අනීෂා මානගේ සහ ක්‍රිෂාන් ජීවක ජයරුක්
රත්ගම බූස්ස ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඝාතනය කළැයි කියන ව්‍යාපාරිකයන් දෙදෙනාගේ යැයි සැකකරන පිළිස්සුණු අස්ථි කොටස් සහ දත් කිහිපයක් වලස්මුල්ල හැවැන්දෙණිය රක්ෂිතයේ තිබී සොයාගත් අතර වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් සුරංග මුණසිංහ මහතා අද (22) එම ස්ථානය පරීක්ෂාවට ලක් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අනාවරණය වූ කරුණු අනුව පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු වලස්මුල්ල හැවැන්දෙණිය ප්‍රදේශයේ සැවැන්දෙණිය රක්ෂිතයේ සිඳී ගිය ඇළ මාර්ගයක තිබී පිළිස්සුණු අස්ථි සහ දත් කොටස් කිහිපයක් සොයා ගත්හ.
වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් සුරංග මුණසිංහ මහතා, මාතර අධිකරණ වෛද්‍ය නිලධාරී සුමිත් අඹේපිටිය මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්, රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ තංගල්ල කොට්ඨාස ස්ථානීය අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරිහු පිරිසක් පරීක්ෂණ කටයුතු සඳහා සහභාගී වූහ.
ඡායාරූප - අනීෂා මානගේ






COMMENTS
ජනපතිතුමන් සොයා බලා මොවුන් එල්ලා මරන්න...
අහෝ... මේ ධර්මද්වීපය..!!!
පොලිසියේ අයම මෙහෙම මිනිස්සු මරනවා නම් රට විනාශ වෙන එක අහන්නත් දෙයක්ද? පොලීසිය යම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නව නම් එම සිද්ධිය විඩියෝ කල යුතුයි වගේ නීතියක් ගේනවා නම් මෙහෙම වෙන්න තියෙන ඉඩ අඩුයි. ඒ වගේම මාර්ග නීති උල්ලංඝණය කරන ඒවාවලදී දඩ නියම කරද්දීත් අනිවාර්යයෙන් කෙටි විඩියෝ එකක් අනිවාර්ය කළයුතුයි. නැත්තම් මේ රට හදන්න බෑ.
ජනාධිපති යටතේ නේද පොලිසිය තියෙන්නේ...? රූකඩය...
මේ වගේ යුගයක් තිබිල ඉවර වුනා විතරයි...
වැටත් නියරත් ගොයම් කයි නම්......!
මෙවැනි වෙස්ගත් නරුම පොලිස් හිවල්ලු නිසා මදුෂ් වැනි පාතාල නායකයින් බිහිවෙන එක අහන්නත් දෙයක්ද? නීතියෙන්, සාධාරණයක් ඉටු නොවුණොත් තව මදුෂ්.... කෙනෙක් ලඟදීම බිහිවෙනවා.. පව් අසරණ පිරිමි දෙදෙනා... පොලිසියේ ලොක්කට කුකුල්මස් නිකම් දුන්නේ නැති නිසාවෙන්න ඇති මේ අපරාදය කෙරුවේ....
මේවා සහගහන අපරාධ.
පොලිසියට මේ වගේ අපරාධ කරන්න පුලුවන්ද? ජනපතිතුමනි මේ නරුමයෝ එල්ලා මරන්න.
පව් අහිංසක දරු පවුලම ඉවරයි
මේ නරුමයන්ට එල්ලුම් ගහ නෙමේ නියම කරන්න ඕන ගල් ගසා මරන්න නියම වෙන්න ඕන. එතකොට තමයි වේදනාව තේරෙන්නේ එල්ලුම් ගහ හොඳ වැඩියි.
මුහුණු පොතෙන් ළමයෙක් පොලිසියට අපහස කලා කියලා අත්අඩංගුවට ගත්තේ මේ සතියේ පොලිසියේ පිරිසක් කරන මිලේච්ච ක්‍රියා නිසා මුළු පොලිසියටමයි ජනතාව පිලිකුල කරන්නේ. අර කුඩා දරුවන් මේක කොහොම විද දරාගන්නද?හමුවෙන්න ඉන්න දරුවා ?මුළු රටක් කරන ශාපෙන් නම් ගැලවීමක් නැත
මේ මාස ටිකට කී දෙනෙක් නම් නිකරුනේ මැරුවද? වැඩිහරියක්ම අරක්කු මස්වලටයි, තියෙන මළපෙරේතකම නිසා මිනිස් ඝාතන කරන්නේ. ඇඹිලිපිටියේ තරුණයා මැරුවේ අරක්කු නොදීපු නිසා කියලනේ... පළාත කියන්නේ, දිවුලපිටියේ පොලිසියෙන් ගහලම මැරුවේ සුද්දගේ අරක්කු බෝතලේ දීපු නිසා. මේ සිද්ධියත් මොවුන්ට මස් නොදීපු නිසා කියලයි ගම්වැසියන් කියන්නේ... පස්යාලේ තරුණයා ඇතුළුව මේ අවුරුදු දෙකට කී දෙනෙක් නම් මරලා දැම්මද?
රටේ දැන් බිහිසුණුම පාතාලය පොලිසියේමයි ඉන්නේ...
දැන් මරණ දණ්ඩන ජවනිකාව ජනපතිට අමතක වෙලා.. පිලිපීන ජනපතිගේ හිතේ අපේ උන්දැ කියනදේ කරන කෙනෙක් කියලා... හි.. හි..