(රංජන් කස්තුරි)
රට පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා කැ ඳවීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.
ඒ අනුව, අද(22) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්කවල ආරක්ෂාව වෙනුවෙන් කැඳවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.
කොළඹ, ගම්පහ, කළුතර ඇතුලු පරිපාලන දිස්ත්‍රික්ක 25හිම හා දේශීය ජල තීරයද ආවරණය වන පරිදි සන්නද්ධ හමුදා කැඳවා තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි ජනාධිපතිතුමනි, මේ රට හදන්න නම් රැඩිකල් වෙනසක් අවශ්‍යමයි. නැතිනම් මේ රට තව නොබෝකලකින් සිංහල සංස්කෘතිය, සභ්‍යත්වය, නැත්තටම නැතිවෙලා යනවා. අපි ඔබතුමාට හිසනමා ආචාර කරනවා...
හොඳ තීරණයක්... විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල...
මට මුලදී හිතුණේ ගංවතුරට අහුවෙන අය බේරගන්න කියලයි. මහජන සාමය කඩවීමේ අවදානමක් තියෙන බවක් අපි දන්නෙවත් නැහැනේ. අනික ත්‍රිවිධ හමුදාවම කැඳවන්න තරම්..
මේ ගැන ඕනෑ කෙනෙක්ට ඕනදෙයක් කියන්න පුළුවන් නමුත් ගැහුවට පස්සේ 97පාරක් කිව්වා ගහනවා කියලා තාත්තා කිව්වා ගහනවා එළියට යන්න එපා කියලා... මේවගේ කතා අහනවට වඩා මේ තීරණේ අහිංසක මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරන වටිනා තීරණයක්...
ඉතාමත් හොඳ ක්‍රියාමාර්ගයක්! දැන් එජාපෙ කට්ටිය, 3% කට්ටිය, එන්ජීඕ කට්ටිය උඩදාගෙන කෑගහයි. ඔවුන්ට නටාගන්න කියලා අපේ අහිංසක මිනිසුන්ගේ ජීවිත අරක්ෂා කිරීමේ කටයුත්ත ජනාධිපති සිදුකළ යුතුයි.
රට හමුදාකරණය කිරීමේ පළමු පියවරද?
වන්නිය පැත්තේ බලවතෙක් මුස්ලිම් මන්ත්‍රී කෙනෙක් අත්අඩංගුවට ගන්නද මේ සූදානම කියලා කවුදෝ කට්ටියක් කතාවෙනවා ඇහුණා...
හෙට මම අත්අඩංගුවට ගන්නවා. එ්ක නිසා...
හරියටම හරි ජනාධිපතිතුමනි, පාරවල් අවහිර කරමින් උද්ඝෝෂණය කරන අයගේ ඔලුවටම තියලා දාන්න.
යාපනය බන්ධනාගාරය ඉදිරිපිට තාප්පයක චිත්‍ර නිර්මාණය කිරීමෙන් පසුව එම ස්ථානයේ බුද්ධ ප්‍රතිමා තුනක් ස්ථාපිත කිරීමට යාමත් සමග එම ස්ථානයේ දැඩි නොසන්සුන් තත්වයක් හටගෙන තිබුණා. ඊයේ (21) අදාළ ස්ථානයට ගිය දෙමළ ජාතික සන්ධානයේ සහ තවත් දෙමළ පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු පවසා තිබුණේ එම ස්ථානයේ තබන්නට යන ප්‍රතිමා සිංහල බෞද්ධ ඉතිහාස කතා දැක්වෙන ප්‍රතිමා නිසා වහාම ඒවා නිරාවරණය කිරීමෙන් වළකින ලෙසයි. දෙපිරිස අතර බහින් බස්වීමක් ඇතිවී ඇත.
අනතුරක සේයාවක් තිබෙනවා නම් බුද්ධි අංශ යොදවලා ඒවා හැකිතාක් දුරට මර්ධනය කරන්නේ නැතුව, කෙලින්ම නිලඇඳුම් ඇඳගත් හමුදා භටයෝ රටේ තැනතැන යෙදෙව්වොත් පිටරටවල ඉන්න ශ්‍රී ලංකා විරෝධීන් රට මිලිටරිකරණයකට ලක්කරනවා කියලා ආණ්ඩුවට ඇඟිල්ල දිගුකරන්න ඉඩ තිබෙනවා. එහෙම කළොත්, රටට ආයෝජකයින් කෙසේ වෙතත් සංචාරක පැමිණීම නම් අනිවාර්යයෙන්ම අඩුවේවි.. එහෙම වුණොත් අපේ ආර්ථිකය වැටෙනවා. කරන දෙයක් මොලේ කල්පනා කරලා කරන්න.
ඉතාමත් හොඳ තීරණයක්. රට කඩාකප්පල් කරන්න බලාපොරොත්තුව සිටින දේශීය සහ විදේශීය සතුරන්ගෙන් අප ප්‍රවේසම් විය යුතුයි.
පහුගිය කාලේ කෑ ගැහුවා... පොලිස් රාජ්‍යයක් කරනවා කියලා දැන් හමුදා පාලනයක් සිද්ද වෙලා ඉවරයි වගේ. රටේ ප්‍රශ්න නොවිසඳෙන කොට පිහිට ඕක තමයි. යමු යමු ඔහොම යමු.
කුහකයින් කියන දේවල් ගැන නොහිතා රටත්, ජාතියත්, අහිංසක ජනතාවත් වෙනුවෙන් කාදිනල් හිමියන්ගේ ඉල්ලීමද පිළිගෙන ජනාධිපතිතුමා ගත් මේ තීරණය අතිශයින්ම ප්‍රායෝගිකයි. වැදගත් තීරණයක්... පරාජය වුණු අය දේශපාලන වාසි වෙනුවෙන් අදහස් දැක්වූවාට යමක් සිදුවීමට පෙර එය වළක්වා ගන්නා පුද්ගලයා ප්‍රඥාවන්තයෙක් බවයි කියවෙන්නේ... ඔබතුමාට ස්තුතියි.
ළඟ එන නත්තලට අනතුරක් ඇතිවිය හැකිනිසා..., ලොකු ආරක්ෂාවක් දෙන්න කියලා ඉල්ලුවේ කාදිනල්තුමා...
මෙතන කෑගහන ගොඩක් දෙනෙක් දන්නේ නැද්ද කාඩිනල්තුමා නත්තල් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂාව ඉල්ලුවා කියලා. මතකනේ පාස්කු ප්‍රහාරය වුනේ ගණන් නොගෙන හිටපු නිසා කියන එක...
ජනාධිපතිතුමා බේරෙන්න කාදිනල්තුමා නත්තල් දවසේ පල්ලිවලට ආරක්ෂාව දෙන ලෙස ඉල්ලීම ඉටු කරන්නම ඕනේ... මේ විදියට..!!!
කවුරු මොනවා කීවත්,....උත්සව සමයේ.. එහෙම අවදානමක් තිබේ නම්.. දෙයක් වෙන්න කලින් ගතයුතු හොඳ පියවරක්....
මේවා ඡන්දෙදි කිව්වේ නැහැ. අපේ රටට කවදාවත් හරියන්නේ නැහැ.
මොලේ අමාරුකාර, විකෘති කාමාශාවෙන් පෙලෙන්නෙක් නෙගටිව් කොමෙන්ට්ස් දමලා....
නත්තලට පල්ලි යන අයට ආරක්ෂාව සහතික කරන්නත්, ගංවතුර විපත්වලදී ක්ෂණිකව උදව් ගන්නත් නේද හමුදාව සීරුවෙන් තියන්නේ? නත්තල් දින පල්ලි සියල්ලටම ඇතුල්වෙන අයත් අවට ගැවසෙන සෙනඟත් චෙක් කළා නම් නේද හොඳ? එහෙම කළා නම් පාස්කු ප්‍රහාරේ වෙන්නේ නැහැනේ... මිනිස්සු මැරෙනකම් ඉඳලා ආරක්ෂාව ඉල්ලන්න කැමති මෝඩයෝ තමා මේකට බැනලා අදහස් දාන්නේ...
එක පාරකුත් පරදින්න ඔන්න මෙන්න තියලා ත්‍රිවිධ හමුදාවම කැඳෙව්වා. එ්ත් හමුදාපතිලා විරුද්ධ වුණු නිසා වැඩේ කරගන්න බැරිවෙලා පැරදිලා යන්න වුණා. ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් තියෙයි වගෙයි.
අප පැතූ වෙනස මෙයයි. අප රට ආරක්ෂා කිරීම ගැන ගෝඨාභයට මැතිතුමාට ස්තුතියි. කමෙන්ට්ස් බලපුවාම පේනවා අපේ රටේ මිනිස්සුන්ගේ මොලේ තරම.. ගහන්න දීලා බලාගෙන ඉන්න කියලා වෙන්නැති කියන්නේ...
යහපාලන අම්බරුවන්ගේ සහ රට සුරකින රණවිරුවන් අතර වෙනස මෙයයි. දුදනන් හට යහපතක් කළවිට එය තේරුම් නොගනී.
ඉන්දිරා ගාන්ධි ඉන්දියාව මිලිටරි ලෝ දාලා පාලනය කරපු කාලේ තමාලු මුළු නුතන ඉන්දියානු ඉතිහාසයේ, රටේ හොඳම සංවර්ධනය, රටේ හොඳම විනය, රාජ්ජ්‍යය සේවයේ හොඳම රාජකාරිය, රටේ අඩුම රිය අනතුරු, රටේ අඩුම දුෂණ හා නීති කඩකිරීම්, බස් හා දුම්රිය හරියට වෙලාවට යාම හා රටේ නීතිය හරියට ක්‍රියාත්මක කිරීම සිදුවෙලා තියෙන්නේ.
රටේ කිසිම යුධමය වාතාවරණයක් නොමැති අවස්තාවක මෙසේ රටේ සිවිල් පරිපාලනය අභිබවා යන පරිදි හමුදා කැඳවීම දැඩි ලෙස ප්‍රශ්න සහගතය. සමහර විට ඉන්දියානු බලපෑම මත විය හැක.
නියමයි, ජනාධිපතිතුමනි. පොහොට්ටුවන් හැර අනිකුත් හැම දෙනාම අත් අඩංගුවට ගෙන හිරේ දමන්න. එවිට මේ රට පාලනය කිරීම ලේසියි!
ඝෝඨාභය මහතානෙනි රට හදන්න යම රජ්ජුරුවෝ ගෙනාවත් කමක් නැත. හොඳක් වෙනවානම් ඒ හොඳ කාගෙන් කොහොම සිද්ද උනත් කමක් නැහැ කියන ප්‍රතිපත්ත්යේ මම ඉන්නේ.
හමුදාව හැසිරවීම පිලිබඳ අපේ ජනපති ගෝඨාභය මැතිඳුන්ට කවුරුත් කියා දෙන්න ඕන නැහැ. එතුමා මීට අවුරුදු කීපයකට පෙර එය මනා ලෙස ක්‍රියාවෙන් ම ඔප්පු කලා සාමය රකින හැටි. අනිවාර්යයෙන්ම රටේ සුබ සිද්ධිය වෙනුවෙන් සිව් මහා සේනාවෝ සුදුසු තැන්වල රට පුර සිටිය යුතුය. මෙය ඉතා දූරදර්ශි ක්‍රියා මාර්ගයකි. ඔබ තුමාට බුදුසරණයි! රටට බුදුසරණයි!
රටේ සාමකාමී, සාමයට ලැදි, යුක්ති ගරුක සියලු දෙනා හමුදාව යොදවා නැතිකර දැමීමෙන් ද ප්‍රශ්න විසඳිය හැක.
මේ වැඩ වලින් වෙන්නේ ලෝකය හමුවේ රට අපකීර්තියට පත්වීමය. විදේශ ආයෝජන පැමිණීම අඩුවිය හැකි අතර සංචාරක කර්මාන්තයටද අයහපත් බලපෑමක් විය හැක .
බොහෝමයක් ප්‍රතිචාර කියවද්දී රට කන අපතයෝ කවුරුන්ද කියලා පෙනෙනවා..
එ්ක හොඳයි. අරයා මෙහෙ ඉඳන් යාලු ප්‍රජාවට කතාකරන්න බැරි නිසා ඉන්දියාවට ගිය බාප්පලාට කෝල් කරලා ගින්නක් අවුලුවන්න. ප්‍රවේශම් වෙන එක නුවණට හුරුයි.