IMG-LOGO

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා සඳහා නව දුරකතන අංකයක්

(නිමල කොඩිතුවක්කු)

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාල වලින්  සේවා ලබාගැනීමේදී හඳුන්වා දුන් දුරකථන අංක අවලංගු කර 0112 677 877 යන නව දුරකථන අංකය හදුන්වා දෙන බව ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුනුගම මහතා කොළඹදී අද(30) පැවසීය.

කලින් හදුන්වා දුන් දුරකථන අංක සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවත්  රාජ්‍ය අමාත්‍යවරයා ස`දහන් කළේය.

නව  දුරකථන අංකය ඔස්සේ පැය 24 පුරාම සේවා වෙන් කරගැනිමේ පහසුකම් සලසා ඇතැයිද කොළඹදී මාධ්‍ය හමුවක් කැ`දවමින් දිලූම් අමුනුගම මහතා මේ බව පැවසීය.මේ වනවිටත් සිදුකර ඇති සේවා වෙන්කරගැනීම් ඒ අයුරින්ම වලංගුව පවතින බවත් ඔහු කියා සිටියේය.මෙම දුරකථන අංකය  ඔස්සේ දිනයක්, වේලාවක්, වෙන්කර ගැනීමේදී අමතර කිසිදු අයකර ගැනීමක් සිදු නොවන අතර සාමාන්‍ය දුරකථන ගාස්තු පමණක් අයකරනු ලබයි.

මෙම දුරකථනය හරහා කාලය වෙන්කර ගැනීමේදී දුරකථන අංකය ජාතික හැදුනුම්පත් අංකය ඇතුලත් කිරීමෙන් අනතුරුව වෙන්කර ගත් දිනය සහ වේලාව සඳහන් කෙටි පණිවුඩයක් ජංගම දුරකථනයට ලැබෙන බවත්  එම කෙටි පණිවුඩය ආරක්ෂක අංශ වලට පෙන්වීමෙන් අනතුරුව එම පුද්ගලයාට අදාල රාජකාරිය කරගෙන යෑමේ හැකියාව පවතින බවත් ඔහු පැවසීය.

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් ආයතන වලට දැනට පවතින ආරක්ෂක අංශ වලට අමතරව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ආරක්ෂක අංශ ද අනුයුත්ත කර ඇති බවත් ඔහු පැවසීය.

මෙම දුරකථන අංකය ඔස්සේ ලියාපදිංචි වන අයගේ දුරකථන අංකයට ලැබෙන කෙටි  පණිවුඩය තිබෙන අය පමණක් ඇතුලත් කරගන්නා ලෙසට ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී ඇති බවද ඔහු කියා සිටියේය.

පිටත ඇති රියදුරු පාසල් නොයෙක් ආකාරයට ජනතාවගේ මුදල් ගසා කෑම  නතර කිරීම ස`දහා  පොලිසියේ විශේෂ විමර්ශණයක්  ආරම්භකර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා  අවධාරනය කලේය.
වංචා දූෂණ සම්බන්ධ පැමිණිලි ඇත්නම්  011 2875 191 යන දුරකථන අංකයට දැනුම්දෙන ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සදහා මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතාද එක්ව සිටියේය.



අදහස් (1)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා සඳහා නව දුරකතන අංකයක්

wm.wickramapala Sunday, 20 October 2024 09:55 PM

එක්දින සේවාව යටතේ හිමිකම් පවරා ගැනීම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 495 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 675 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 275 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site