IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


‘‘ප්‍රවාහන සේවයට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරනවා‘‘

(රංජිත් රාජපක්ෂ)                       

ප්‍රවාහන සේවයට ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී රත්නායක මහතා පැවසීය.

රටේ මහ මාර්ග තදබදය අවම කිරීමට , දුම්රිය ප්‍රවාහනය දියුණු කිරීමට ජනතාවගේ දායකත්වයද ලබා ගන්නා බව සී.බී.රත්නායක රාජ්‍ය අමාත්‍යයවරයා පැවසීය.

කෙටි කාලීන , මාධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලසුම් යටතේ ප්‍රවාහන සේවය දියුණු කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කියා සිටියේය.

කෙටි කාලීන ගැටළුව වශයෙන් දුම්රිය ප්‍රමාදයට විසඳුම් ලබා ගන්නා බවත් සෑම සතියකම අගහරුවාද දින සියළුම දුම්රිය බලධරීන් කැඳවා දුම්රිය ප්‍රමාදයට කරුණු සොයා බලන බවත් අමාත්‍යයවරයා කීය.

තවද දුම්රිය තුළ තිබෙන අපිරිසිදුතාවය ගැන විශේෂ සැලකිල්ලක් දක්වන බවත් දැනට පවතින දුම්රිය මාර්ග දෙක වෙනුවට දුම්රිය මාර්ග හතරක් ඉදිකර දුම්රිය සේවය ගුණාත්මක ජනතා සේවයක් බවට පත් කිරීම සඳහා නව දුම්රිය සේවකයින් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා පැවසීය.

නව රජයක් පත්වීමේදී එම රජයේ අමාත්‍යවරයාට අවශ්‍යය පරිදි මගි ප්‍රවාහන සේවය වෙනස් කිරීමට නොහැකි ආකාරයට ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් ගෙන ඒමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.

 



අදහස් (5)

‘‘ප්‍රවාහන සේවයට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරනවා‘‘

ධම්ම Tuesday, 11 February 2020 02:03 PM

ආපු ගමන් කවුරුකවුරුත් ජාතික ප්‍රතිපත්ති, ප්‍රඥප්ති ගැන කතා කරනවා අප ඕනෑතරම් අහලා තියෙනවා. හැබැයි දැකලා නැහැ.

:       0       3

Wicky Wednesday, 12 February 2020 02:27 AM

දුම්රිය ප්‍රමාදය හැමදාම වෙනවනේ. අහන්නේ මොනවද? මෙයාලට කාර්යක්‍ෂමව වැඩ කරන්න කියන්න.

:       0       1

kamalWednesday, 12 February 2020 09:25 AM

දුම්රිය ප්‍රමාදය ගැන කරුණු දක්වන්න එන්නේ දුම්රියෙන්ද...?

:       0       1

Ajith Wednesday, 12 February 2020 04:18 AM

නව රජය පත්වී මාස 03ක පමණ කාලයක් ගතවී ඇති නමුත් නියමිත වේලාවට දුම්රියක් ධාවනය කරවගන්න බැරිව ඉන්න ඔබතුමා ජාතික ප්‍රතිපත්තියක් ගැන කතාකිරීම හාස්‍යයට කරුණක්. සියල්ලට පෙර දුම්රිය හැකිනම් නියමිත වේලාවට ධාවනය කර පෙන්වන්න.

:       0       9

de Friday, 14 February 2020 04:04 PM

මෙයා මේ පාර ගෙදර යන කෙනෙක්. ඔය අන්තිම කතා අහන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 110 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 954 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2555 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site