(ජී. ඩබ්ලිව්. ප්‍රේමතිලක ද සිල්වා)
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අරඹා ඇති වැඩ වර්ජනය හේතුවෙන් මේ වන විට සියලු විශ්වවිද්‍යාලවල වැඩකටයුතු අඩාල වී ඇතැයි විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා පැවසීය.
අද (28) සහ හෙට (29) යනදෙදින තුළ පැවැත්වෙන මෙම වැඩ වර්ජනයට වෘත්තීය සමිතිය 18ක් එකතු වී සිටී. තමන්ට බලපා ඇති වැටුප් විෂමතා වලට විසඳුම් ලබා ගැනීමට බලධාරීන් යොමු කිරීම සඳහා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගත් බවද ප්‍රියන්ත මහතා කීවේය.
සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියෙහි දේශන කටයුතු, කාර්යාල කටයුතු, පර්යේෂණ කටයුතු ආදී සියලු කටයුතු මේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් නොපැවැත්වෙන බවද සම සභාපතිවරයා පැවසීය.
COMMENTS
අපේ නම් ෆැකල්ටි වැඩ බ්‍රෝ... අසාර්ථක වැඩ වර්ජනයක්...
මෙවැනි දේවලින් වෙන්නේ රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ පරම්පරාවට අනාගතයක් නැතිවීමයි.. රටේ දියුණුව අඩාලවීමයි.. මේවාට වැඩවර්ජන කරන පිරිස් වැරදිකරුවන් වෙන්නේම නැහැ. සම්පූර්ණ වැරදි කරුවන් වන්නේ බඳවා ගැනීමේ බලධාරීන් බවයි අපේ විශ්වාසය. කෙනෙකු යම් සේවයකට ගත්තා නම් ගිවිසුමේ පරිදි කටයුතු කිරීම අදාල වගකිව යුත්තන්ගේ වගකීම වෙනවා. වගකීම පැහැර හැරීම රාජකාරි පැහැර හැරීමක් ලෙස සලකන්න පුළුවන්. හැමදාම වර්ජකයින් මර්ධනය නොකර ඔවුන් වර්ජනයට යොමුවූ හේතුව ඇතිකල අයට දඬුවම් පමුණුවන ක්‍රමයක් ඇතිකරන්න. ඒ වාගේම දරු දැරියන්ගේ අනාගතයද සුරක්ෂිත කරන්න.
අපිට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි පුද්ගලික උපාධි පාඨමාලා හදාරන්නේ. දැනටමත් ආයතන කිහිපයකින්ම රැකියා සඳහා එන්නට යයි කියා තිබෙනවා...