IMG-LOGO

රජයේ මුද්‍රණාලය මැතිවරණ කොමිසමෙන් කෝටි 12 ක් ඉල්ලයි

( +++ සුජිත් හේවාජුලිගේ)

ඉකුත් ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට වැයවූ රුපියල් කෝටි 12කට වැඩි මුදලක් වහාම ගෙවන්නැයි රජයේ මුද්‍රණාලයේ ප්‍රධානීන් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත.

 

මේ හිඟ මුදල මහා භාණ්ඩාගාරයේ මැතිවරණ ප්‍රතිපාදනවලින් ලබාගන්නැයි මැතිවරණ කොමිසම රජයේ මුද්‍රණාල ප්‍රධානීන්ට දැනුම් දී ඇතත් ඒ හිඟ මුදල ඍජුව මුදලින් ගෙවන්නැයි ඉල්ලීමක් කර තිබෙන බව මැතිවරණ කොමිසන් සභා ආරංචි මාර්ගවලින් පැවැසේ.

පසුගිය ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 22 කට වැඩි මුදලක් මැතිවරණ කොමිසම විසින් රජයේ මුද්‍රණාලයට මෙයට පෙර ද ගෙවනු ලැබ තිබිණි.

මේ සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි කල්පනී ලියනගේ මහත්මියගෙන් කළ විමසුමක දී ඇය සඳහන් කළේ ආයතනය පවත්වාගෙන යෑමට මුදල් හිඟයක් තිබෙන හෙයින් ඒ හිඟ මුදල මැතිවරණ කොමිෂමෙන් ඉල්ලා සිටි බව ය.

මේ අතර මැතිවරණ රාජකාරි කටයුතුවල යෙදුණු රජයේ නිලධාරීන් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් කෝටි 40කට වැඩි මුදලක් ද මැතිවරණ කොමිසම විසින් තවමත් ගෙවා නැතැයි වාර්තා වෙයි.
මේ ගෙවීම් කිරීමට රුපියල් කෝටි 45ක පමණ මුදලක් මහා භාණ්ඩාගාරයෙන් දැනටමත් ඉල්ලා ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.

 

 



අදහස් (1)

රජයේ මුද්‍රණාලය මැතිවරණ කොමිසමෙන් කෝටි 12 ක් ඉල්ලයි

රවින් Tuesday, 11 February 2020 10:32 AM

පළාතේ මුළු ජනගහනයෙන් 10% වඩා අඩුවෙන් ගන්නා අපේක්ෂකයින්ගෙන් දඩ වශයෙන් රුපියල් ලක්ෂ දහයක්වත් මුදල්ද ( නිශ්චල හෝ චංචල දේපල ඇප ලෙස තබා ගත හැක) , ඇපයද රාජසන්තක කලානම් නිකන් ඉන්නා හාල් පාරුවෝ ඡන්දේ ඉල්ලන්නෙත් නැහැ, පැවැත්වීමේදී දරන්නවෙන අධික පරිපාලන වියදම් සිදුවෙන්නෙත් නැහැ. නැතිනම් හඳට උඩුබුරන බල්ලොත් ඡන්දේ ඉල්ලාවි. නීති තදින්ම ක්‍රියාත්මක කලොත් මෙවැනි නිකරුනේ යන වියදම් අඩු කරගන්නා ගමන්ම රාජ්‍ය මුදල් අවභාවිතයද අඩුකරගත හැකි වෙනු ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site