මැනිලා නුවර ඇතුළුව පිලිපීනයේ බොහෝ ප්‍රදේශවල සරම්ප රෝගය වසංගත තත්ත්වයෙන් ව්‍යාප්ත වෙමින් ඇතැයි වාර්තා වේ.
ජනවාරි මාසයේදී රෝගින් 1813ක් හා මරණ 26ක් වාර්තා වී ඇති අතර මෙය 2018ට වර්ෂයට වඩා සියයට 74ක වැඩිවීමක් බව බලධාරීහු පවසති.
කැස්ස හා කිවිසීම මගින් බෝවන රෝගයක් වන සරම්ප ළමයින්ට හා ළදරුවන්ට මාරාන්තික වේ.
මැනිලා හා ලූසන් නගර වලට පනවා තිබූ වසංගත තත්ත්වය පිලිපීනයේ අනෙක් ප්‍රදේශ කරා දීර්ඝ කිරීමට බලධාරීන්ට සිදුවූයේ රෝගීන් වාර්තා වීම වැඩි වූ හෙයිනි.
ප්‍රතිශක්තීකරණ ක්‍රියාදාමයක් පවත්වාගෙන යන නමුත් දරුවන් මිලියන 2.4ක් එන්නත් ලබාගෙන නැතැයි සෞඛ්‍ය බලධාරීහු වාර්තා කරති.
(බීබීසී ඇසුරිනි - 085)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පිලිපීනයේ සරම්ප පැතිරෙයි
nihal c k Thursday, 07 February 2019 12:37 PM
එහෙනම් ඉන්දියාවටත් බෝ වෙයි පිලිපීනෙ ගම්මිරිස්නේ ලංකාවේ කියල ඉන්දියාවට අපනයනය කරන්නේ
කර්තෘ Thursday, 07 February 2019 09:27 PM
ගම්මිරිස් එන්නේ වියට්නාමයෙන්.පිලිපීනයෙන් නොවෙයි.අදහස් දක්වනවිට සත්‍ය අදහසම දක්වන්න.මේ අන්තිම අවස්ථාවයි.ස්තුතියි.