IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මුන්දලමේ ජලයෙන් යට වූ ගම්මාන 20 ක් බේරගන්න උඩප්පුව මෝය කපා දමයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජලයෙන් යටවී තිබූ ගම්මාන රැසක් බේරා ගැනීමට උඩප්පුව මෝය කට අද (22) සවස කපා දැමූ බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

මේ දිනවල පවතින ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් නවයක ජලය බැස නොයා තිබූ ගම්මාන 20 කට ආසන්න සංඛ්‍යාවක ජලය බැස්සවීම සඳහා මෙසේ උඩප්පුව මෝය කැපීම සිදුකර තිබුණි.

මදුරන්කුලිය, නවදන්කුලම, පල්වාසල්වාඩුව, විරපුර, පුදුගම, මංගලඑළිය, කුඩිරිප්පුව, තාරකුඩිවිල්ලුව, කරතන් විල්ලුව යන ග්‍රාම නිලධාරී වසම්වල   පවුල් 372ක, පුද්ගලයින් 1339ක් වැසි ජලය බැස නොගොස් පීඩාවට පත්ව සිටිති.

මුන්දලම ප්‍රාදේශීය ලේකම් විජානි වසන්තිකා මහත්මියගේ ඉල්ලීම මත පුතත්ලම ආපදා කළමනාකරණ ඒකකය මෝය කපා දැමීමට කටයුතු  කර තිබුණි.

 



අදහස් (3)

මුන්දලමේ ජලයෙන් යට වූ ගම්මාන 20 ක් බේරගන්න උඩප්පුව මෝය කපා දමයි

Gamarala Tuesday, 22 October 2019 04:14 PM

ඔය හුඟක් කටවල් මේදවස්වල කපනවට වඩා ප්ලාස්ටර් දාලා වහල තියනවනම් හොඳයි.

:       39       43

de silva Wednesday, 23 October 2019 06:39 AM

ලංකාවේ රාජ්‍ය නිලධාරීන් තම සේවය නිසි පරිදි කරන්නේ නැති බවට හොඳම උදාහරණයක් මේක. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දන්නවා අදාල ප්‍රදේශයට ඉදිරි දින දෙක තුන ඇතුලත වහිනවා කියලා. එතකොට ඔවුන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුවත් කරන්න ඕනේ අදාල ප්‍රදේශවල මෝය කටවල් කපලා ඇළමාර්ග පිරිසිදු කරලා තියන්න කියලා. එහෙම කරාම ගම්බිම්, නගර ගංවතුරෙන් යට වෙන එක විශාල ලෙස අඩු කරගන්න පුළුවන්. ගංවතුර නිසා විනාශවෙන කෝටි ගණනක දේපල, ආධාර දෙන්න වියදම් වෙන මුදල් විශාල ලෙස ඉතුරු කරගන්න පුළුවන්.

:       0       35

de silva Wednesday, 23 October 2019 09:11 AM

මෝය කටවල් කපන එක කරන්න ඕනේ මහ වැස්ස පටන් ගන්න අවස්ථාවේ. කලින් කරොත් මුහුදේ ලුණු මිශ්‍ර ජලය ගංගාවට යනවා , හරිනම් විෂයභාර ඇමති කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට චක්‍ර ලේකයක් නිකුත්කරන්න ඕනේ. මෙවැනි අවස්ථාවක ඇතිවිය හැකි වර්ෂාපතනයේ ස්වභාවය ගැන කලින්ම වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට නොපමාව දැනුම් දෙන ලෙසත් ගංමෝය වල් කැපීමට සුදුසුම වෙලාව දැනුම් දෙන ලෙසත් , වාරිමාර්ග ප්‍රධානියාට දන්වන්න ඕනේ කාලගුණ දෙපාර්තමේන්තුවේ නිර්දේශයන් අකුරට ක්‍රියාත්මක කරන ලෙසත් , එහෙම චක්‍රලේකයක් තිබෙනවානම් , ගංවතුර තත්වයක් ඇතිවෙලා දේපල ජිවිත විනාශ වුනොත් , පසුව කරන පරීක්ෂණයකින් පසුව වගකිවයුතු නිලධාරීන්ට සේයා පහර හැර ඇතිබව ඔප්පු වුනොත් ඔවුන්ට විරුධව පියවර ගන්න පුළුවන් , දැන් සිදු වෙන්නේ මහජන මුදලින් මෙමෙ නිලධාරියන්ට නිල වාහන , විවිධ දීමනා, විදේශ සවාරි ලබාදීලත් මොවුන් හරියට තම සේවය ඉටු නොකරන එක , අපද කළමනාකරණ අමත්යන්ශේ සමහර නිලධාරියෝ බලන් ඉන්නේ මෙවැනි විපත්තියක් වෙලා ඔක්කොම අවුල් වෙනකම් , එතකොට ඒගොල්ලන්ට කොමිස් කුට්ටියක් ලැබෙනවනේ ?

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site