IMG-LOGO

2025 පෙබරවාරි මස 09 වන ඉරිදා


රටින් රෙදි ගෙන්වීමට පසුගිය කාලයේ කෝටි එක්ලක්ෂ හැටතුන් දහසක් වැය කරලා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවට රෙදිපිළි සහ ඇදුම් ආනයනය කිරීම සඳහා 2015සිට 2019වර්ෂය දක්වා රුපියල් කෝටි එක් ලක්ෂ හැටතුන් දහසක් වැය කර ඇතැයි මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේදී අද (03) පැවැසීය.

මුදල් රාජ්‍ය ඇමතිවරයා මෙසේ පැවසුවේ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

නිමි ඇඳුම් කර්මාන්තය නඟා සිටුවීම සඳහා රජය මැදිහත්කරුවෙකු සහ පහසුකම් සලසන්නෙකු ලෙස උපරිම සහය ලබාදෙන බවද මීට අදාළව රේගුවේ කාර්‍යභාරය තවදුරටත් ශක්තිමත් කරන බවද හෙතෙම කීවේය.

රටේ මූල්‍ය තත්ත්වය ස්ථාවරව පවත්වාගෙන යෑම සඳහා රජය මේ දිනවල සිදු කරන්නේ අත්‍යවශ්‍යම ආනයන පමණක් බවද අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.

රෙදි පිළි සහ ඇඳුම් ආනයනය වෙනුවෙන් පසුගිය රජ සමයේ දී අති විශාල මුදල් කන්දරාවක් වැය කර ඇතැයි මොහොමඩ් මුසම්මිල් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

 



අදහස් (16)

රටින් රෙදි ගෙන්වීමට පසුගිය කාලයේ කෝටි එක්ලක්ෂ හැටතුන් දහසක් වැය කරලා

ලුම්බිණි Tuesday, 03 August 2021 12:52 PM

මොකද්ද ඒකේ වැරැද්ද?

:       202       146

Jay Tuesday, 03 August 2021 01:06 PM

එයාලගේ එකෙක්ම අහනවා ,එයාලම උත්තර දෙනවා .ඒ කියන්නේ ඊළඟට ඇඳුනුත් නැතුව යන්න වෙන්නේ .සර් පාස්

:       172       110

pissa Tuesday, 03 August 2021 01:13 PM

හරි.රෙදි අදින්නෙ නැතුව ඉන්න ලෑස්ති වෙන්න .එකත් අත්‍යවශ්‍ය නැහැනේ .

:       153       107

Perera Tuesday, 03 August 2021 02:35 PM

ඊට කළින් අවුරුදුවල රෙදි ගෙන්නුවේ නැති ගාණට මෙයාගේ කතාව... මේ ගං කබරයාවත් හම ගහන්න වටින කෙනෙක්...

:       203       47

අමර Tuesday, 03 August 2021 02:46 PM

ඒවා තමයි මේ කබ්රාල් ලස්සනට ඇඳන් ඉන්නේ... හරියට අමුඩෙ ගහන් ඉන්නවා වගේ කතාව...!!! 

:       64       7

විපරමා Tuesday, 03 August 2021 03:19 PM

රටින් රෙදි ගෙන්නුවේ අහවල් දේකටද කියලා දන්නේ නැති මනුස්සයෙක්... පිටරටින් අශ්ව පැටව්, බලු පැටව් ගෙනාපුවා මතක නැතුවා වගේ. තමුන්ලා ඒ කාලේ කරපුවා අපි නොදන්නවා නෙවෙයි...

:       111       32

fairoos Tuesday, 03 August 2021 03:30 PM

මෙයාගේ ලොජික් .අනේ යනවා යන්න වැඩ බැරි ටාසන්

:       109       8

de silva Tuesday, 03 August 2021 04:01 PM

ඇඳගෙන ඉන්නෙත් පිටරටින් ගෙනාපු රෙදිවලින් මහපු ටයි කෝට්... ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකුයි.

:       0       0

සිරිසමන් Tuesday, 03 August 2021 05:22 PM

2015 ත් 2019 ත් අතර කාලේ විතරද මෙරටට රෙදි ගෙන්නුවේ? ඉන් පෙරත්, පසුත් කාලවල ඇඳුම් ඇන්දේ මෙරට වියපු අත්සලුද? මේ කියන්නේ ඇඳුම් නැතුව සිටින්නට සිදුවන කාලයක් ළඟ ළඟම එනවා පුරුදු වෙයල්ලා කියලාද? නොතේරුම්කමට විතරක් නොවෙයි 1970ත් 1977ත් අතර කාලේ රෙදි කෑල්ලක් ගන්න විඳපු දුක දන්නා නිසා මෙහෙම කිව්වේ ඇමැතිතුමා...

:       112       127

කවිෂ්ක Tuesday, 03 August 2021 05:55 PM

ඇගලුම් කම්හල් වලට අවශ්‍ය රෙදි නැතුවද මෙච්චර ගෙන්වීම් කරල තියෙන්නෙ. ඇගලුම් කම්හල් වල මහපුවා නම් අපනයනය කරන්න ඇති තමා. සම්පූර්ණ ඇදුම් ඇඳගෙන මොනවද කියන්නෙ අනේ. මෙහෙමත් අයත් ඉන්නවානේ

:       0       2

Bamunuarachchi Tuesday, 03 August 2021 07:35 PM

මේ රටේ තිබුණු රෙදි කර්මාන්තය කාලා විනාශ කලේ ජෙප්පන්... ආයෝජකයින් කර්මාන්ත අකුලාගෙන බංගලිදේශයට, ඉන්දියාවට ගියා. ජෙප්පන් ලංකාවේ ඉන්නකම් ආයෝජකයින් මෙරටට එන්නේ නැහැ. ජේවීපීය සමූල ඝාතනය කරන්න ඕනේ...

:       3       136

wijeTuesday, 03 August 2021 08:20 PM

මොකද ගුටිකන්නත් හිතුණද?

:       0       1

BamunuarachchiThursday, 05 August 2021 12:11 AM

ඔන්න ජෙප්පෙක්

:       0       0

BamunuarachchiThursday, 05 August 2021 12:13 AM

කෑවේ ටයර් කරේ දාගෙන. ඔලු කොටුවල තියාගෙන.

:       0       0

SUNIL MILANO Tuesday, 03 August 2021 08:42 PM

මේ ප්‍රතිචාර දාපු අයගෙන්ම පේනවා. ජෙප්පන් කියලා මවුබිම විනාශ කරන කම් බලාඉඳලා සතුටු වෙනවා. බමුණු ආරච්චි ඔබ හරි..

:       1       23

BamunuarachchiThursday, 05 August 2021 12:22 AM

මම කිව්වේ බොරුද. 1989 කාලේ අපේ රටේ හිටිය ආයෝජකයෝ ව්‍යාපාර හකුලාගෙන ගියා. 1965 කාලේ මීතොට මුල්ලේ පවර් ලුම්ස් 250 තිබෙන ඉස්තරම්ම රෙදි හදපු කර්මාන්ත ශාලාවක් තිබුන අද කෝ? ඒගොල්ලෝ අකුලා ගෙන බංගලිදේශයට ගියා නිකන් නොවෙයි අපේ දක්ෂ කාමිකයොත් අරගෙන. වැටුප් ගෙවන්නේ ඩොලර් වලින්. මට, නම් වශයෙන් කියන්න බැහැ. ජෙප්පෝ දැන් කරන උද්ගෝෂණ දැක්කාම මෙරටට ආයෝජකයෝ එයිද? නැහැ අපි ළමයිනුත් රට හැර යනවා. ජෙප්පනට හෙන ඉල්ලලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ටිකෙන් ටික විදුලි සැපයුම යථා තත්වයට
2025 පෙබරවාරි මස 09 1063 0

විදුලිබල පද්ධතියේ සියයට 80 ක පමණ සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය.


ලිට්‍රෝ සංශෝධනයට මුදල් අමාත්‍යංශය නිහඬයි
2025 පෙබරවාරි මස 09 1329 3

පෙබරවාරි මාසයේ ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය මේ දක්වා ලැබී නොමැති බව ලිට්‍රෝ සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.


අලි මට්ටු කරන්න කුරුඳු වවයි
2025 පෙබරවාරි මස 09 1090 1

බෝග නිෂ්පාදනයේ දී ඇතිවන වල් අලි හානි අවම කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස මහවැලි ඊ කලාපයේ හෙට්ටිපොළ විල්ගමුව කොට්ඨාශ වල කුරුඳු වගාව ප්‍රචලිත කිරීමට


කළුතර ’’වඳුරෙක්’’ රටේම ලයිට් කපයි
2025 පෙබරවාරි මස 09 6047 21

රට පුරා විදුලිය බිඳ වැටීමට හේතුව පානදුර විදුලි උප පොලේ ට්‍රාන්ස්පෝමරයක වඳුරෙක් ගැටීම බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය.


බුද්ධ ශාසන ඇමති පොලිසි යයි
2025 පෙබරවාරි මස 09 2799 7

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ව


අලුත් සංචාරක කෝච්චිය හෙට සිට වැඩ
2025 පෙබරවාරි මස 09 983 0

’’ඇල්ල ඔඩ්සි (නානුඔය) නමින් නානුඔය හා බදුල්ල දුම්රිය ස්ථානය අතර නව දුම්රි ගමන්වාරයක් හෙට (10) දින සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 54 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 112 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 861 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site