අජන්ත කුමාර අගලකඩ
මැතිවරණ රාජකාරී කටයුතුවලට යොදවන පොලිස් නිලධාරීන් සඳහා ද වෙනම මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් සෞඛ්‍ය බලධාරීන්ගේ, පොලිස් මැතිවරණ කාර්යාංශයේ නිලධාරීන්ගේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (29) පැවැත්විණි.
මහමැතිවරණ රාජකාරී සඳහා යොදවන පොලිස් නිලධාරීන් කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමෙන් වළක්වා ගැනීම සඳහා මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කෙරේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.