
(පාලිත ආරියවංශ)
පස්සර - ලුනුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මැටිගහතැන්න ගම්මානයේ අක්කර 40 ක් පමණ වූ බඩඉරිගු වගාව සේනා දළඹුවන් විනාශ කර ඇතැයි ගම්වැසියෝ මැසිවිලි නගති.
කුරක්කන් වගාවට ද දළඹු විනාශය පැතිර යන බව ඔවුහු කියති.
ඇළ මාර්ග විනාශ වීමෙන් එළවළු වගාව කළ නොහැකි බැවින් අතිරේක වගාවක් ලෙස කූඹුරු ඉඩම්වල මෙවර බඩඉරිගු වගාව කළ බව ගොවියෝ කියති. මෙම දළඹු විනාශය පිළිබඳව ගොවිජන සේවා නිළධාරින් දැනුවත් කළත් ඔවුන් කේෂ්ත්‍ර පරීක්ෂණයකට පවා නොපැමිණි බව ඔවුහු චෝදනා කරති.
මෙසේ වගා විනාශ වීමෙන් ගොවි පවුල් 40 ක් පමණ අන්ත අසරණ තත්වයට පත්ව ඇති අතර නිලධාරින් පැමිණ මේ විනාශය පිළිබදව සොයාබලා වන්දි මුදලක් ලබාදීමට පියවර ගන්නා ලෙස වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටී.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.