IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


පස්සර - ලුණුගල මාර්ගය වහයි

(ප්‍රසන්න පත්මසිරි)

බදුල්ල-බිබිල ඒ5 මාර්ගයේ මිල්ලබැද්ද ප්‍රදේශයේ හොප්ටන් වතුයාය සමග මාර්ගය 22 උදේ සිට නාය යාමට ලක්වීමෙන් පස්සර-ලුණුගල අතර මාර්ගය අද (22) සිට සම්පුර්ණයෙන්ම වසා තැබන බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ඊ.එම් උදයකුමාර  මහතා පැවසිය.

පස්සර-ලුණුගල අතර 19 කනුව මිල්ලබැද්ද ගම්මානයේ මිල්ලඔය අසල හොප්ටන් තේවතු ප්‍රදේශය සමඟ ප්‍රධාන මාර්ගය නාය යාමට ලක්වෙමින් පැවතීමෙන් මාර්ගය වසා ඇත.

ප්‍රධාන මාර්ගයේ විශාල ප්‍රදේශයක ඉරි තැලීම් ඇතිවී මාර්ගය අඩියක් ගිලා බැස තිබෙන අතර මාර්ගයට ඉහළ කඳු ප්‍රදේශය සහ මාර්ගයට පහළින් තිබෙන තේවතු ප්‍රදේශයේ අක්කර හයක පමණ ප්‍රදේශයක් ඉරිතලා ගිලා බැස තිබෙන නිසා පහලින් ගලා බසින මිල්ල ඔයට මඩ ජලය ගලා බසින බවද අධ්‍යක්ෂකවරයා පැවසීය.

නායයෑමට ලක්ව තිබෙන මාර්ගයේ දෙපස අඩි දෙකක් උසට පස් වැටී දමා කිසිඳු වාහනයකට ගමන් කිරීමට නොදී දැඩි පොලිස් ආරක්ෂාවක් දමා තිබෙන බවද කියයි.

මාර්ගය වසා තැබිම නිසා පස්සර-ලුණුගල අතර ගමන් කිරීමට කිසිදු මාර්ග පහසුකමක් නොතිබීම නිසා මගී ජනතාව දැඩි අසීරුතාවයට පත්ව සිටිති.

ලුණගල පොලිස් නිළධාරීන් මාර්ගය දෙපස ආරක්ෂාව තරකර තිබේ.

පවතින වර්ෂාවත් සමග පස්සර-ලුණුගල අතර මාර්ගයේ කදු ප්‍රදේශ තැනින් තැන නාය යෑමට ලක්ව මාර්ගය අවහිර වි තිබෙන බවද උදයකුමාර මහතා පැවසිය.



අදහස් (0)

පස්සර - ලුණුගල මාර්ගය වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 297 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 415 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site