පොලිස්පතිවරයා ඉවත් කිරීමේ විශාල වුවමනාවක් ජනාධිපතිවරයාට තිබුණත් ඊට එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය නොලැබුණු බව නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි.
ඔහු මේ බව පැවසුවේ ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.
“ජනාධිපතිවරවා ඝාතන කුමන්ත්‍රණයක් ගැන වාර්තා වුණාා. මේ ගැන ජනාධිපතිට තොරතුරු රැසක් ලැබුණා. ඒවා මේ වෙලාවේ හෙලි කරන්න බෑ. මේ ගැන මොනවත් නොවෙද්දි ජනාධිපතිවරයාට බියක් හා කණස්සල්ලක් දැනෙන්න ඇති. “ යැයි ද නිමල් සිරිපාල මහතා පැවසීය.
“තිබූ යහපාල ආණ්ඩුවට වඩා යහපාලන ආණ්ඩුවක් ඇති කිරීමටයි අපිට අවශ්‍ය.” යැයි ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු දහයක් කෙරුවේ... ඒක යාහපාලනයක් නෙවෙයි. යමපාලනයක්... අම්මලා, තාත්තලා, පුතාලා, බාප්පලා මහප්පලා එක්වෙලා රට අමු සොහොනක් කරයි.
අවුරුදු දහයක් කෙරුවේ ඒක යාහාපාලනයක් නොවෙයි.. යම පාලනයක්..,
නින්දෙන් ඇහැරුන ගමනද කොහේදෝ මේ දොඩවන්නේ. "යහපාල ආණ්ඩුවට වඩා යහපාලන ආණ්ඩුවක් ඇති කිරීමට" හොරු, මිනීමරුවෝ කියලා චෝදනා කරපු කට්ටිය එක්කද හිතාගෙන ඉන්නේ? මෙතන සිද්ධ වුනේ එහෙම දෙයක් නොවේ. කට්ටියක් කරපු වැරදිවලින් බේරෙන්න අටවපු උගුලකට තව කට්ටියක් අහුවීමක්. අයිය මලෝලාට බලය අහුවුණාම පෙන්වයි ඔය බලාගෙන ඉන්න "යහපාලනයේ" තරම මදි නොකියන්න.
අනේ ඔයාලගේ යහපාලනේ.. යන්න... ගිහින් නිදාගන්න.
වහෙන් ඔරෝ නැතුව කෙලින්ම කියන්නකෝ... දැන් මිනිහ එලවන්නද යන්නේ?