IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බලන්ගොඩ - හැටන් මාර්ගයට පස් කඳු කඩාවැටෙයි

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)

බලන්ගොඩ - හැටන්  ප්‍රධාන මාර්ගයට පින්නවල ප්‍රදේශයේදී පස්කන්දක් කඩාවැටීමෙන් සහ මාර්ගයට  ගල්  පෙරලීමෙන් අද (19) පැය කිහිපයක් එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා  ඇතිවිය.

ඉඔුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය, ඉඔුල්පේ ප්‍රාදේශීය සභාව සහ පින්නවල පොලිසිය එක්ව බැකෝ යන්ත්‍ර යොදා එම පස්කන්ද සහ මාර්ගයට පෙරළුණු ගල් මාර්ගයෙන්  ඉවත්කිරීමට  කටයුතු කරන ලදී. එහෙත්  අද  (19) සවස  ප්‍රදේශයට  පැවැති  අධික  වර්ෂාවත්  සමග  යළි  එම  ස්ථානයෙන්ම මාර්ගයට පස් කඳු  කඩා වැටී ඇත.
 
පවතින අධික වර්ෂාව හේතුවෙන් බලන්ගොඩ - හැටන් මාර්ගයට පින්නවල ප්‍රදේශයේ පස් කඳු කඩාවැටීම සහ ගල් පෙරලිම තවදුරටත්  සිදු විය හැකි බැවින් විමසිලිමත්ව එම  මාර්ගය භාවිතා කරන මෙන් ඉඔුල්පේ ප්‍රදේශීය ලේකම් බී.එම්.බී.එම්.ඒ. බටුගෙදර මහතා ජනතාවට දැනුම් දෙයි. මේ අතර  මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම්වත් කළ බවත් එම නිලධාරීන් මෙම ස්ථානය පරික්ෂා කිරීම සඳහා  පැමිණීමට නියමිත බවද ඉඔුල්පේ⁣ ප්‍රාදේශීය ලේකම් බටුගෙදර මහතා වැඩිදුරටත් පැවැසීය.

 



අදහස් (0)

බලන්ගොඩ - හැටන් මාර්ගයට පස් කඳු කඩාවැටෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site