(අනීෂා මානගේ)
සංරක්ෂණ උපාය මාර්ග ඇතුළු හේතු කිහිපයක් හේතුවෙන් තාවකාලිකව වසා දැමූ යාල ජාතික වනෝද්‍යානය වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි යළි අද(30) සිට සංචාරකයින් සඳහා විවෘත කළ බව වනෝද්‍යාන පාලනාධිකාරිය කියයි.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තීරණය පරිදි පසුගිය සැප්තැම්බර් මස 01 දින සිට ලබන නොවැම්බර් මස 01 දින දක්වා මාස දෙකක කාලයක් සඳහා යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමීය.
පැවති දැඩි වියළි කාලගුණය හේතුවෙන් මෙලෙස යාල ජාතික වනෝද්‍යානය වසා දැමූ අතර එම කාලසීමාව අතරතුරදී සංචාරක නිවාඩු නිකේතන හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටත්, සංචාරක උපාය මාර්ග වැඩිදියුණු කිරීම සඳහාත් යොදාගත් බව යාල ජාතික වනෝද්‍යානයේ වනසත්ව අඩවි ආරක්ෂණ නිලධාරි රංජිත් සිසිර කුමාර මහතාගෙන් කළ විමසීමේදී ඔහු පැවසීය.
සැප්තැම්බර් මස 01 දින සිට නොවැම්බර් මස 01 දින දක්වා වූ මාස දෙකක කාලයක් වනෝද්‍යානය වසා තැබීමට තීරණය කලද වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ නියෝගයක් පරිදි වනෝද්‍යානය අද සිට යළි සංචාරකයින්ට විවෘත කෙරිණි.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
යාල ජාතික වනෝද්‍යානය යළි විවෘත කෙරේ