IMG-LOGO

මැතිවරණය පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිසන් සභාවේ කාර්යයක්

(මනෝප‍්‍රිය ගුණසේකර)

මැතිවරණ පනතේ ප‍්‍රතිපාදන අනුගමනය කරමින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිසන් සභාව සතු කාර්ය භාරයක් බව නීතිපතිවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට අද (04) දැනුම් දුන්නේය.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය මැතිවරණ නීතියට අනුකූලව පැවැත්වීමට පියවර ගැනීම යෝග්‍ය බව ද නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතාට උපදෙස් ද ලබාදී ඇත.

මහ මැතිවරණය සඳහා දින නියම කර තිබිය දී රට තුළ හදිසියේ උද්ගත වූ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රජය  නිවාඩු දිනයන් ප‍්‍රසිද්ධියට පත් කර තිබෙන අතර තුර නාමයෝජනා භාර ගැනීමේ යම් නීතිමය දෝෂයක් ඇත්දැයි තමන්ට උපදෙස් ලබා දෙන්නැයි මැතිවරණ කොමිසම කළ ඉල්ලීම එක් දිනක් තුළ සළකා බැලීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් අදාල උපදෙස්  ලබා දී තිබිණි.

මහ මැතිවරණය පැවැත්වීමට දින නියම කර නාමයෝජනා පත‍්‍ර භාර ගැනීමට කටයුතු කරමින් තිබිය දී පසුගිය මාර්තු 17, 18, සහ 19 දිනයන් රජයේ නිවාඩු දිනයන් ලෙස ප‍්‍රකාශයට පත් කෙරිණි.

එසේ තිබිය දී මහ මැතිවරණයට අදාල නාම යෝජනා රජය විසින් භාර ගන්නා ලද අතර ඒ පිළිබඳව විවිධ පාර්ශව විවිධ තර්ක ඉදිරිපත් කරනු ලැබීය.

එම කරුණු සැලකිල්ලට ගත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහි ඇති නීතිමය පසුබිම පසුගිය 3 වැනිදා  නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා සිටි අතර ඒ පිළිබඳව උපදෙස් ලබා දෙමින් නීතිපතිවරයා මසේ දැනුම් දී තිබිණි.   

 



අදහස් (11)

මැතිවරණය පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිසන් සභාවේ කාර්යයක්

bamunuarachchi Monday, 04 May 2020 12:54 PM

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිසන් සභාව සතු කාර්ය භාරයක් බව නීතිපතිවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට අද (04) දැනුම් දී තිබේ. එමගින් සනාතවනුයේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මැතිවරණය පිළිබද තීන්දු ගැනීමේ නිසි බලධාරියා බව වේ. කොරෝනා වසංගත තත්වය හේතුවෙන් රජය නිවාඩු දිනයන් ප‍්‍රසිද්ධියට පත් කර තිබෙන අතර තුර නාමයෝජනා භාර ගැනීමේ යම් නීතිමය දෝෂයක් තිබේනම් නාමයෝජනා නැවත කැදවිම කලයුතු වේ. මේ අවස්ථාවේ කලයුතුවන්නේ දේශපාලනය, මැතිවරණය පසෙකින් තබා covid-19 පිලිබදව කෙරෙන පරීක්ෂණ වැඩි කිරීම වේ. එසේ නොමැති උවහොත් covid-19 වැලදී රෝග ලක්ෂණ නොපෙන්වන කණ්ඩායම් ඔක්තෝබර් දෙසැම්බර් අතර කාලයතුල මතුවීමට බොහෝ විට ඉඩ තිබේ.

:       149       184

athuraya Monday, 04 May 2020 02:06 PM

නොමිනේෂන් බාරගත්තේ ආණ්ඩුවද? නැතිනම් කමිෂන් එකද?

:       2       173

saliya Monday, 04 May 2020 04:09 PM

මේ උත්තරය ප්‍රශ්නයට වඩා ප්‍රශ්නයක්. අපිට නම් මේවා අපබ්‍රංශ...

:       14       62

Hafeel Monday, 04 May 2020 05:15 PM

හරියට රෝසි සේනානායක, ගීතා කුමාරසිංග, පවිත්‍රාගේ උත්තර වගේ.

:       53       123

ලැවොයිසියර් Monday, 04 May 2020 04:34 PM

මට නං මුකුත් තේරෙන්නෙ නැහැ. අන්තෝ ජඪා, බහී ජඪා. ජඪාය ජඪිතෝ පජා.

:       21       31

නිහාල් Monday, 04 May 2020 07:41 PM

මැතිවරණය පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිසන් සභාවේ කාර්යයක් කියා නීතිපතිවරයා ලබා දී ඇති පිළිතුර පැහැදිලි නොමැතිනම් ඔයාලට පුළුවන් උපරිමාධිකරණයට ගොහින් පැහැදිලි කිරීමක් කර ගන්න.

:       0       0

wije Monday, 04 May 2020 04:41 PM

අනේ මන්දා මට නම් තේරෙන විදියට මැතිවරණ කොමසාරිස්වරයා අහලා තියෙන්නේ රජය නිවාඩු ලෙස ප්‍රකාශ කරපු දිනයක නාම යෝජනා ගැනීම නීත්‍යනුකුලද කියලා. නමුත් අර "කොහෙද යන්නේ ඇහුවාම මල්ලේ පොල් කියන උත්තරය තමයි දීලා තියෙන්නේ". ඇත්තටම නීත්‍යනුකුලද? දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ.

:       141       97

දයාන් Monday, 04 May 2020 05:11 PM

නිත්‍යානුකූලව නාම යෝජනා බාර ගත් පසුව ඉතිරි ක්‍රියාදාමයද කරගෙන යන්න. එවැනි අදහසක් තමයි මින් පැවසෙන්නේ .

:       390       315

දසුන් Tuesday, 05 May 2020 01:47 AM

කොමසාරිස්වරයා මුලින්ම ජනාධිපතිතුමා කඩේ යවන්න උත්සාහ කලා. ඒක බැරි වුණාම නීතිපතිවරයා අල්ලගන්න බැලුවා. ඒකත් හරි ගියේ නැහැ. ඊළඟට තවත් මුට්ටියක් දාලා බලයි. මේකට වෙන්න ඇති ස්වාධීන කියන්නේ තවමත්...

:       0       0

Samitha Senaka Aluthgamage. Tuesday, 05 May 2020 01:36 PM

මැතිවරණ පනතේ ප්‍රතිපාදන අනුව මැතිවරණය පැවැත්වීම කළයුතු බව අදාළ කොමිසම හොඳින්ම දන්නා දෙයක්. මැතිවරණය මැතිවරණ නීතියට අනුකුලව පැවැත්විය යුතු බවද එම කොමිසම දන්නා කරුණක්. කොමිසමේ පැනයට පැහැදිලි පිළිතුරක් ලැබී නැතිබව තමයි සිතෙන්නේ.

:       0       64

Aris Wednesday, 06 May 2020 08:31 AM

කැලැන්ඩරේ නැති හදිසියේ නම් කරපු නිවාඩු දින නිසා මැතිවරණ නීතියට පටහැනි නැතිව ඇති. යම් හෙයකින් නාම යෝජනා අවලංගු කලොත් අලුතින් නාම යෝජනා භාර ගැනීමත් මැතිවරණ නීතියට පටහැනියි. එවිට මැතිවරණය තියන්න විධියක් නැහැ. ඉදිරි අවුරුදු 5 සදහා කලින් ආණ්ඩුව බලාත්මක කරන්නයි වෙන්නේ. ඒ නිසා වෙන්න ඇති පාර්ලිමේන්තුව යලි කැදවන ලෙස ඔවුන් ඉල්ලුම් කරන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site