(රංජිත් රාජපක්ෂ)
හැටන් කොටගල ප්‍රදේශයේ වතුකරයේ විශ්වවිද්‍යාලය සදහා තේරී පත් වන සිසු සිසුවියන් වෙනුවෙන් විශ්වවිද්‍යාලයක් කඩිනමින් ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ හැටන් කොටගල ප්‍රදේශයේ විශ්වවිද්‍යාලයක් ඉදි කිරීම සඳහා අද (09) ඉඩම් පිළිබඳව නිරික්ෂණ සංචාරයක නියැලෙමින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.
අමාත්‍ය ආරමුගන් තොණ්ඩමන් මහතාගේ ආරාධනයෙන් අමාත්‍යවරයා එහි සංචාරයේ නියැලිණි.
මෙම සංචාරයේදි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පතන ශ්‍රි පාද විද්‍යා පිඨය සහ හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේදි නිරික්ෂණයට එක් විය.
එම විද්‍යා පිඨය සහ තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය උසස් අධ්‍යාපනය සදහා අවශ්‍යය පහසුකම් ලබාදිමටද කටයුතු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේය.
වතුකරයට වෙනම විශ්ව විද්‍යාලයක් ඉදි කිරිම සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලබාගෙන 2020 අයවැයෙන් එම විශ්ව විද්‍යාලය ඉදි කිරිම ප්‍රතිපාදන වෙන් කරන බවත්, අමාත්‍යවරයා පැවසිය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වතුකරයට විශ්ව විද්‍යාලයක් සහ වතු කම්කරුවන්ට රුපියල් දාහසක වැටුපක් ලබාදෙන බවට පොරොන්දු වු බවත්, එම පොරොන්දු දෙක මේ වන විට ඉටු කර ඇති බවයි අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂය තුළ දැනට පැන නැගි ඇති අර්බුධ හමුවේ තම රජයේ ඉලක්කය කරා වේගයෙන් යා හැකි බවයි අමාත්‍යය බන්දුල ගුණවර්ධන පැවසීය.
මෙම නිරික්ෂණ චාරිකාවට අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතාද සහභාගී විය.



COMMENTS
එ්ක තමයි දැන් අඩු... ටොයිලට් එකක් නෑ... කන්න බොන්න විදියක් නෑ..
කොහේ තියන සල්ලි වලින්ද ඕවා කරන්න යන්නේ..? අනේ... නිට්ටෑවන්, කරන්න පුළුවන් දෙයක් කියන්න හලෝ..
ඔව් අපි හරි මෝඩයි...
වතුකරයට වෙනම විශ්වවිද්‍යාලයක් කියන්නේ දැනට තිබෙන විශ්වවිද්‍යාලයක් ඒ ඒ ප්‍රදේශ වලට සීමාවූ ඒවාද?එහෙනම් හිස්බුල්ලාගේ වියත්මග මුසල්මානුවන්ට දුන්න නම් ඉවරනේ. සේරම ගෝඨා පිට පටවලා අලුත් ප්‍රශ්න හදන්න එපා මහත්වරුනි.
2500 මාසයේ වියදම් උපාධිය මේ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත හැකියි...
කිව්වොත් කියන්නෙම මෝඩ කතාවක්...
බදියුර්දීන්ට විල්පත්තුව දුන්නේ ඔබලා. හිස්බුල්ලාට නීති විරෝධී නැගෙනහිර විශ්ව විද්‍යාල දුන්නේ ඔබලා.....
අන්තවාදී, බඩගෝස්තරවාදී පාලකයෝ ඉන්නකල් මේ රට ගොඩ දාන්න බැරිවෙයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය තියෙන්නේ... දැන් මොකටද විශ්ව විද්‍යාල? තියෙන ඒවා වැඩි දියුණු කරන්න. ඒවාට එන පිරිස් වැඩි කරන්න. එක එක ඡන්ද බලාගෙන ඔහොම වැඩ කරන්න ගියාම හොඳට හිටීවි... අනේ මන්දන්නේ නැහැ. මොකද්ද මේ ගොල්ලෝ කරන්නේ කියලා?
මහ ලොකු ආර්ථික ඔස්තාර්... සක්කරයාගේ පුතා වයිමා ආවත් ආර්ථික උද්දමනය අඩු කරන්න බැහැ කිව්වේත්, 2500කින් මාසයක් ජීවත් වෙන්න පුලුවන් කිව්වෙත් මෙයානේ... මෙයා හදන විශ්වවිද්‍යාලේ බලාගන්න බැරි වෙන එකක් නැහැ.
මේ තියෙන විශ්වවිද්‍යාලවල ඉන්න මදාවින් ටික පාලනය කරන්නේ නැතිව, තවත් විශ්වවිද්‍යාල දාලා ඒවට මදාවි පාලනය කරගන්නේ කොහොමද? දැන් විශ්ව විද්‍යාලවල ඉන්නේ ළමයි නොවේ... යක්ෂයින්...
එහෙම කොහොමද? සිංහල බෞද්ධයින් ඡන්දෙ දුන්නේ ජාතිය පදනම් කරගෙන වතුකරයට විශ්වවිද්‍යාල හදන්න නෙමෙයි. අරහේ මුස්ලිම්වරු වෙනම මුස්ලිම් විශ්වවිද්‍යාල හදාගෙන. දැන් වතුකර දෙමල මිනිස්සුන්ට කියලා වෙනම විශ්වවිද්‍යාලයක් හදනවලු. වහල් ආණ්ඩුවවත් කරපු නැති තරමට සිංහලයන් නන්නතාර කරන්න හදනවා. ඊළඟට රටක් ඉල්ලයි ඒ පැත්තේ. රටේ අනාගතය ගැන මෙලෝ කැක්කුමක් නැති දේශපාලකයෝ බලය ගන්න ජාතිවාදය අනුව අධ්‍යාපනය වර්ග කිරීම හින්ද අනාගතේ යනඑනමන් නැතිවෙන්නේ සිංහල බෞද්ධයින්ට. ආණ්ඩුවට වැඩිපුරම බදු ගෙවන්නේ සිංහලයෝ. හැබැයි මුස්ලිම් ව්‍යාපාර කිහිපයක් හැම අවුරුද්දෙම "ගිනිගන්නවා." එහෙම නැත්නම් ජාතිවාදී අරගලයක් නිර්මාණය කරලා ගෙවල් ව්‍යාපාර ගිනි තිබ්බා කියලා ආණ්ඩුවෙන් වන්දි ගන්නවා. යුද්ධෙන් පස්සේ මේ ගොල්ලෝ සියල්ල කලේ මුස්ලිම් ජාතිකයන්ට. ගම්වල සිංහල බෞද්ධයෝ හැමදාම හිඟන්නෝ. යූටර්න් ජනාධිපති තව ඡන්ද පොරොන්දුවක් දීලා තියෙනවා ගෙදරවල මස්කඩ අරින්න ඉඩදෙනවා සහ මස් අපනයනය කරනවා කියලා.. මෙහෙම ගිහින් ඒකත් කරයි. සිංහලයින්ට ඇස් අැරගෙන ඉන්න වෙයි. ඒ මොකද කිව්වා නම් ගිහිපැවිදි හොර දේශප්‍රේමීන් ඔක්කොම ඇස, කණ, කට වහලා ඉන්න නිසා...
ඔය වෙනම කරන්න ගිහින් තමයි ගිය ආණ්ඩුව නාගත්තේ... ඔහෙලත් ඔය කරගන්න හදන්නෙත් නා ගන්න වැඩක්...!