(තිලකරත්න දිසානායක)
දිවයිනෙහි විවිධ ප්‍රදේශවල පන්සල්වලින් පිං කැට සහ පිත්තල භාණ්ඩ සොරාගත් ගත් බව කියන යුවළක් අත් අඩංගුවට ගත්බව යක්කල පොලීසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 41 සහ 40 වයස්වල පසුවන යුවළකි.
ගම්පහ, බැලුම්මහර බෝධිය අසල සැක සහිත අන්දමින් රැදී සිට ඇති යුවලක් පරීක්ෂාවට ලක් කිරීමේදී පිරිමි පුද්ගලයා කරේ එල්ලාගෙන සිටි බෑගය තුල සිල්ලර කාසි තොගයක් තිබූ බැවින් දෙදෙනාගෙන් සිදු කළ
ප්‍රශ්න කිරීම් හමුවේ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.
ඒ අනුව යුවල අත් අඩංගුවට ගෙන ඔවුන් රැදී සිටින මිනුවන්ගොඩ ප්රිදේශයේ කුලී නිවස පරීක්ෂා කළ අවස්ථාවේ රුපියල් 40,000 ක් පමණ වන රුපියල් 100 , රුපියල් 50 , 20 රුපියල් 10 වැනි මුදල් නෝට්ටුද , කාසි තොගයක් සහ පිත්තල පහන් ආදිය තිබූ බැවින් සිදු කළ වැඩිදුර ප්ර්ශ්ණ කිරීම් හමුවේ හෙලිව ඇත්තේ මොවුන් දෙදෙනා පංසල් කිහිපයකින්ම පිං කැට සොරාගත් බවත්ය.
කඩවත සහ ඉහළ ඉඹුල්ගොඩ ප්රගදේශයන්හි පදිංචි මෙම යුවල නීත්යාඇනුකූලව විවාහ නොවී ඇති බවත් මෙම තැනැත්තිය කොළඹ ප්රයධාන කාන්තා පාසලකින් අධ්යාමපනය ලබා ඇති බවත් අනාවරණයවී ඇතැයි පොලීසිය පවසයි.
මොවුන් දෙදෙනා කලක පටන් පිං කැට සොරා ගැනීම සිදු කොට ඇති බවත් කලකට පෙර ඇල්ල ප්රාදේශයේ පංසලකින් මුදල් සොරා ගැනීම මත ඇල්ල පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට ඇති බවත් හෙලිව ඇත.
මොවුන් දෙදෙනා විසින් යක්කල පොලිස් බල ප්රතදේශයට අයත් ගොඩගෙදර උත්තරමූල විහාරයේ සහ යක්කල සිරිවර්ධනාරාමයේත් , ගණේමුල්ල වේවැල්ලාගාර බුදුපිළිමය හන්දියේත් පිං කැට කඩා මුදල් සොරා ගැනීම සහ පිත්තල පහන් ආදිය සොරා ගැනීම සිදු කොට ඇති බව අනාවරණය වූ බවත් පොලීසිය කියයි.
මේ සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී අතුකෝරල සහ යක්කල පොලිස්ථානාධිපති ප්ර ධාන පොලිස් පරීක්ෂරක සිතාර කරුණාරත්න යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ යක්කල අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සැරයන් ( 58801) ප්‍රියන්ත අමරදිවාකර මහතාගේ මෙහෙයවීම මත සැරයන් (55465) නිහාල්, කොස්තාපල්වරුන් වන බුද්ධික ( 38926), ගලහිටියාව ( 83741) සහ රවීන්ද්‍ර (16410) යන නිලධාරීන් පරීක්ෂණ සිදු කොට ඇති අතර සැකකරු සහ සැකකාරිය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.
සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත
සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්
වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පන්සල්වල පිත්තල බඩු ඉස්සූ ජෝඩුවක් මාට්ටු