(රංජන් කස්තුරි)
ගෑස් සඟවා තබාගන්නා සහ වැඩිමුදලට ගෑස් අලෙවි කරන වෙළෙඳුන් සොයා රටපුරා විමර්ශන ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
දැනටමත් එවැනි වෙළෙදුන් 31 කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
එල් පී ගෑස් තොග මේ වන විට සමාගම් වෙත ලැබෙමින් පවතින බවත් එහිදී ඉදිරි මාස 3 ½ කට පමණ අවශ්‍ය වන තොග තත්ත්වයන් පවත්වාගෙන යා හැකි බවද එම සමාගම් තහවුරු කර ඇත.
එම නිසා එල් පී ගෑස් සම්බන්ධව පවතින තාවකාලික ගැටළුව ඉදිරි දින කිහිපය තුළ සාමාන්‍ය තත්ත්වයට පත්වන බවට අදාළ සමාගම් ඉහත සාකච්ඡාවේදී විශ්වාස පළ කර ඇත.
එමෙන්ම පසුගිය දින කිහිපය තුළ වෙළඳපලේ එල්පී ගෑස් වැඩි මිලට අලෙවි කරනු ලැබූ සහ ගෑස් සඟවා තබා ගත් වෙළදුන් 31 දෙනා සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් වැටලීම් සිදුකර නීතිය ක්‍රියාත්මක කර ඇති අතර ගෑස් සගවා තබාගැනීම කොන්දේසි සහිතව විකිණීම හා වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධව එම වෙළදුන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු සිදුකරමින් පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි මිලටවත් කොහද ගෑස් ගන්න තියෙන්නේ මම දවස් තුනක් තිස්සේ ගෑස් ගන්න හොයන්නේ
නිසි බලධාරියා නිදියගෙන ඉඳලා තියෙන්නේ. බඩු ඕඩර් කරන්නේ ලොක්කගේ ගෙදර ගෑස් ඉවර වුණාට පස්සේ වෙන්න ඇති. රාජ්‍ය සමාගම් වල ස්වභාවය මේක නම් රජය බිස්නස් වලින් ඉවත්වෙන්න ඕනේ බව පෙනෙනවා නේද?
ගෑස් කොහේවත් ගන්න නැහැ. මදැයි පුද්ගලීකරණය කළා.