(මහින්ද නිශ්ශංක)
දින තුනකට පසු කොළඹ මඩකලපුව දුම්රිය මාර්ගයේ රාත්‍රී තැපැල් දුම්රිය අද (25) රාත්‍රී සිට ධාවනය වන බව දුම්රිය පාලන මැදිරි කාර්යාලය පවසයි.
ඉකුත් 21 වැනිදා රාත්‍රීයේ කොළඹ මඩකලපුව දුම්රිය මාර්ගයේ අවුකන පාලම මතදී තැපැල් දුම්රිය පිලී පැනීම හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ ධාවනය කටයුතු සිදු නොවීය.
පිලී පැන තිබූ දුම්රිය එන්ජිම සහ මැදිරි 6 පිලිගත කිරීමෙන් පසු දුම්රිය මාර්ගය පිලිසකර කර යථා තත්ත්වයට පත් කළ බව දුම්රිය පාලන මැදිරි කාර්යාලය පවසයි.
COMMENTS
ඔන්න ලංකාවේ කාර්යක්ෂමතාවය .. පීලිපැනපු දුම්රියක් පීලිගත කරළ පාර හදන්න දවස් 3 ක් .