IMG-LOGO

2023 ජුනි මස 09 වන සිකුරාදා


පවුල් සෞඛ්‍ය සේවා සංගමයෙන් අනතුරු ඇඟවීමක්

(ඩබ්. ඒ. පියතිලක)
 
දේශපාලනඥයින් තවදුරටත් සෞඛ්‍ය නිලධාරිනියට චෝදනා කරන්නේ නම් ලබන සඳුදා සිට දිවයිනේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් රාජකාරිවලින් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව  රජයේ පවුල් සෞඛ්‍ය සේවා  සංගමයේ සභාපතිනී  දේවිකා කොඩිතුවක්කු  මහත්මිය අද(20) හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී පැවසුවාය.
 
තිස්සමහාරාමයේ  නැදිගම්විල මන්දපෝෂණය හේතුවෙන් මියගිය දරුවා පිළිබඳ වගකීම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ වරදින් වූවක් බව  විවිධ දේශපාලනඥයන් විසින්  තවදුරටත් පවසනවානම් මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට සූදානම් බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
 
හිඟුරක්ගොඩදී අද පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙසේද කීවාය.
 
“තිස්සමහාරාම සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට අයත්  නැදිගම්විල ගම්මානයේ පදිංචි ගයත්ත්‍රි ඉන්දිකා මවගේ  මාස 11ක  දරුවා මියයාම ම සම්බන්ධයෙන්  එහි සේවය කරන පවුල් සෞඛ්‍ය සේවා  සංගමයේ නිලධාරිනියට   විවිධ දේශපාලනඥයන් විසින් ලකුණු දමාගැනීම සඳහා චෝදනා එල්ල කරමින් පවතිනවා.
  
ඒ පවුල් සෞඛ්‍ය සේවා  නිලධාරිනිය විසින්  ඒ මව ගැබ් ගත් අවස්ථාවේ සිට දරුවා ප්‍රසූත කිරමෙන් පසු දක්වා තම රාජකාරිය නිසි ලෙස කර තිබෙනවා. නමුත්  මේ දේශපාලනඥයෝ ඇයට සහ  එම පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට  දිගින් දිගටම චෝදනා කරනවා. 
 
සෑම ගමකම සිටිනවා රජයේ නිලධාරිවරු 6 දෙනෙක්.  මේ මියගිය දරුවාට සහ පවුලට අවශ්‍ය ආහාර ලබාදීම හෝ ලබාගැනීමට කටයුතු කිරීම ඒ අයගේ වගකිමක්.  මෙම දරුවාගේ මරණය සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් නොකර අපට චෝදනා එල්ලකිරීම කිසිසේත් පිළිගත නොහැකියි. අපි අපේ සෞඛ්‍ය පැත්තේ සියලු වගකිම් කර තිබියදීත් දිගින් දිගටම චෝදනා එල්ල කරනවා නම් අප විසින් කිසිදු පැකිලීමකින් තොරව සියලු රාජකාරිවලින් ඉවත්  ලබන සඳුදා සිටම දිවයින පුරා වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙනවා” යැයි ද රජයේ පවුල් සෞඛ්‍ය සේවා  සංගමයේ සභාපතිනිය  දේවිකා කොඩිතුවක්කු  මහත්මිය වැඩිදුරටත් පැවසුවාය. 



අදහස් (13)

පවුල් සෞඛ්‍ය සේවා සංගමයෙන් අනතුරු ඇඟවීමක්

kap Thursday, 20 June 2019 10:43 AM

ඕනෙම දෙයක් උනාම ඒක වලක්වාගන්න හෑටි, දියුණු කරන හෑටි සාකච්ඡා මාර්ගයෙන් විසදුම් හොයන හෑටි, අදාල පාර්ශව දෑනුවත් කරන හෑටි වගේ කාරනා ගෑන හිතන්නෙ නෑතුව, කෙලින්ම වර්ජන තර්ජන, උද්ඝෝශන ගැන තමයි මද්‍යයේ ෂෝ තියන්නෙ. මේ අයව රජයට විරුද්ධව වෑඩ කිරිම ගැන රස්සාවෙන් අයින් කරන්න ඕනෙ.

:       121       86

Uditha - Londond Thursday, 20 June 2019 10:43 AM

ඔන්න පේනවද ප්‍රශ්නේක කෙලවර... අන්තිමට කතාවේ අවසාන ජවනිකාව... ඕක නිසාවෙන් තමයි ලංකාව හැදෙන්නේ නැත්තෙ...

:       0       44

දිලුම් Thursday, 20 June 2019 10:47 AM

හැම දෙයකටම වර්ජනේ තමයි කරන්න දන්නේ. වැරැද්දක් උනානම් අවංකව පිලි අරන් හදා ගන්න වර්ජන ගර්ජන නොකර. මේ රටේ රාජ්‍ය සේවයේ හා සේවකයින්ගේ සහ ක්ෂේත්‍ර නිලධාරින්ගේ හැම කෙනාගෙම හැටි මේ රටේ පුරවැසියා හොදට දන්නවා. මෙතන පවුල් සෞඛ්‍ය සේවිකාවට විතරක් වැරැද්ද පටවලා වැඩක් නෑ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සිටින ළමා හා කාන්තා නිලධාරි, ආර්ථික සංවර්ධන, ග්‍රාම ශක්ති, ග්‍රාම නිලධාරි කියන හැම කෙනාම තමන්ගේ වගකීම ඉටුකර නැහැ. ඒ අයට එරෙහිවත් ක්‍රියාකරන්න ඕන නැතුව පවුල් සෞඛ්‍ය සේවිකාවට විතරක් ඇගිල්ල දික් කරන්න බෑ. මේ සිද්ධිය පාඩමක් හැටියට අරන් අනිත් අයටවත් හැදෙන්න මේ ටිකට නිසි විනය ක්‍රියා මාර්ග ගන්න ඕන අනිවාර්යෙන්ම. ඒ බයට හරි එතකොට තමන්ගේ වගකීම ඉටු කරයි.

:       18       75

චමින්දFriday, 21 June 2019 01:20 AM

1988 පමණ වනවිට දැනට ග්‍රාම නිළධාරී වසම් 4 ක හෝ 5 ක ප්‍රමානයට සිටියේ ග්‍රාම සේවක මහතෙක් පමණයි. ඒ කාලයේ ඔහු වසමේ සියලුම කටයුතු ඉතාම සාර්ථකව සිදුකලා එතුමන්ලා මධ්‍යම රාත්‍රියේ වුවත් රාජකාරියට කැපවී සිටියා ඒකාලේ දැන් ඔය පවුල් ස්‍යෙඛ්‍ය සේවා නිළධාරීණීන් යැයි කියන එකල වින්නඹු මාතාවන්සේ සැලකූ නිළධාරිනීන් සිටියේ ගම් දෙකතුනකට එක් අයෙක්. නමුත් වැඩ ඉතාම සාර්ථකව සිදුවුනා.. 1987 පමණ රජයේ ඉහලම තනතුරක් දැරූ නිළධාරියෙකුගේ වාර්ථාවකට අනුව කෘෂිකර්ම ව්‍යාපෘති නිළධාරී තනතුරු අහෝසිකල යුතුය. නිර්දේශයට අනුව ඔවුන්ටත් වගා නිළදාරී්න්ටත් විෂේශසේවා නිළධාරීන් යැයි කිවූ කණ්ඩායමටත් ග්‍රාම නිළධාරි තනතුරු දුන්නා. එදින සිට තනතුරේ සුලු දුර්වල කමක් ඇතිවුනා. ඉන්පසුව 1995 පමණ සිට ගම්වලට විවිධ තනතුරුවලින් නිළධාරීන් පත්කලා. එතැන්සිටම වුනේ වැඩනොකර පඩිගැනීමත් සේවා අතපසුවීමත් නොසැලකිල්ලත් පමණයි. මම කියන්නේ මෙහි වරද ගම්මට්ටමට රාජකාරි සඳහා සිටින නිළධාරීන් වැඩිනිසා මෙය සිදුවුනා කියලයි.

:       0       12

amandi Thursday, 20 June 2019 11:24 AM

මම දන්නා නාවල සිටින අයකුගේ බබෙක්ට supplement දීලා තිබුනා අඩු බර නිසා. අම්මට විටමින් "K" සමග. ත්‍රිපෝෂ වලට අමතරව වාර්තා තියාගත්තට වැඩක් නැ මේවා දෙන්නේ නැතුව

:       0       14

රවින් Thursday, 20 June 2019 12:51 PM

මින් පස්සෙවත් මොන මට්ටමේදි හෝ ඡන්දය දෙන කෙනාගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් මොනවාදැයි වටහාගෙන තම වටිනා ඡන්දය පාවිච්චි කලානම් ප්‍රශ්න රාශියකට පිළිතුරු ලැබේවි.

:       0       55

Rohitha Thursday, 20 June 2019 01:22 PM

ඔව් ඉතින් මේ රටේ ඔක්කොම රාජ්‍ය සේවකයන් ගේ කටේ තියෙන්නෙ වැඩ වර්ජනය කරන එකනේ. නඩත්තු වෙන්නෙ මහජනයාගේ බදු මුදල්වලින් ඒ උනාට මහජනයාට ම තමා අපහසුතාවට ලක්කරන්නෙ.

:       0       0

Sameera Thursday, 20 June 2019 01:41 PM

මෙයාලා බයිලා ගහන්නේ. මන්ද පෝෂණය හැදෙනකන් මොනා කලාද ? මුලින්ම කරන්න ඔනෙ මෙයාලට විධිමත් පුහුනුවක් දෙන එක මොකද දොස්තරලා නැතුව මෙයාලට මන්ද පෝෂණය තියෙනවද නැද්ද කියලා අදුන ගන්නවත් බෑ මොකද ගෙදරට ගිහින් දරුවා බලලා පොත සටහන් කලාලු ඒ කලත් මන්ද පෝෂණය අදුන ගෙන නෑ. උසස් පෙළ කරන්නත් අවුරුදු 2ක් ඉස්කොලේ යන්න ඔනෙ රටේ ළමයි ගැන බලන්න අවුරුදු 1 මාස 6 ඉතින් කොහෙද මන්ද පෝෂණය අදුනන්නෙ. මහා ලොකුවට වැඩවර්ජන කරන්නත් කතා කරනව.

:       16       38

බද්රානි Thursday, 20 June 2019 02:51 PM

ඉටුකළ යුතු රාජකාරිය හරි හැටි හඳුනා නොගෙන, තමන්ගේ වැරදි පිලි නොගෙන, වර්ජනය කරලා ජීවත් වෙන දරුවන්වත් මරා දැමීම හරිම පහසුයිනේ නේද? කවුද, වර්ජනයට උපදෙස් දුන්නේ? එංගලන්තයේ HEALTH VISITOR (පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය) කැපවීමෙන් හා වගකීමෙන් කරන රාජකාරිය පිළිබද හදාරා දැනුවත් වෙන්න.

:       1       30

රාජේශ් ඛන්නා Friday, 21 June 2019 12:21 AM

"අපි අපේ සෞඛ්‍ය පැත්තේ සියලු වගකිම් කර තිබියදීත් දිගින් දිගටම චෝදනා එල්ල කරනවා" නිවැරදි මහජන සේවාවට පැති නොතිබිය යුතුය. ඔබ සේවාවේ 80% ක් පමණ ම සෞඛ්‍ය සේවා සොයුරියන් මෙම පැති ගැන නොසිතා අසරණ දරු පවුල් රැක ගැනීමට මවු පියනට රාජකාරියෙන් එහා ගිය මග පෙන්වීමක් කිරීමට දරණ වෙහෙස රහසක් නොවේ. එම අදාළ පවුලේ ළමයින්ගේ හා මවගේ භෞතික ස්වරුපයෙන්ම පෙනෙන්නේ දිසාපති ඇතුළුව සිට පහළට අමාත්‍යංශ භේදයකින් තොරව කිසිම රාජ්‍ය සේවකයකුගෙන් එම පවුලේ ප්‍රශ්නයට නිසි පිළිතුරක් මේ වන තුරු ක්‍රියාත්මක නොවන බවකි. මේ අපේ රටේ සිටින මෙවැනි තත්වයේ එකම පවුල ද නොවේ.

:       0       0

Kumar Friday, 21 June 2019 01:57 AM

මේ දරුවා මන්ද පෝෂණයෙන් පෙලුනේ යස ඉසුරෙන් පිරි හම්බන්තොට පැත්තේ නේද. පෝෂණය සඳහා දෙන දෑ විකුණා මත්පැන් බොන අයත් ඉන්නවා. ගුවන් තොටෝපලක් හැදුවට වරායක් හැදුවට අදිවේග මාර්ග හැදුවට දිලිදු කම වෙනස්වෙලා නැහැ වෙනස් වෙලා නැහැනේද.

:       0       34

dare Friday, 21 June 2019 05:08 AM

වරදක් උනාම එක කාගේ හරි ඇගේ ගහන එක තමයි දේශපාලනේ. හැබැයි වැඩවර්ජන නෙවේ ඊලග පාර 256 ට ඡන්දෙ දෙන්න එපා කියල මාද්‍ය සාකච්චා තියලා කිව්වා නම් හරි. සුදුස්සෝ සුදුසු තැන් වලට දැම්මම ඔහොම වෙන්නේ නැ.

:       0       7

යාපා Friday, 21 June 2019 05:55 AM

යහපාලනය. කන්න නැතුව මිනිස්සු මැරෙන තත්වෙට රට විනාශ උණා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පවුල් ආරවුල විභාග කරද්දී පිහි පහරක්
2023 ජුනි මස 08 329 0

බකමූණ පොලිස් ස්ථානයේ පවුල් අරවුලක් සම්බන්ධ පැමිණිල්ලක් විභාග කරමින් තිබියදී පැමිණිකරු කෝපාවිෂ්ඨ වී වගඋත්තරකරුවකුට තිබුණු ආයුදයකින් පහරදී ඇති අතර


චීනා චීනයට යන්න බෑ කියා වලියක් දාලා
2023 ජුනි මස 08 619 0

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් මෙරටට පැමිණි අවස්ථාවේදී අල්ලාගත් අල්ලා ගත් චීන ජාතිකයා යළිත් චීනයට පිටුවහල් කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපොළට රැගෙ


නිල ඇඳුමත් එක්කම කොස්තාපල්ගේ බෑගය සොරාගෙන
2023 ජුනි මස 08 189 0

කල්ලඩි පොලිස් අභ්‍යාස විද්‍යාල එක එකට අනියුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුට අයත් නිල ඇඳුම් සහිත ගමන් බෑගය බස් රථයක් තුළදී කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති


ඩොලර් සංචිත ටිකෙන් ටික ඉහළ
2023 ජුනි මස 08 870 0

මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම පසුගිය 2023 මැයි මාසය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 3,483 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංංකුව පවසයි.


සාපෙළ අවසන් වී යන සිසුවා පහර කා රෝහලේ
2023 ජුනි මස 08 477 0

අපොස සාමානය පෙළ විභායට පෙනී සිට නිවස කරා යමින් සිසුවකුට එම විදුහලේම විභාගයට පෙනී සිටි තවත් සිසුන් දෙදෙනකු පහරදීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ බව බද්දෙගම ප


ව්‍යාජ විදේශ ගමන් බලපතකින් ආ චීනා රටින් පිටුවහල්
2023 ජුනි මස 08 323 0

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් ඉකුත් (19) දින කටුනායක ගුවන් තොටින් මෙරටට ඇතුළු සිටි චීන ජාතිකයා අද (8) පස්වරුවේ ආගමන විගමන නිලධාරීන් දැඩි රැ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 297 1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 1550 2
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 822 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site