IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රටේ අර්බුධ වලට විසඳුම් හොයන්න වෘත්තිය සමිති සමග සාකච්ඡා

(අංජුල මහික වීරරත්න)

රටේ පවතින වත්මන් අර්බුද වලට එකමුතුව මුහුණ දෙන ආකාරය ගැන දේශපාලන පක්ෂ වලට අමතරව වෘත්තිය සමිති,වෘත්තීයවේදී සංවිධාන සහ බහුජන සංවිධාන රැසක් සමඟ සාකච්ඡා ඇරඹීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය මෙම තීරණය ගත්තේ හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න, හිටපු ආණ්ඩුකාර කීර්ති  තෙන්නකෝන්, හිටපු ආණ්ඩුකාර අසාද් සාලි, නීතීඥ ශිරාල් ලක්තිලක සහ නීතීඥ ගුණරත්න වන්නිනායක යන මහත්වරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් සමග එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රමුඛ එජාප නායකයන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත් වූ සාකච්ඡාවෙන් පසුවයි.

හිටපු ආණ්ඩුකාරවරුන්සමඟ පැවැත්වූ සාකච්ඡාව වල ප්‍රගතිය පිළිබඳව එක්සත් ජාතික පක්ෂ මහ  ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්වත් කිරීමෙන් පසුව වෘත්තීය සමිති ඇතුළු සංවිධාන සමඟ සාකච්ඡා කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

රජයට එරෙහි සියලූ බලවේග ඒකරාශී කරගනිමින් සාකච්ඡා අරඹන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව මෙම සාකච්ඡා ඇරඹීමට නියමිතය.

එය සමගම අනෙකුත් දේශපාලන පක්ෂ සමග කරන සාකච්ඡා ද අඛණ්ඩව ඉදිරියට ගෙනයන බව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කීය.

 



අදහස් (11)

රටේ අර්බුධ වලට විසඳුම් හොයන්න වෘත්තිය සමිති සමග සාකච්ඡා

කිරි පුතා Thursday, 23 December 2021 10:32 AM

කට්ටියම එකතු වෙලා මේ අස්සේ වැඩ වර්ජන රැල්ලක් පටන් ගන්න වගේ සූදානම. අසාද් සාලිත් කරලියට නැවත ගෙන්න ගන්නයි හදන්නේ . තම පක්ෂය සහ තම ලේවල පැහැයත් කොළ කියලා හිතන් ඉන්න සියලු ලාංකීය පුරවැසියන් තම මව්බිම ගැනත් සිතිය යුතුයි .

:       4       8

FAIROOSThursday, 23 December 2021 03:20 PM

ඔබ වගේ වහල්ලු ඉන්නකම් රටට අබ සරණයි...!!! 

:       4       4

sujeewaFriday, 24 December 2021 09:19 AM

වහල්ලු යන වචනය හැර වෙන කිසිවක් නොදන්නා, නාෙතේරෙන, වහල්ලු යන වචනයටම වහලෙකු වූ පුද්ගලයෙකි...

:       0       1

NMThursday, 23 December 2021 07:45 PM

රටේ පවතින වත්මන් අර්බුදවලට වෘත්තිය සමිති, වෘත්තීයවේදී සංවිධාන සහ බහුජන සංවිධාන විසින් විසඳුම් ඉල්ලා වෘත්තිය ක්‍රියාමාර්ග හෝ වැඩ වර්ජන කළද රජයට මුදල් නොමැතිකම නිසා කිසිඳු විසදුමක් ලබාදිය නොහැකිය. වෘත්තිය සමිති මේ පිළිබඳව අවබෝධ කරගත යුතුව ඇත. වර්තමාන දේශපාලනයට තිත තබමින් අලුත් කණඩායමක් පාර්ලිමේන්තුවට පත්කළහොත් වෘත්තිය සමිති, වෘත්තීයවේදී සංවිධාන සහ බහුජන සංවිධාන එම රජය සමග වෘත්තිය ක්‍රියාමාර්ග හෝ වැඩ වර්ජන වසර 5කට හෝ 10ක් නොකරන බවට සහතිකයක් ලබාදිය යුතුවේ. පත්වන කණ්ඩායම විසින් රට නිසිමගට ගැනීමට පෙර දැනට දැඩි ආර්ථික අපහසු තත්වයන් සඳහා ඉක්මණින් විසඳුම් ලබා දී අඩුම වශයෙන් මිනිසුන්ගේ දිනපතා අවශ්‍ය තත්වයන් සපුරා ගැනීමට පරිසරය ඇති කරනු ඇත. වෘත්තිය සමිති, වෘත්තීයවේදී සංවිධාන සහ බහුජන සංවිධාන පත්වන අලුත් කණ්ඩායමක් සමග එකඟත්වයකට පැමිණියහොත් රටේ දේශපාලන ස්ථාවර බවක් ලෝකයට පෙන්විය හැකිවනවා පමණක් නොව ලංකාවේ විදේශ ආයෝජන පිළිබඳව විදේශ රටවල් සලකා බලනු ඇත. රට වේගයෙන් පියවර කිහිපයක් ඉදිරියට යනු ඇත. විශේෂයෙන්ම වෘත්තිය සමිති ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකස්විය යුතුවේ...

:       0       0

පැරකුම් Thursday, 23 December 2021 11:35 AM

එජාපය නොවෙයි මේව කරන්න ඕන ආණ්ඩු පක්ෂය. ඒත් ඒක කවදාවත් නොවෙන දෙයක්. අපේම අවාසනාව.

:       0       7

Mangala Thursday, 23 December 2021 01:06 PM

එජාපෙ මේ වගේම නාඩගමක් 2015 ට කලිනුත් නැටුවා. 2015 බලයට පත් උනාට පස්සේ මෙලෝ දෙයක් කලේ නැහැ. දේශපාලන පළිගැනීම් වලට අවු 20 කට වඩා ලක් වෙච්ච එජාපෙ පාක්ෂිකයින්ට සාධාරණයක් කරගන්න බැරි උනා අවුරුදු 5 ක් බලයේ ඉදලත්. තවත් මුන්ට රැවටෙන්න එපා. වසලයොන්ට වෙන උදාහරණ ඕන නැහැ.

:       2       4

Toni Thursday, 23 December 2021 02:44 PM

ආයෙත් දිය යටින් ගිනි ගෙනියන්න හදන්නේ

:       2       2

Bishan Thursday, 23 December 2021 04:08 PM

එජාපය විසඳුම් හොයන්නේ එයාලාද ආණ්ඩුවේ දැන්...?

:       1       1

Rama Thursday, 23 December 2021 05:29 PM

1980 ජූලි වර්ජකයන්ටත් ඔය විදිහට සැළකුවා නම් හරිනේ. ඒ වෙලාවේ වර්ජනය කරපු හැම දෙනාවම එක දවසින් අස්කරලා දැම්මා. ඒ අය ගැන මොකද කියන්නේ. මේ ආණ්ඩුව හරියි කියලා කියන්නේ නෑ නමුත් මේ යූ එන් පී සහ සමගි ජන බලවේගයේ කට්ටිය හැසිරෙන්නේ හරියට එයාලගේ ආණ්ඩු තිබුණු කාලේ වෘත්තිය සමිති සාමාජිකයන්ට රතු පලස් එළලා සැළකුවා වගේ.

:       0       0

Bamunuarachchi Thursday, 23 December 2021 06:20 PM

රටේ අර්බුදවලට මුල ඩොලර් නැතිකම .වෘර්තිය සමීති වලට පුලුවන්ද ඩොලර් හොයන්න? කොරෝනා නිසා කඩා වැටුන විදේශීය විනීමය ගෙනෙන මාර්ග නැවත ස්‌ථාපිත උනාම අර්බුධ හරියාවි

:       0       0

Hafeel Friday, 24 December 2021 09:22 AM

මේ සේරම එදා රනිල්ගේ නායකත්වය විවේචනය කරමින් සහ රනිල් එපා කියමින් එක්සත් ජාතික පක්ෂය දාල ගිය අය. දැන් එකතු වෙලා. එදා මාතරදී මංගලගේ කුරුඳු පොලු හමුදාවෙන් ගුටි කාපු සෙට් එක මේක... මෙයාලාට කන්න ලැබුණොත් කබරගොයාත් තලගොයාය... වගේ කතාව මේක...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site