(රංජන් කස්තුරි)
ජනාධිපතිවරණය ඉතාම ලඟම දිනයක පවත්වන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ජනාධිපතිවරණය දුරම දිනයක පවත්වන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මැතිවරණ කොමිසමට ලිපි යවා තිබේ.
මැතිවරණ කොමිසම එම ලිපි කිසිවකටත් ප්‍රතිචාර දක්වා නැත.
ජනාධිපතිවරණය පැවැත්විය හැකි ලඟම දිනය නොවැම්බර් 9 වැනිදා වන අතර දුරම දිනය දෙසැම්බර් 7 බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මීට පෙර ප්‍රකාශ කර තිබිණි.
COMMENTS
Reply To:
-
බලයට ඇති මලපෙරේතකම කියන්නේ මාසයක් කලින් ඉවත් වෙන්න හිත හදාගන්නවත් බැහැ.
හෝ හෝ.. ඔන්න බය වුණා. හොඳටම පැහැදිලියි ගෝඨාගේ කෞතුකාගාර පෙත්සම පැරදුණාට පසුව ඔහු දන්නවා ඔහුට අත්වෙන ඉරණම. හොරාගෙන තිබෙන මුදලෙන් සුළු මුදලක් ගෙවා දමා තිබෙන නිසා මේක නිකම්ම ඔප්පු වෙනවා. දැන් බලන්නේ හැකි ඉක්මණින් ජනපතිවරණය දිනාගෙන නඩුවලට වැඩේ දෙන්නයි. අපි ඉල්ලනවා පුලුවන්නම් ඡන්දය තව කල් දමන්න කියා.
මැතිවරණය තබන්න දින නියම කර තිබෙන දිනයටයි ඒක පවත්වන්න ඕනේ... එහෙම නැතිව ඕන ඕනෑ වෙලාවට කාගේවත් වුවමනාවට ඡන්ද තබන්න නීති කොහෙද තිබෙන්නේ? ඡන්ද කොමසාරිස් වැඩ කරන්නේ නීතියට යටත්වයි. ඝෝඨාම කියකියා යනවා නේද රටේ තිබෙන්න ඕනේ එකම නීතියක් කියා? එතකොට රටේ එකම නීතියක් තිබෙන්න ඕනේ කියන පොහොට්ටු අපේක්ෂකයා මේ දැන් කරන්නේ බලපෑමක් කරමින් නීතිය අවනීතිය කිරීම නොවේද? අනේ කාලේ වනේ වාසේ...
ඕක කල් දමන්නේ නැතුව නොවැම්බර් මාසෙම තියන්න.. දෙසැම්බර් මාසේ නව සංචාරක වාරය ආරම්භ වෙනවා. එ්කේ ඡන්ද පැවැත්වූවොත් වෙන්නේ විශාල ආර්ථික පාඩුවක්.. අනිත් එක දැනට සිටින ජනාධිපතිවරයාට කිසිම දෙයක් කර කියාගන්න බැරුව ඉන්නේ... එතුමා කරන්නේ නිකරුනේ රට වටේ ඇවිද ඇවිද කිසිම හරයක් නැති කතා පවත්වන එකයි. දැන් කළයුතු එකම දෙය ඉතා ඉක්මණින් ජනාධිපතිවරණයක් පවත්වලා, අලුත් ජනපතිවරයෙක් පත්වුණාට පස්සේ, පාර්ලිමේන්තුවට අවුරුදු 4 1/2 සම්පූර්ණ වන දින ඔහුට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවලා අලුත් මැතිවරණයකට යන්න. එතකොට ජනතාවට පුළුවන් අලුතෙන් පාර්ලිමේන්තුවක් පත්කරගෙන රට ඉදිරියට ගෙනයන්න. දැනට පවතින තත්වය එකම අවුල් ජාලාවකි. රටේ ආර්ථිකය සහ ආරක්ෂාව දිනෙන් දිනම වලපල්ලට වැටේ...
අවදිවන්න අවදිවන්න හිරු පායලා හීන දැක්කා ඇති...
ලිපි යවනවට වැඩිය හොඳ නැද්ද පොල් ගැහුවා නම් ඉස්සර පොඩිදේටත් පොල් ගහනවා. ආණ්ඩුව පෙරලන්න කොච්චර පොල් ගැහුවද? අන්තිමට තමන්ටමයි වැදුනේ...
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියන්නෙත් වැල යන අතට මැස්ස ගහන කෙනෙක්... හරියට සද්ද දැම්මට වැඩ නෑ. 'ජනාධිපතිවරණය පැවැත්විය හැකි ලඟම දිනය නොවැම්බර් 9 වැනිදා වන අතර දුරම දිනය දෙසැම්බර් 7 බව මම කිව්වා තමයි. ඒත් අවුරුද්ද කිව්වේ නෑ. ඒක 2020 හෝ 2021 වුණත් වෙන්න පුළුවන්, තාක්ෂණික ගැටළු කිහිපයක් තියනවා. ඒකට කෝඳුරු තෙල් හත් පට්ටයක් ඕනෑ" කියන්න බැරි හාදයා. ඕකට තමයි කියන්නේ "නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක්" කියලා.
ඔව්, එ්ක හොඳයි... ඇමරිකන් කාරයට ඉක්මණට ආපහු ඇමරිකාවට යන්න පුළුවන්නේ...
ජනාධිපතිවරණය නොවැම්බර් 15 හෝ 16දා පවත්වන්න.
පුටුවට යන්න තියන හදිස්සියක්.. පුටුව දාලා යන්නෙ නැතේ....
මේ පක්ෂවල මුල් තනතුරුවල ආචාර්ය, මහාචාර්යවරු ඉන්නවා නේද? ඔවුන් මැතිවරණ පැවැත්විය යුත්තේ අණපනත් හා නීතිරීතිවලට කියා දන්නේ නැද්ද? එවැනි සාමාන්‍ය දැනුමක්වත් නැති අයට ඡන්දය දීමට සුදුසුද හිතා බලන්න. නුවණැත්තෝ සිතත්වා !!!
එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණ කොමිසමේ නිර්දේශ මත දිනයක් පවත්වන ලෙස බලා සිටියි.
ලිපි දෙකක් පොහොට්ටුව යටතේ එකට ජනාධිපතිවරණයට ලැජ්ජා නහර දෙගොල්ලන්ගේම කපාගෙන ඉන්නේ... මේවා බොරු මවාපෑම්...
අනේ ඔන්න ඕක ඉක්මනට තියලා දාන්න දේශප්‍රිය මහත්තයෝ... අපිට මේ නාඩගම් බලලා ඇතිවෙලා තියෙන්නේ...
අපේක්ෂකතුමාට විරුද්ධව තියන නඩු, විභාග කරලා තීන්දු දෙන්න ඉස්සෙල්ලා මැතිවරණය පවත්වන්න කියලා කිව්වා නම් තමයි වඩාත් නිවැරදි...!
පසුගිය කාලෙම කියකියා හිටියේ මැතිවරණයක් අවශ්‍යයි කියලා, දැන් අපේක්ෂකයෝත් තෝරාගෙන ඉවරයි. දැන් මොකද පස්ස ගහන්නේ වීරයෝ වගේ රඟ පෑවට ඡන්දෙට බයද?
උඹලට තියෙන හදිස්සියක් මට නැහැ. ඉන්නවා අපි තුන්දෙනාම කතාකරගෙන දවසක් තීරණය කරනවා. ඒ නැකත් නැති දවසක්. ඒ අයට හරියන්නේ ඒ වගේ දවසක්නේ.