IMG-LOGO

වටවල ප්‍රජා ශාලාවේ රැස්විමක් විසුරුවා හරී

(රංජිත්රාජපක්ෂ)                       

කොරෝනා පැතිර යාමේ අවදානමත් සමඟ සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ නිකුත් කර ඇති උපදෙස් උල්ලංඝනය කරමින් වටවල ටෙම්පල්ස්ට්‍රෝ ජන පදයේ ප්‍රජා ශාලාවේ පැවති රැස්විමක් විසුරුවා හැරිමට අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා සහ වටවල පොලිසියේ නිලධාරින් (11) දින පස්වරුවේ කටයුතු කළහ.
 
වටවල මවුන්ජින් ප්‍රදේශයේ මැණික් ඉල්ලම් සහිත ඉඩමක නිත්‍යනුකුලව මැණික් ගැරිම සදහා වටවල ප්‍රදේශයේ ප්‍රදේශවාසින් එක්ව  පිහිටුවාගත් සමිතියකට ගිනිගත්හේන ගොවිජනසේවා මධ්‍යස්ථානය මගින් ලබා ගැනිමට එම රැස්විම (11) දින පස්වරුවේ කැදවා තිබුණි.
 
ගිනිගත්හේන ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන නිලධාරිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වු එම රැස්විම සදහා වටවල මහජන සෞඛ්‍යය පරික්ෂකවරයාගේද අවසරය ලබාගෙන තිබුණද එම අවසරයේ අනුමත ප්‍රමාණයට වඩා නිසි සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද නොපිලිපදිමින් අදාල රැස්විම පැවැත් වු නිසා එම රැස්විම විසුරුවා හැරිමට තමන් පොලිසිය සමඟ එක් ව කටයුතු කළ බව  අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා  පැවසීය.
 
එම රැස්විම සංවිධානය කළ වටවල ටෙම්පල්ස්ට්‍රෝ ජනපදයේ ප්‍රදේශවාසින් චෝදනා කර සිටියේ තමන් සෞඛ්‍යය උපදෙස් පිළිපදිමින් රැස්විම පැවැත් වු බවත්, අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා මවුන්ජින් ප්‍රදේශයේ වතු කම්කරුවන් විශාල පිරිසක් සමග පැමිණ තම රැස්විම විසුරුවා හැරිමට කටයුතු කළ බවත්ය.
 
රැස්විම විසුරුවා හැරිමේදි දෙපාර්ශවය අතර දැඩි උණුසුම් තත්ත්වයක්ද ඇති විය.



අදහස් (0)

වටවල ප්‍රජා ශාලාවේ රැස්විමක් විසුරුවා හරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 65 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 276 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site