(රංජන් කස්තුරි)
පී.එල්.එස්. චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉවත් කිරීම අසාධාරණ යැයි විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා කොළඹදී අද (5) පැවැසීය.
කොළඹ විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනමාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රවි කරුණානායක මහතා එසේ පැවැසීය.
එහිදී රවී කරුණානායක ඇමැතිවරයාගේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න හා ඒවාට ඇමැතිවරයා ලබාදුන් පිළිතුරු මෙසේය.
ප්‍රශ්නය - හිටපු මුදල් ඇමැතිවරයා ලෙස රේගු අර්බුදය ගැන ඔබ දරන මතය කුමක්ද?
ඇමැතිවරයා - මම දැන් විදුලිබල ඇමති
ප්‍රශ්නය - ඔබතුමාට ඒ ගැන මතයක් නැද්ද
ඇමැතිවරයා - මතයක් තියෙනවා.අද කැබිනට් මණ්ඩලයේදී ප්‍රශ්නය සකච්ඡා කරනවා .
ප්‍රශ්නය - චාල්ස් මහත්මිය ඉවත් කිරීම සාධාරණ යැයි ඔබ හිතනවද.
ඇමැතිවරයා - අසාධාරණයි.

COMMENTS
රවී මහත්මයට කැපුන ලකුණු ටික ආපසු දාගන්න ඕනවෙලා වගෙයි. බොර දියේ මාලු බාන්න පුදුම දක්ෂකමක්නේ තියෙන්නේ
මෙයාට විරුද්ධව විනය ක්‍රියා මාර්ගයක් ගන්නකො මෙයා ආණ්ඩුවේ ඉන්නවනම් ආණ්ඩුව ආරක්ෂා කරන්න එපැයි
තරහෙන් වෛරයෙන් කරන ප්‍රකාශ.ගනන්ගත යුතුනොවේ.
ආණ්ඩුවට අන්තිම අමාරුම මොහොතක මොකක් හරි කුණු බාල්දියක් ඇදීම මංගලගේ සිරිතක් - මේක රවිල වගේ මොලයක් ඇති මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි මොකද?
සරත් පර්ත් - මහත්මා ගති තියෙනවද එහෙම ගරු නම්බුනාම දෙන්න?
අහෝ.... රවී නොදුටු මුදල් ඇමති රග....
කතාවට කියනවා "පෙට්ටි කඩයකටත් තරඟට කඩයක් ඕනේ කියල". මේක හොඳයි මංගල - රවී, ෆොන්සේකා - තෙවරපෙරුම ගැටුමට. අපිට ඊළඟ ඡන්ද එනකම් මෙහම ඇමති ගැටුම්, ජනාධිපතිගේ කාලතුවක්කු හඬ අසන්න ලැබේවි.
එතුමිය ඔබතුමාගේ කට්ටිය ඉවත් කරලා කොච්චර කල් වෙනවාද දැන්? අදද ඒ ඉවත් කිරීම ගැන දැනගත්තේ? එහෙම නැතිනම් එතුමිය ඉවත් කරපු මොහොතේම ඔබතුමා ඒ සම්බන්ධයෙන් කළ විරෝධය අපිට ඇහෙන්නේ අදද?