IMG-LOGO

2025 ජනවාරි මස 19 වන ඉරිදා


“පළාත් පනින්න එන්නත් කාඩ්පත අනිවාර්ය කරන්න’’

(සුජිත් හේවාජුලිගේ )

පළාතකින් පළාතකට යද්දි  එන්නත්  මාත්‍රා දෙකම  ලබාගත්  බව සහතික කෙරෙන එන්නත්  කාඩ් පත ළඟ තබාගැනීම ජනතාවට  අනිවාර්ය කරන්නැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා  රජයට යෝජනා කරයි.

එසේම හෝටල් සහ ජනතාව විශාල වශයෙන් ගැවසෙන ස්ථානවලට  ගමන් ගන්නා පුද්ගලයන්ගේ  එන්නත්  මාත්‍රා දෙකම ලබාගත් බව සහතික කෙරෙන  එන්නත්  කාඩ්පත පරීක්ෂා කිරීමද  අනිවාර්ය කළ යුතු බව පැවසූ  ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා  අද ලෝකයේ බොහෝ රටවල්  මෙම යාන්ත්‍රණය  ක්‍රියාත්මක කර සාර්ථක ප්‍රතිඵල ළඟා කරගෙන ඇතැයිද සඳහන් කළේය.

මෙවැනි වැඩපිළිවෙළක් අනුගමනය කිරීමෙන්  කොවිඩ් පළාතකින් පළාතකට ගමන් කිරීම සැලකිය යුතු ලෙස පාලනය කරගත හැකිවන බවත් විශේෂයෙන් තරුණ පරපුර  එන්නත්කරණයට  යොමුවීමටද මෙමගින් කිසියම් පෙළඹවීමක් ඇති කෙරෙන බවත් අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ  කළේය.

විශේෂයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලි සඳහා  මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවද   හෙතෙම පැවසුවේය.

මේ අතර රටට  කොවිඩ් වයිරස  නව ප්‍රභේද  ඉදිරියටත් පැමිණෙනු ඇති බව සඳහන් කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා එන්නත්කරණයට  යොමුවීම සහ  මූලික සෞඛ්‍යය නීති දිගටම අනුගමනය කිරීම නව වයිරසවලින් ගැලවීමට තිබෙන  එකම මාර්ගය බවද  සඳහන් කළේය.

මුව ආවරණ  අනිවාර්ය කිරීමේ නීතිය රටේ තදින් ක්‍රියාත්මක කළ යුතු බවද  ඔහු පෙන්වා දුන්නේය.

වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් මත නව සෞඛ්‍ය මාර්ගෝපදේශ වරින් වර හඳුන්වා දීම වැදගත් බවත් මෙම සෞඛ්‍යය මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ දැයි නිරන්තරව  පසු විපරම් කිරීම  රජයේ  වගකීම බවත්  අර්ජුන ද සිල්වා මහතා  පැවසුවේය.



අදහස් (8)

“පළාත් පනින්න එන්නත් කාඩ්පත අනිවාර්ය කරන්න’’

රුවන් Tuesday, 02 November 2021 01:11 PM

මහාචාර්යතුමණි මෙය දුම්රියට හා බස්රියට අදාලද? නීති මොකටද, ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්.

:       4       10

Rohan Tuesday, 02 November 2021 02:10 PM

මහාචාර්ය තුමා ඕක පෙන්නුවොත් සේරම හරියනවද. සමහර එන්නත් වල ශක්තිය මාස හතරකින් අඩුවෙනවනම් මොකටද ඕවා. පොදු ප්‍රවාහන සේවය දිහා ඉස්සරවෙලා බලලා ඒකට විසදුමක් දීල ඉවරවෙලා ඔය නීති රීති ගෙනවානම් තමයි හොද මහාචාර්ය තුමා.

:       0       0

Sriland Tuesday, 02 November 2021 03:41 PM

එන්නත් කියන්නේ තනිකරම බොරුවක්.

:       0       0

SURAJ Tuesday, 02 November 2021 04:04 PM

වැක්සින් ගහපු අයට මොකද වෙන්නේ කියලා බලන්න පුළුවන් පෙබරවාරි වෙද්දී.

:       0       0

Chal Tuesday, 02 November 2021 05:27 PM

එන්නත් ගතිපු අයටත් බෝවෙනවා නම්, ඔව්නුත් මාස්ක් දාන්න ඕන නම්, පලාත් අතර බැලීමේ විහිලුව කුමක්ද? කොච්චර හම්බ වෙනවද?

:       0       0

gamaathhi Tuesday, 02 November 2021 05:54 PM

ඔය එන්නත විතරද කෝවිඩ් වලට එකම විසදුම? හෙල වෙදකම නරකද? එන්නත් කරන ලද අයට රෝගය බෝ වෙනවා පමණක් නොව දැනට මරණද පවා සිදුවේ . කෝවිඩ් මරන වලින් කීදෙනෙක් එන්න්ත විදගත් අයද කියා ප්‍රසිද්ද කරන්න.

:       0       0

මසිරිපාල Tuesday, 02 November 2021 05:57 PM

ඒ ගමන්ම පළාතට ඇතුළු වීමට ගාස්තුවක් අය කොරන්න කියන්න.ඇත්තටම පළාත් ක්‍රමයට ගමනාගමනය තීරණය හරිද මහාචාර්ය තුමා.උදා දකුණු පළාතට කලුතර සිට තිස්සමහාරාමය පසුකර තවත් දුරක් තියෙනවා සබරගමුවට තංගල්ල ආසන්නයේ සිට මාවනැල්ල පසුකර පේරාදෙණිය ආසන්න දක්වා පවතිනවා නැගෙනහිර පළාතට කොපමණ ප්‍රදේශයක් තියෙනවාද එපමණ ප්‍රදේශයක් දුර යාහැකිව තිබියදී කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ලේ කෙනෙකුට කි.මී.13 ක් දුර පළාත් අනුව ඇහැලියගොඩට එන්න නීත්‍යානුකූලව අවසර නැහැ එකම රටක් එකම නීතියක් ජයවේවා

:       0       0

Saman Tuesday, 02 November 2021 07:28 PM

එන්නත් ගහලා මිනිස්සු කීදෙනෙක් දුක් විදිනවද. අනික ඉස්සරහට එන හැම වෛයිරස හැම එකටම එන්නත් ගැහුවොත් හොදට තියෙයි. අපේ අගේ තියන ප්‍රතිශක්තිය වර්දනය කරන්න ඕනතරන් සොබාවික ක්‍රම තියෙද්දී මෙයාට පුදුම අමාරුවක්නේ තියෙන්නේ අපිට එන්නත් ගහන්න. මෙයා කොහොමද අපිට එන්නත්වලට සහතිකයක් දෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

බෝවතැන්නේ වාන් දොරටු සියල්ල විවෘත කරයි
2025 ජනවාරි මස 19 53 0

පවතින අධික වර්ෂාව හේතුවෙන් බොහෝ තැනන්න ජලාශයේ වාන් දොරටු හයම අඩිය විවෘත කළ බව ජලාශයේ කාර්යභාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා අද (19) පැවසීය.


වෙඩි තබා පැනගන්න බැරිවේ
2025 ජනවාරි මස 19 267 0

ගල්කිස්ස බඩෝවිට සිරිපාල පාරේදී අද(19) දහවල් පුද්ගලයකුට වෙඩිතබා යතුරු පැදියෙන් පළා ගිය වෙඩික්කරු සිද්ධියේ වෙඩික්කරු ඊට සුළු වේලාවකට පසු දෙහිවල ධර්මාම


මත් කරල් සමඟ ඖෂධවේදියා අත්අඩංගුවට
2025 ජනවාරි මස 19 149 0

දෙහිවල ගාලු පාරේ ඉන්ධන පිරවුම් හකක් අසල නිවසක් වටලා රුපියල් ලක්ෂ හයකට අධික වටිනා මත්කරල් තොගයක් සමග ඖෂධ වේදියෙක් අත්අඩංගුවට ගත්බව දෙහිවල පොලිසිය කිය


දිස්ත්‍රික්ක හතරකට නාය අනතුරු ඇඟවීම්
2025 ජනවාරි මස 19 96 0

දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (19) සිට ජාතික ගොඩනැගිලි පර්යේ


විදුලි බුබුළු වළල්ලක් කඩාවැටි විදුලි ඉංජිනේරුවරයා මරුට
2025 ජනවාරි මස 19 651 0

කොළඹ වරාය පොලිස් වසමේ දකුණු ආසියානු බහලුම් පර්යන්ත භූමියේ (එස් ඒ ජි ටි ආයතනයේ) විදුලි කණුවක ඇතිවූ නඩත්තු කටයුත්තක් සකස් කරමින් සිටි විදුලි ඉංජිනේරුවරය


බස් -බස් ගැටී 57ක් රෝහලේ
2025 ජනවාරි මස 19 796 0

පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් ගන්දර, තලල්ල ප්‍රදේශයේ අද(19) සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් 57 දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 362 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 596 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 324 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site