IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මහා ශිවරාත්‍රී දිනය වෙනුවෙන් උතුරේ සියලුම පාසල් 05 වැනිදා වසාදමයි

(වන්නි රොමේෂ් මධුෂංඛ)
ලබන සඳුදා දිනට යෙදී ඇති මහා ශිවරාත්‍රී දිනය නිමිත්තෙන්  05 (අඟහරුවාදා) දිනයේදී උතුරේ සියලුම පාසල් වෙතට නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇති බවට උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් අද (02) දින නිවේදනය කර  සිටියේය.

උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් ආචාර්ය රාඝවන් මහතා විසින් උතුරු පළාත් අධ්‍යාපන ලේකම් ඇතුලු නිලධාරීන් සමග සිදු කරන ලද සාකච්ඡාවකින් මෙම තීරණය ගෙන ඇත.

එමෙන්ම මහා ශිවරාත්‍රී දිනය වෙනුවෙන් උතුරේ සියලුම පාසල් වෙතට අගහරුවාදා දිනයේ නිවාඩු ලබා දෙන බැවින් උතුරේ උපකාරක පංති පවත්වන සියලුම ගුරුවර ගුරුවරියන්ගෙන්ද උතුරු ආණ්ඩුකාර සුරේස් රාඝවන් මහතා ඉල්ලීමක් කොට ඇත්තේ පාසල් නිවාඩු බැවින් එදිනට උපකාරක පන්තිද නොපවත්වන ලෙසටයි.

දෙමළ ජනතාවගේ වසරේ ප්‍රධානම සැමරුමක් වන මහා ශිවරාත්‍රී දිනය සැමරීමේදී පසු දිනයේදීද ශිවරාත්‍රිය සැමරෙන බැවින් 05 වැනිදාද නිවාඩු දිනයක් ලෙසට නම්කර ඇති අතර නිවාඩු දෙන අගහරුවාද දිනය වෙනුවට සතියේ වෙනත් නිවාඩු දිනයක උතුරේ සියලුම පාසල් කටයුතු පැවත්වීමට දිනයක් දැනුම් දෙනු ලබන බවටද උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් පළාත් අධ්‍යාපන කාර්යාල හා කලාප අධ්‍යාපන කාර්යාල වෙතට දැනුම් දී ඇත.



අදහස් (2)

මහා ශිවරාත්‍රී දිනය වෙනුවෙන් උතුරේ සියලුම පාසල් 05 වැනිදා වසාදමයි

Bamunuarachchi Sunday, 03 March 2019 10:13 AM

හැමදාකම වහලා දාලා තියන්නකෝ... අපිට අමාරුද බලන්න...

:       0       1

Aris Sunday, 03 March 2019 10:36 AM

ෆෙඩරල් වලට යන්නත් කලින් පෙරහුරුවක් වගෙයි. නැත්නම් රජයේ නිවාඩු දින පමණයි පාසල් වැසිය හැක්කේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 365 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1010 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site