මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් රෝහණ බැද්දේගේ
( තිළිණි ද සිල්වා )
ප්‍රවීණ කලාකරු හා ජන සංගීතඥයෙකු වන රෝහණ බැද්දේගේ මහතා මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස රජය විසින් නම් කරනු ලැබ ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බැද්දගේ මහතා මෙම තනතුරට නම් කර ඇත.
රෝහණ බැද්දගේ මහතා අදාළ තනතුරට අනුමත කිරීම පිළිබඳ සුදුසු නුසුදුසු බව පරීක්ෂා කිරීමේ අරමුණින් පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව මගින් අද (11) ප්‍රසිද්ධ නිවේදනයක් ද නිකුක් කරනු ලැබ ඇත.
ඒ අනුව ලබන 25 වැනි දිනට පෙර මෙම නම්කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට යම් පුද්ගලයකු හෝ සංවිධානයක් කැමති නම් ලේකම්, උසස් නිලතල පිළිබඳ කාරක සභාව, කාරක සභා කාර්‍යංශය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලිඛිතව දැන්විය හැකි යැයි එම උසස් නිලතල පිළිබද කාරක සභාව කියා සිටී.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධූරයට පත් වීමත් සමඟ විදේශයන්හි පිහිට ශ්‍රී ලංකා දූත මණ්ඩලයන් හි කටයුතු කළ තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් යළි කැඳවීමට තීරණය කළ අතර, ඒ අනුව මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස කටයුතු කළ මේජර් ජනරාල් (විශ්‍රාමික) ඒ.බී තෝරදෙණිය මහතා වෙනුවෙන් රෝහණ බැද්දගේ මහතා නම් කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතින් දැන් අපේ රටට තුන්මන් සරණේ සරණයි !
මම හිතුවේ විහිළු සපයපු යුගය ඉවරයි කියලා. අයියෝ ඉතින් රටක් දියුණු වේවිද?
හොඳ බෙර පදයක් ගහලා, සින්දුවක් තාලෙට කියලා, ජීවිතේ සැඳෑසමය විවේකීව ගතකරලා, හොඳ නිවාඩුවක් අරගෙන අපේ මව්බිමට නැවත එන්න. රෝහණ බැද්දගේ වැනි ශ්‍රේෂ්ට කලාකරුවෙක් කලායතනයක හෝ ගුවන් විදුලි සංස්ථාව වැනි ආයතනයක ප්‍රධානියා වශයෙන් පත්කර ඔහුගෙන් කලා ක්ෂේත්‍රයට උපරිම ප්‍රයෝජන ලබාගන්නේ නැතුව මේ කරන විහිළුවැඩ වලින් රටක් දියුණු කළහැකිද?
ගරු කටයුතු කලාකරුවාණනි, ගරුත්වය රැක ගෙන මේ තනතුර භාර නොගනු මැන. ඔබ අප ගේ හදවත් දිනාගත් අයෙකි. ඔබ මෙම වගකීම් දැරිය හැකි මට්ටමේ නොමැත.
ඔව් ඔව් කරපුවට ආපහු ගෙවන්න එපැයි. වියත් මග කියන්නේ මේක තමයි. හරි හරි ඔහොම යං. කවුරු ආවත් ඕක තමයි වෙන්නේ. පක්ෂ වෙනස් වුනාට පුද්ගලයෝ වෙනස් වුනාට පක්ෂ දෙකම එකම මගේ. අනේ පව් අපි.
ඊට වඩා නරකද එතුමාට සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ ඉහල තනතුරක් දුන්නානම්. වටිනා පුද්ගලයෙක් උනත් මේ තනතුරට ගැලපෙනවද කියලා හිතන්න ඕන.
ස්ටේජ් එකේ කවි කීවේ නිකමටයැ...
මේ කලාකරුවන් මේ වගේ සේවයකට උචිතද? අපේ අසල්වැසි ඉන්දියාව ඔවුන්ගේ තානාපති විදිහට ලංකාවට එවන්නේ ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම නිලධාරියෙක්, කොයිතරම් ජ්‍යෙෂ්ඨයින්ද කිව්වොත් ඔවුන් මේ රටේ ධුරකාලය නිමාකළ වහාම ඇමෙරිකාවේ තානාපති හෝ අමාත්‍යංශ ලේකම් විදිහට පත්වෙනවා... ඉතින් ඔවුන් තමන්ගේ විදේශසේවා ගැන ඒ තරම් සැලකිල්ලක් දක්වනවා. අපෙත් එහෙම සැලකිල්ලක් තියෙන බවක් පේන්න නැහැ.. පැන්ෂන් ගිය හෙන්චයියන් විදේශසේවාවල, නිලතලවලට පත්කරලා කිසිම බැරෑරුම් කර්තව්‍යයක් කරන්න, වගකීමක් දරන්න, ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න පුළුවන් කමක් නැහැ. එක කාලයක් අපේ තක්කඩි තානාපතියන් ඒ ඒ රටවල විවිධ බිස්නස් කළා. මේවා මහා ලැජ්ජාසහගත වැඩ... කලාකරුවන්ට සලකන්න ඕනෑනම් ඒ සඳහා ගතහැකි වෙනත් ක්‍රියාමාර්ග තියෙනවා...
දෙසමන් මලක් වගේ ප්‍රියංකරයි සුකෝමලයි... සුරංගනාවියක් වගේ අහිංසකයි රටක් වගේ... ඔබට සුභ ප්‍රාර්ථනා කරනවා!!!
මේවා පොලිටික්ස් නෙවෙයිද? මොනාද මෙයාට තියෙන ඩිප්ලෝමටික් සුදුසුකම්?
ඉතාම හොඳ කලා කරුවෙක්, නමුත් මහ කොමසරිස්කමට නොගැලපේ.
ඒ කියන්නේ මහා කොමසාරිස් වැඩේ ඕනෑම කෙනෙකුට කරන්න පුලුව වැඩකට නැති ජොබ් එකක්ද?
රෝහණ මහතා දක්ෂ සහ ප්‍රවීන කලාකරුවෙකි. නමුත් මෙවන් තනතුරකට ඔහුගේ ඇති රාජතාන්ත්‍රික හැකියාව කෙබදුද..
අපේ නම් කිසිම අකමැත්තක් නැහැ.
හොඳ තේරීමක්.
ඔබට සුබ පැතුම් ඉතා නිහතමානී පුද්ගලයෙක්.
මේ ලියන්නේ මෙතුමා ගැන ද්වේශයෙන් නම් නොවෙයි. මාලදිවයින අපේ භාණ්ඩවලට වගේම සේවාවන් වලට හොඳ ඉල්ලුමක් ඇති එමෙන්ම අපට පහසුවෙන් ඇතුළුවිය හැකි වෙළඳපොළක්. මෙවැනි රටක තානාපති වරයා විය යුත්තේ මනා රාජ්‍යතාන්ත්‍රික අවබෝධයක් ඇති, රටට වාසි සහගත ලෙස සාකච්ඡා කිරීමේ හැකියාව ඇති, වෙළඳපොල ප්‍රවර්ධනයේ හැකියාව ඇති අයෙක්. ඒ සමහර විට වෘත්තීය විදේශ සේවා නිලධාරියෙකුම නොවීමට පුළුවනි. ලංකාව කොපමණ කුඩා රටක් උවත් ඉන්දියාව ලංකාවට ඔවුන්ගේ තානාපති ලෙස එවන්නේ ඔවුන්ගේ සිටින ජේෂ්ඨතම විදේශ සේවා නිලධාරියයි. එබැවින් මෙරටට වෙළඳ උපායමාර්ග පිළිබඳව වඩාත් නිපුන තාවයක් ඇති කෙනෙකු තානාපති ලෙස පත්කිරීමෙන් ඉදිරියේදී එරට සංචාරක සහ අනෙකුත් සේවාවන්හි වෙළඳපොල අත්පත් කරගැනීමටත්, අධ්‍යාපන, සහ සෞඛ්‍ය වැනි අංශ වල අධිකාරය අත්පත් කරගැනීමටත් හැකිවනු නොඅනුමානයි. මේ ලියනුයේ මේ ශ්‍රේෂ්ඨ ගායකයා ගැන අබමල් රේණුවකවත් ද්වේශයකින් නොවන බව යලිත් සඳහන් කරමි.
මෙතුමා හොඳයි. මෙතුමා මේ වැඩෙිට සුදුසු ද? මෙතුමාට මෙහෙ වැඩක් බලාගෙන ඉන්න කිව්වොත් නරකද?
තාම ජනාධිපති සිරිසේන මහත්මයාද? අනේ මේ ගැන අපේ කිසි විරෝධතාවයක් නෑ. රට හොඳට දියුණු වේවි...!!!
අනේ ඉතින් මේ මහතාට තෙරුවන් සරණේ සරණයි !
මම මේ දන්නේ නැති නිසා අහන්නේ....තානාපති සේවයේ මහ කොමසාරිස්වරයෙකුට අවශ්‍ය සුදුසුකම් මොනවද ?
ජනාධිපතිතුමනි, රටක් නියෝජනය කරන්න විදේශ සේවයේ කිසිම පලපුරුද්දක් නොමැති විශ්‍රාම ගිය කලාකරුවෙකු යවලා හරියනවද ? මෙම තනතුරට යවන්න වෙන සුදුස්සෙක් ලංකාවේ නොමැතිද ?
මගේ සුදු මාමණ්ඩිට බුද්ධං සරණේ සරණයි !
චම්පා මහත්මිය කිසිම විවාදයක් නැහැ. මොහු මමත් ඉතා ආදරය කරන විශිෂ්ට ගණයේ කලාකරුවෙක්... නමුත් මෙතන ප්‍රශ්නෙකට තිබෙන්නේ මොහුට විදේශ සේවයේ කිසිම පළපුරුද්දක් නොමැතිකමයි. මේක හරියට ගුවන්යානාවක් පදවාගෙන යන්න ගුවන් නියමුවා වෙනුවට මහාචාර්ය කාර්ලෝ ෆොන්සේකා නියමු ආසනයේ ඉන්දවීම වැනි වැඩක්.., සහායක නියමුවා යානය පදවාගෙන යාවි. නමුත් හදිසි අවස්ථාවක් ඇතිවුනොත් මොකද කරන්නේ? මෙම වරද පසුගිය දශක කිහිපයේ පත්වුණු සියලුම ආණ්ඩු මගින් සිදුවුණා. අනාගතයේදීත් සිදුවේවි..!!! තානාපතිවරු වෙන්න ඕනේ අඩුම තරමේ අවුරුදු 20ක් වත් විදේශ සේවයේ අත්දැකීම් ඇති රජයේ සේවකයන්, විශ්‍රාම ගිය කලාකරුවන්, දේශපාලකයන්, හමුදා නිලධාරීන් වැනි පුද්ගලයන් තානාපතිවරු වශයෙන් පත්කරලා යවන්නේ සමහරවිට ලංකාවේ අපි පමණක් වෙන්න ඇති...
සිංදු කියන්න වෙන්න ඇති මාලදිවයිනේ...
Ajith Nissanka, මහත්මය ඔබගේ අදහසට මමත් එකඟය මෙතුමා විශිෂ්ට ගනයේ කලාකරුවෙක් , එතුමාට දෙනවනම් දෙන්න ඕනේ කලා ක්ෂේත්‍රයේ අදාල තනතුරක්.