඔහු එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළි දක්වන අවස්ථාවේ සහභාගී වූ බව මාධ්‍ය මගින් ප‍්‍රචාරය වූ බවත් එහි වේදිකාවේ ඉදිරි පෙළ අසුන්ගෙන සිටිනු නිරීක්ෂණය කළ බවත් හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.
රජයේ වෛද්‍ය නිලධාරියෙකු මාණ්ඩලික නිලධාරින් ගණයට වැටෙන බැවින් ඔවුන්ට ඡන්දය දීම හැර වෙනත් කිසිදු දේශපාලන ක‍්‍රියාවලියකට සම්බන්ධ වීමට නොහැකි බව ආයතන සංග‍්‍රහයේ 32 පරිච්ඡේදයේ ඉතා පැහැදිලිව සඳහන් ව ඇති බව හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙයි.
මධ්‍යස්ථව සිටිය යුතු මාණ්ඩලික ශ්‍රේණියේ සේවාවලට අදාළ රජයේ වෘත්තිය සමිති නායකයෙක් මේ ආකාරයට දේශපාලන ක‍්‍රියාවලියට අවතීරණය වීමෙන් අනෙකුත් මාණ්ඩලික නිලධාරි සංගම් ද මෙසේ දේශපාලන ක‍්‍රියාවලියට අවතීර්ණ විය හැකි යැයි ද එයින් මෙරට නිදහස් හා සාධාරණ මැතිවරණවලට බලපෑම් එල්ල විය හැකි යැයි ද ඔහු තම ලිපියෙන් පෙන්වා දී තිබේ.
මේ තත්ත්වය මෙරට නිදහස් මැතිවරණවලට බරපතල අභියෝගයක් එල්ල කළ හැකි බවත් මාණ්ඩලික නිලධාරින් ගේ වෘත්තිය සමිති දේශපාලන කි‍්‍රයාවන්හි යෙදීම ආරම්භයේ දීම වැළැක්වීමට ක‍්‍රියා නොකළහොත් අනාගතයේ මේ තත්ත්වය පාලනය කරගත නොහැකි වන බවත් හෙතෙම දන්වා තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත යවා ඇති එම ලිපියේ පිටපතක් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය වෙත ද යවා ඇත.
පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන්ද ආචාර්ය උපාධියක් සඳහන්ව තිබී ඉවත් කරනු ලැබ ඇත.
මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස් වලින් ජාතීන් අතර සංහිඳියාවට බාධා කළ බවට චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත
ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් තෙල් සංචිත පවතින බැවින් මෙරට තුළ කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බව එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේය.
නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි විශේෂ ගණයේ සැකකරුවෙකු බැලීම අමුත්තන් පෙන්වන ස්ථානයට පැමිණි පුද්ගලයෙකුගේ මුදල් පසුම්බිය තුළ සූක්ෂම අයුරින් සගවා ති
රජය විසින් පසුගිය 04 වැනිදා සිට සහල් ආනයනය සඳහා අවසරය ලබාදීමෙන් පසු රටතුලට සහල් ආනයනයආරම්භ වී ඇති බවත් ඒ අනුව, පසුගිය 10 වන දා සිට අද සවස 5.30 දක්වා ඉන්දියාවෙ
මහනුවර, පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ‘ලංකා ටී10 සුපර් ලීග්‘ ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ගෝල් මාවල්ස් පිලේ හිමිකරු ව
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්රීඝ්ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
වෛද්‍ය පාදෙණියගේ ක්‍රියාකලාපය ගැන පරීක්ෂණයක් ඉල්ලයි
Saman Sunday, 27 October 2019 09:46 AM
පාවාදෙණිය සිහින මවන්නේ ගොට්ලර්ගේ රජයේ සෞඛ්‍ය ඇමති වෙන්නනේ...
senaSunday, 27 October 2019 10:41 AM
පොදුජන පෙරමුණේ අපේක්ෂකතුමා මේ රට යුද්දෙන් බේරාගෙන, අපිට ජීවත් වෙන්න අවකාශයක් හදලා දීපු "අපේ ජීවන දායකයා"... ඒකනිසා එතුමාට මේ විකාර නීති කාරයෝ කරදර කිරීම වැරදියි. ඉදිරියේ එන එතුමාගේ පාලන කාලයේත්, එතුමා කියන දේ මේ රටේ නීතිය විය යුතුයි.
MaheeSunday, 27 October 2019 01:10 PM
ඔන්න මං ආදර්ශමත් වහල්කම් කරන අය දැකගත්තා.
ධනුෂ්කMonday, 28 October 2019 01:17 PM
මොවුන්ගේ පාලනයේ යටතේ හිටපු අතකොටා, අකුරුස්සේ කාන්තාවන් 100කට අතවර කර පාටි දැමු තිරිසනුන්, සුද්දා මරලා සුද්දිට හදි කරලා රටේ නම කෙලෙසපු.තව නොකියපු ගොඩක් ඉන්නවා. ඒ වගේ එකෙක් ඔබේ පවුලේ ළඟම කෙනෙකුට කරදරයක් කරලා, ඔබ කියන එතුමා හිතන දේ රටේ නීතිය විය යුතුයි කියන යුගයක එතුමට හිතුණොත් ඔහු නිවැරැදිකරු කියලා. එතකොට කොහොමද?
මසිරිපාලSunday, 27 October 2019 11:40 AM
මෙරටේ ඡන්ද දායකයින්ට, දායිකාවන්ට අබමල් රේණුවක තරම් මොළයක් තිබේනම් තේරුම් ගැනීමට හැකිවේවි 2015 සිට අවස්ථා ගණනාවකදී දුගී දුප්පත් අන්ත අසරණ රෝගීන් ඇපයට තබා තමාගේ බලය තහවුරුකර ගැනීමට වර්ජන කරවමින් කටයුතු කර ඇත්තේ කවුරුද කියල.
ලසන්තMonday, 28 October 2019 04:20 AM
මෙවැනි වහල් නිලධාරීන් එකෙක් දෙන්නකු සිටි විට එය මුළු රාජ්‍ය සේවයම වහල් මෙහයක් බවට පත්කිරීමට ප්‍රමාණවත්ය.
Mahee Sunday, 27 October 2019 09:56 AM
මේ කතාව සම්පූර්ණ ඇත්ත... විධායක නිලධාරීන්ට දේශපාලනයේ යෙදීම තහනම්. පහළ ශ්‍රේණිවලට තහනම් නෑ. එක්කෝ දොස්තර මහත්තයාට තමන් විධායක නිලධාරියෙක් බව අමතක වෙන්න ඇති. නැතිනම් මෙතෙක් කල් කළා වගේ කඩේයාමෙන් තමන්ට අනාගතේ ලැබෙන සැප සම්පත් ගැන කල්පනා වෙන්න ඇති... වර්ජනය කරන කොට පමණයි මේ අයට තමන් රජයේ උසස් නිලධාරීන් බව මතක් වෙන්නේ...
Rata Perata Sunday, 27 October 2019 09:57 AM
පාදෙණිය රාජපක්ෂලාට කඩේ යනවා කියන එක අද ඊයේ දෙයක් නෙමෙයිනේ? හැමදාම රාජපක්ෂලා ඉන්නකොට වර්ජන නෑ.. වෙන කවුරු ආවත් වර්ජන. මේවා අපේ රටේම නිසා හොඳයි. වෙන රටක නම් මිනිස්සු ගහලා එලවන්නේ මේ වගේ අයට. මේ වෙලාවේ අනෙක් නියම වෛද්‍යවරු මේ වහල්ලුන්ට විරුද්ධව එකතු වෙනවා නම් හොඳයි.
Amila Sunday, 27 October 2019 10:09 AM
උසාවියටද වරක් අපහාස කරපු කෙනෙක් තමයි... වහාම සේවයෙනුත් නෙරපා හැරිය යුතුයි. විනයක් නැති අයත් එක්ක මොන රට හැදිලිද..?
පරනවත්තේ රත්තාSunday, 27 October 2019 11:05 AM
අමිල හරි වෙනත් පොඩ්ඩෙක් ඔහොම අපහාස කළා නම් බලන්න තිබුණා. ඇත්තටම මොවුන් එක්ක නම් රට හැදිලි බොරු...
Lakmal Sunday, 27 October 2019 11:11 AM
ඔව් ඔව් සේවයෙන් නෙරපමු. එතකොට අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙන් ඉන්න ළමා ස්නායු වෛද්‍යවරුන්ගෙන් තව එක්කෙනෙක් අඩු වුණාම ඔයාට පුලුවන්නේ ඒ වැඩේ කරන්න.
AmilaSunday, 27 October 2019 11:34 AM
ඔන්න ඔතන තමයි වරද්ද ගත්ත තැන... සමහරු හිතන් ඉන්නවා තමන් ගියාම තව මිනිස්සු එතැනට නෑ කියලා. මෙයා රටින් චුත වෙලා යන තරමට රටට හොඳයි.
GuneSunday, 27 October 2019 01:14 PM
අනේ ඔව් නෙරපන්න එපා. කඩේ ගියාවේ. නීති කැඩුවාවේ. අනික් රජයේ නිලධාරිනුත් ඒ වරප්‍රසාදය ඉල්ලනකොට ඔවුන්ට තලමු. නීතිය දැන් තියෙනවා වගේ බල්ලටම ගියාවේ. අපි මෙයාව ස්නායු වෙනුවෙන් තියාගනිමු.
m.m.malaka dasunpriyaMonday, 28 October 2019 05:35 AM
නීතිය අනුවනම් වැරැද්දක් තමයි.
jim kuruSunday, 27 October 2019 02:55 PM
අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්න ඕනේ...
saali Sunday, 27 October 2019 10:21 AM
මොන ජගතාද මේ පරීක්ෂණ කරන්න එන්නේ? එතුමා අපේ අනාගත සෞඛ්‍ය ඇමති.
AmilaSunday, 27 October 2019 11:36 AM
තාම සලකා බලනවා විතරයිලු. ඒක නිසාලු ඔහොම ඔය රැස්වීම් වලට යන්නේ.... තව ලකුණු දාගන්න.
sunilSunday, 27 October 2019 12:24 PM
සිහින දකින්ට සැමටම අයිතියක් ඇත.
සේන Sunday, 27 October 2019 12:03 PM
ඉස්සෙල්ලා බලන්න ඔය සංවිධානය මොකද්ද කියලා... තමන් කැමති දේශපාලනයක් කිරීම ප්‍රජා අයිතිවාසිකමක්... එච්චරයි.
MaheeMonday, 28 October 2019 12:48 AM
ඔබ දන්නේ නැතුව ඇති ඒ ප්‍රජා අයිතිවාසිකම රජයේ ආයතන සංග්‍රහය කියලා එකකින් සීමාකරලා තියෙන බව...
athuraMonday, 28 October 2019 04:11 AM
සේන කියන්නෙත් සිංගප්පූරුවෙන් බෙහෙත් ගන්න කෙනෙක් වගේ...
කපුරුහාමි Sunday, 27 October 2019 12:15 PM
පවුල් පාලනේ අයට කඩේ යනවා වගේ.. පහුගිය කාලේ වැඩ වර්ජන කෙරුවේ කාගේ වුවමනාවකටද? හිතක් පපුවක් නැතිකම නේද? අසරණ රෝගීන් මොනතරම් අපහසුතාවට පත්වුණාද?
රවින් Sunday, 27 October 2019 12:31 PM
අහිංසක රෝගිනි...! දැන් තේරෙනවද පහුගිය ටිකේ තිබුණු වෛද්‍ය වර්ජන කාගේ මෙහෙයුම්ද කියලා.. තව තවත් කඩේ යන්න ඉඩ දෙනවාද? නැතිනම් මැරුණත් කමක් නැහැ කියලා පෞද්ගලික රෝහල් හා බෙහෙත්ශාලා සහමුලින්ම වර්ජනය කරනවද? පෞද්ගලික ආදායම නැති වුනොත් අපූරුවට රජයේ රෝහලේ වැඩටික කරාවි...
Dr:සනත් Sunday, 27 October 2019 01:37 PM
GMOA නිලධාරීන් කිහිප දෙනෙක් මුළු වෛද්‍ය ප්‍රජාවම ප්‍රාණ ඇපකරුවන් කරගෙනයි ඉන්නේ... කවුරුත් ඒ කීප දෙනාට විරුද්ධව කට අරින්න බයයි.
බද්රානි Sunday, 27 October 2019 03:28 PM
සනත් ඔබ නිවැරදියි. ලංකාවේ සෞඛ්‍ය සේවය විනාශ කළ මේ මාෆියා කල්ලි වහාම අත්අඩංගුවට ගත යුතුයි. සැබෑ වෛද්‍යවරු මේ මාෆියාවන් නිසා අසරණ තත්වයකයි සිටින්නේ. මෙය මගේ අදහසක් නොවේ. උතුම් වෛද්‍යවරයෙක් මට පැවසූ කාරණයක්....
chandana Sunday, 27 October 2019 03:50 PM
GMOA එකට විරුද්ධ දොස්තරලා තමයි වැඩි ප්‍රමාණයක් ඉන්නේ... එයාලට විවිධ තර්ජන හා අඩන්තේට්ටම් කරන නිසා තමයි නිශ්ශබ්දව ඉන්නේ... එ්කයි සත්‍ය... ශක්තිමත් අවස්ථාවක සියලු දෙනා ඉදිරියට එනවා...
SamanSunday, 27 October 2019 05:21 PM
අනිවාර්‍යයෙන්ම
Sriyal Sunday, 27 October 2019 04:38 PM
මෙය වැරැදි ක්‍රියාවක්... නීතිය කාටත් පොදුවිය යුතුයි.
ranjith Sunday, 27 October 2019 11:17 PM
දොස්තර් වුනාට ඔලුවක් නැතිනම් වැඩක් තියේද. රටේ නීතිය දැන ගන්නේ නැතුව සෙල්ලම් කරන මෙවැනි නිලදාරීන් නිසා රට විනාසයට යනවා
rocky Monday, 28 October 2019 02:09 AM
උන්නැහේට හරි සනීප ඇති ගෝඨා ලඟින් වාඩි වෙලා ඉන්නකොට! මුන්නැහේ විශේෂඥ වෛද්‍යවරයකු වුණත් සාමාන්‍ය බුද්ධියක් නැති කෙනෙක් වගෙයි. මුළු ජීඑම්ඕඒ එකම දේශපාලන ව්‍යාපාරයක් බව මේකෙන් පැහැදිලි වෙනවා. වෘත්තියටත් ලැජ්ජයි! මොහු තනතුරෙන් වහාම ඉවත් කල යුතුයි.
Chankya Monday, 28 October 2019 02:12 AM
එෆ්සීඅයිඩි යට බරදෙමු . ඒ ගොල්ලෝ හරියට වැඩේ කරයි . හිටපු ලොක්කාගෙන් විස්තර අහගමු !
lalithm Monday, 28 October 2019 03:02 AM
ඔය පාදෙණිය වගේ විශේෂඥවරු තමයි තව වැඩිපුර විශේෂඥයින් බිහිවීම වළක්වන්නේ... පශ්චාත් උපාධි ආයතනය විශේෂඥයින් බිහිවීම වළක්වන බව ප්‍රසිද්ධ කාරණයක්. එතකොට ඉන්න අය ටික දෙනාගේ ඉල්ලුම වැඩිවෙන හින්දා...
sharm warn Monday, 28 October 2019 05:21 AM
දැන් වත් තේරෙනවද මොකද මෙයා සයිටම් එක වැස්සෙව්වේ කියලා ?
Cps Monday, 28 October 2019 06:15 AM
තමන් කැමති අපේක්ෂකයා දිනවීමේ අරමුණින් අහිංසක රෝගීන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරපු කෙනෙක්.
Lalani Monday, 28 October 2019 01:17 PM
රජයේ විධායක නිලධාරියෙක් දේශපාලන උත්සවයකට සහභාගිවිය නොහෑකි වුණත් , වෘත්තිය සමගි නායකයෙකුට දේශපාලන කටයුතුවලට සහභාගි විය හෑක
ඉන්දික Monday, 28 October 2019 01:34 PM
ගෝඨාභය අයියේ.., ඔයා දින්නට පස්සෙ ගවර්මන්ට් රෝහල් සේරම වහන්න.. හැබැයි ප්‍රයිවට් මෙඩිකල් කාෙලෙජ් නම් ඕපන් කරන්න එපා.. අපි ඔයාව දිනවන්නම්..
ajith Monday, 28 October 2019 01:41 PM
මෙය රෝගීන්ව උකස් තියලා පොහොට්ටුවට කඩේ ගිය බව රටේ කවුද නොදන්නේ? මෙය බලාගෙන ඉන්නේ ගෝඨාගේ ආණ්ඩුවේ සිහින සෞක්‍ය අැමැති වෙන්නනේ...