(අජන්ත කුමාර අගලකඩ)
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කොරියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කර යැවීමට යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .පූජිත් ජයසුන්දර මහතා මේ සතියේදී පොලිස්පතිධූරයෙන් ඉවත්වීමට නියමිත බවද පැවැසේ.
ඉකුත් කාල සීමාව තුළදී සාමාජයේ අන්දෝලනාත්මක කතාබහට ලක්වූ පූජිත් ජයසුන්දර මහතාට පොලිස්පති ධූරයෙන් ඉවත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද දැනුම් දී තිබේ.
පූජිත් ජයසුන්දර මහතා ඉවත් වීමෙන් පුරප්පාඩුවන පොලිස්පති ධූරයට මධ්‍යම සහ සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වික්‍රමසිංහ සහ පොලිස් පරිපාලන කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් කෙනෙකු පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පොලිස්පති කොරියාවේ තානාපති ලෙස පත්කිරීමට යෝජනාවක්
රජින්ද Sunday, 14 October 2018 03:20 PM
ඔව් මම හිතන්නේ ලංකාව ඇතුලෙම තියෙන 'කොරියාවේ' තානාපති ලෙස මොහු වඩාත් සුදුසුයි කියලා.
Laksitha paris Sunday, 14 October 2018 04:38 PM
අපරාදේ අපරාදේ අපිට විහිළු කතා අඩු වෙනවා.. කමක් නැහැ රටට හොඳ නම්... බුදු සරණයි
samankMonday, 15 October 2018 04:24 AM
රටට බුදු සරණ උනාට.............කොරියාවේ ඉන්න අපේ අයට අබ සරණ තමා ඉතින්..............
Sanath KandyMonday, 15 October 2018 07:26 AM
පොලිස්පති ධුරයට පත්වීමට පෙර ඔහු ඉතාමත් කීර්තිමත් අවංක නිලධාරියෙක්. කවදාවත් දේශපාලන බලපෑම්වලට යටත් වුනේ නැති දුෂිතයන්ට උදව් කලේ නැති ඍජු පුද්ගලයෙක්. පොලිස්පති ධුරයේ බර ඔහුට දරා ගන්නට නොහැකිවීම අදහාගත නොහැකි දෙයක්. එත් එහෙම වුණා. පසුකාලීනව ඔහුගේ හැසිරීම තනතුරට කොහෙත්ම ගැලපුනේ නෑ. තත්වය තවත් නරක අතට හැරෙන්න පෙර ඉල්ලා අස්වීම තමා සුදුසු.
sirimal Sunday, 14 October 2018 05:17 PM
මේ පුවතත් රජයේම පාර්ශවයකට හිතවත් මාධ්‍යකරුවන් විසින් තමන්ගේ මාධ්‍ය ආයතන වල පැල කරන ලද තවත් "අතේ රෝලක්" බවයි සමහරු කියන්නේ. මේකත් අර "අගමැතිවරයා ඉල්ලා අස්වෙනවා. අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙනෙනවා.. ජනාධිපති ඝාතන සැලැස්මක් පතුරුවා අගමැතිවරයා අත් අඩංගුවට ගන්නවා" වැනි දැනට පිළුණු වී ඇති කතා වස්තුවලම තවත් දිගුවකි. මේ හැර පොලිස්පතිවරයා තනතුරෙන් ඉවත් කොට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ගෙන එනබවක්ද දැන් ප්‍රචාරය වෙයි. ඉරිදා පත්තර බ්‍රහස්පතින්දා වෙනකොට මුද්‍රණය කරන රටක හරි ප්‍රවුර්තිය කුමක්ද කියා තෝරා බේරා ගැනීම තමයි කාටත් ඇති අවුල...
Bamunuarachchi Sunday, 14 October 2018 05:35 PM
අවරුදු ගණනාවක් කල පුරුදු රැකියාව කරගන්න බැරිව අනාගත්තා නම් තමන්ට කොහෙත්ම අදාළ නැති ජොබ් එකක් කරන්න ගිහින් මොනවා වෙයිද.?
sg Sunday, 14 October 2018 06:01 PM
මොහු කිසිදු තනතුරකට සුදුසු නොවේ...
Chanak Los angeles Sunday, 14 October 2018 06:06 PM
නීතියට විරුද්ධව අත උස්සන්නේ නැති පුද්ගලයන් නෙරපන්න හදනවා. හැම නායකයාටම වරදින්නේ බලය තමාගෙන් වෙනස් වෙන්නේ නැහැ කියා හිතන් ඉන්න නිසයි.
සනත් Sunday, 14 October 2018 06:56 PM
කොරියාව හොඳ වැඩියි. උගන්ඩාවට හරි ඉතියෝපියාවට හරි තමයි ගැලපෙන්නේ.
Lanka Martha Sunday, 14 October 2018 10:15 PM
කොරියාවෙත් ගිහෙල්ල බෙරගහල නටාවි.........
maarayaa Monday, 15 October 2018 12:51 AM
වැඩබැරි, නොහැකියාවක් ඇති අයට ලැබෙන තැන, තානාපති. රට නියෝජනය කරන තැන්.
Perakum Monday, 15 October 2018 01:48 AM
ඔව් ඉතින් අපේ රටේ වැරදි කරන ලොකු මිනිස්සුන්ට දෙන උපරිම දඬුවම මේක තමයි. රටින් පිටුවහල් කිරීම...! හොඳ වෙලාවට, විදේශ සේවයේ ඉන්න වෘත්තිකයින්ට, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වගේ මේවට විරුද්ධ වෙන්න තරම් ශක්තියක් නැහැ.
ගලබොඩ ඇත්තේ චමින්ද Monday, 15 October 2018 01:56 AM
පසුගිය රජය කාලේ හිටපු පොලිස්පති වරුන්ට වඩා මොහු හොඳයි. නීතිය ක්‍රියාත්මක කිරීමේදී දේශපාලකයන්ට අවනත නොවී කටයුතු කරනවා. ප්‍රධානම අය කියන විදිහට නීතිය නැමුවා නම් ඔහුට මේ ගැටළු නැහැ. ඔහුගේ අඩුපාඩු ප්‍රශ්නෙකුත් නෙවේ. පූජිතගේ තිබුණ සංදර්ශන අසනීපය නොතිබුනානම් කාටවත් මුකුත් කියන්න බැහැ.ඒක ඉස්සරහට දාලා ඔහුට පහර දෙන එක නොමනා ක්‍රියාවක්. නමුත් අද දේශපාලනයේ මොහුට වඩා නොගැලපෙන අය ඉන්නවා. ඉහළ ඉඳන් පහළටම.
KANDEPOLA Monday, 15 October 2018 03:20 AM
අපේ රටේ විශාල පිරිසක් කොරියාවේ සාර්ථකව සේවයේ නිරත වෙනවා. තමන්ගේ රටේ පොලිස්පති තනතුර ගෞරවාන්විතව දරන්න බැරි පුද්ගලයා කොරියාවේ ගිහින් ඒ මිනිස්සුන්ගේ සේවයටත් කොකා පෙන්නයිද දන්නේ නෑ. දැන් පෙන්නේ නැද්ද කටාර් වලට වෙලා තියෙන දේ.
Senarath Monday, 15 October 2018 03:21 AM
මේ වගේ නිලධාරීන් රටක තානාපති විදියට දමන්න තරම් මෝඩයෝද රට පාලනය කරන්නේ. මේකද යහපාලනය කියන්නේ. මේකෙන් වෙන්නේ අපේ රටේ අහිංසක කොල්ලන්ට කියක් හරි හොයාගන්න තියෙන මාර්ගයත් වැහෙන්න පුළුවන්, එහෙ ගිහිල්ල පිස්සුවක් කරොත්.
HafeelMonday, 15 October 2018 08:12 AM
සෙනරත්, එ්ක තමයි අපේ විදේශ සේවාව සහ ජාත්‍යන්තර සම්බන්ධතාව බිඳ වැටීම... ජනතාව මේක දැනගෙනම තමයි හිටියේ... බලයට පත්වෙන හැම ආණ්ඩුවෙන්ම කළේ මේ වැරැද්ද...
Sathya Monday, 15 October 2018 03:30 AM
කොරියාවේ තියෙන රස්සා ටිකත් නැතිකරගන්න වැඩක් වෙයිද දන්නේ නෑ.
lakmal Monday, 15 October 2018 04:12 AM
මේ රට හැදෙන්නේ නේ, ඔබ තුමා යන තැනක නිදහසේ ඉන්න ............ දෙවි පිහිටයි..
kandage Monday, 15 October 2018 05:07 AM
පොලිස්පති කමට නුසුදුසු නම් තානාපතිකමට සුදුසුද?
indra Monday, 15 October 2018 05:16 AM
ලංකාවේ වගකීම හරියටම කරපු නිසා තවත් සැප පුටුවක් දීම සුදුසුයි ?
Jayarathna P Monday, 15 October 2018 06:19 AM
බැරිද විශ්‍රාම ගන්වලා ලංකාවේම පිනක් දහමක් කරගෙන ඉන්න දෙන්න? එතුමා ඉතින් පින්දහම් කටයුතුවලට හරි කැමතියිනේ..
jana Monday, 15 October 2018 06:22 AM
ලංකාවේ අපකීර්තිමත් කම සුදුසුකමක් නේ විදේශ සේවයට. රටකට ගිය කල. අසාර්ථක පාලකයෝ සහ නායකයෝ ගෙදර යවනවා වෙනුවට කරන වැඩ. හේතුව, ඉහලින් ඉන්න ඈයෝ එපමනකටවත් අධ්‍යාපනයක් ලබා නොමැති කම.
prabha Monday, 15 October 2018 06:29 AM
දකුණු කොරියාවද උතුරු කොරියාවද ?